දියණිය මවගේ ප්‍රචාරක වැඩ බාර ගනී

gjksz
උතුරු කොරියාවෙන් ප්‍රතිඥාවක්
October 6, 2017
hkjkg
සූ චීට එක්සත් ජාතීන්ගෙන් නැවතත් ඉල්ලීමක්
October 6, 2017
Show all

දියණිය මවගේ ප්‍රචාරක වැඩ බාර ගනී

kfg

පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ දියණිය මාරියම් නවාස් දේශපාලනයට පිවිස ඇති බවට තොරතුරු වාර්තා වේ. ඇය පසුගිය සතියේ රැස්වීමක් ඇමතීම සඳහා වේදිකාව වෙත පිවිසීමේදී එහි රැස්ව සිටි පිරිස ‘සිංහයා ඇවිල්ලා’ යැයි හඩ නැගූ බව පැවසේ. නමුත් ඇය මින් පෙර කිසි දිනෙක පකිස්ථාන දේශපාලනය තුළ කිසිදු පදවියක් දරා නොමැත.
ඔවුන්ගේ පවුලේ විදේශීය වත්කම් පිළිබඳව නැගුනු ප්‍රශ්නයේදී ඇය පකිස්ථානය තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද වර්තමානය වන විට කතා බහට ලක් වූ චරිතයකි. නමුත් ඒ පිළිබඳව පැවති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හමුවේ නවාස් ෂරීෆ්ට සිය පදවිය අහිමි විය. ඔහුගේ පදවිය අහෝසි වීමත් සමග ලාහෝර් නගරයේ NA – 120 ඡන්ද කොට්ඨාසයේ මන්ත්‍රී පදවිය හිස් වන අතර, එහි පුරප්පාඩුව පිරවීම සඳහා ඔහුගේ බිරිඳ ඉදිරිපත් වේ.
නමුත් ඇය මේ වන විට පිළිකා රෝගයකට ගොදුරු වී සිටියි. එබැවින් මැතිවරණ ප්‍රචාරක වැඩකටයුතු සිදු කිරීමේ අරමුණින් ෂරීෆ්ගේ දියණිය වේදිකාවන්හිදී පෙනී සිටියි. නවාස් ෂරීෆ් අගමැති පදවිය දැරීමට නුසුදුසු යැයි අධිකරණය තීන්දු කළත්, මාරියම් නවාස්ගේ ඉලක්කය වී ඇත්තේ සිය පියා සම්බන්ධ මහජන තීන්දුව කුමක්ද යන්න ඉදිරි අතුරු මැතිවරණය මගින් ප්‍රදර්ශනය කිරීම බව හෙළි වේ.
තවද ඇයට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාරියම් නවාස් ප්‍රකාශ කරනුයේ මෙය ඉලක්ක කොට එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙසය. නමුත් එම කුමන්ත්‍රණය පිටුපස කවුරුන් සිටින්නේද යන්න පිළිබඳව ඇය පැහැදිලිව සඳහන් කර නොමැත.


ධනංජය සූරියබණ්ඩාර