මුළු සේසතම රැජිනට දුන් මිනිස්සු

hkjkg
සූ චීට එක්සත් ජාතීන්ගෙන් නැවතත් ඉල්ලීමක්
October 6, 2017
yjdf
නුඹලාගේ කාලය අවසන්ය
October 6, 2017
Show all

මුළු සේසතම රැජිනට දුන් මිනිස්සු

gjb

ලෝකය ඛෙදාගැනීමේ නොනිමි ආසාවෙන් පෙළුණු බටහිර ජාතින්, ආසියාව ලතින් ඇමෙරිකාව අප්‍රිකාව ඕස්ට්‍රේලියානු කලාපය ඇතුලු සකල විධ ලෝකයම බියෙන් සන්ත්‍රාසයට පත් කරමින් ඛෙලහීන යයි ඔවුන් විසින්ම නිගමනය කළ අවිහිංසාවාදී ජාතීන් විසු රටවල් ආක්‍රමණය කළේය. වසර සිය ගණනාවක් නොකඩවා ඔවුන් විසින් දියත්කළ එකී උත්සාහයන් වර්තමානය දක්වාම විවිධාකාර ප්‍රයෝග යොදවමින් ක්‍රියාවට නගයි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ සංගමය වැනි ධනේශ්වර ආයතන තනන්නේද එම වැඩ පිළිවෙළ මානුෂීය මුහුණුවරකින් පැමිණ පරිධියේ රටවල් යටත් කර පාලනය කිරීමටය.
බටහිර ආක්‍රමණිකයන් අතරින් වඩාත්ම කෘර පාලකයා කවරෙක්ද යන්න සසඳා බැලීමට පවා නොහැකි ලෙස ඔවුන්ගේ මිලේච්ඡත්වය ඔඩු දුවා තිබුණි. ආසියාවේ බල කේන්ද්‍රය තහවුරු කරගත් ඉංග්‍රීසින් විසින් ඉන්දියාව, බුරුමය, ඇතුළු රටවල් ගණනාවක තමන්ගේ බල පරාක්‍රමය උණ්ඩයේ බලයෙන් ක්‍රියාවට නැගීය. අවසානයේ මේ සෑම රටකම විසූ ප්‍රභූ පැලැන්තිය තමන්ගේ පුද්ගලික පරමාර්ථ සපල කරගැනීමට අධිරාජ්‍යවාදීන්ගේ දෙපා මුල දනින් වැටී සියල්ල පාවාදී, බ්‍රිතාන්‍ය කිරීටයට සියලු දේ තීරණය කිරීමේ වරමද ලබා දුන්නේය.
අධිරාජ්‍යවාදීන්ගේ ආසියානු සුරාකෑමේ ඉතාමත්ම ඛේදනීය අද්දැකීම් විඳි රටක් ලෙස ඉන්දියාව හැඳින්විය හැක. 1860 දශකයේ ඉන්දියාවේ බත බුලතින් සරුසාර කලාපය බවට පත්ව තිබුනේ මදුරාසිය, බැන්ගලෝරය, හයිද්‍රාබාත්, මයිසුරය ඇතුළු ප්‍රදේශයන්ය. මෙම ප්‍රදේශයන්හි සිටි සමස්ත ජනගහනය ලෙස 5,850,000ක් බව වාර්තා වේ. ඩෙකෑන් සානුව මත පිහිටා තිබුණු වර්ග කිමී 670,000 යුත් මෙම කලාපය ඉතාමත් සරුසාර තිරිගු අස්වැන්නක් නිරන්තරයෙන්ම ලබාගත් අතර, එම අස්වැන්න අනෙකුත් ප්‍රාන්ත වල ජීවත් වූ බොහෝ ඉන්දියානුවන්ගේද බඩගින්න නිවාලන ලදී.
මෙම සාර්ථකත්වය දෙස කුහක ඇසින් බැලු එවකට ඉන්දියාව පාලනය කළ යුව අධිරාජයා වූ ලිටන් සාමිවරයා විසින් අපූරු තීන්දුවකට එළඹුණි. මෙම කලාපය පෝෂණය කළ වාරිමාර්ග පද්ධතිය විටෙන් විට අවහිර කරන ලදී. ඉන් පසුව ජනතාව වෙත ලැබුණු සුභසාධන ක්‍රමයෙන් කප්පාදුවට ලක් කරන ලදී. මේ සියල්ලම ක්‍රියාත්මක වුයේ 1876 සිට 1878 දක්වා ඇති වූ මහා සාගතයත් සමගය. එම කාල වකවානුව තුළ තිබුණු අතිරික්ත තිරිගු අස්වැන්න වූ ටොන් 320,000ක් ඔහු විසින් බ්‍රිතාන්‍යට නැව් ගත කරන ලදී. ලිටන් සාමිවරයා ගේ ඒකායන බලාපොරොත්තුව වූයේ ලෝකයේ කුමන හෝ රටක තිරිගු වගාකොට නැවත එම අස්වැන්න ඉන්දියාවේ වෙළඳපළට නිකුත් කර අසීමිත ලාභයක් වික්ටෝරියා රැජිනගේ පාලනයට එකතු කර දීමය. ඉංග්‍රීසි පාලකයන්ගේ කෘෘරකම් මත එම සාගත අවදියේදී මිය ගිය සමස්ත ජනගහනය මිලියන 5, 5 කි. 1875 දී මෙම සාගතය මෝදුවීමත් සමගම බුරුමයෙන් සහල් ආනයනය කළ අතර, එයද ඛෙංගාල ආණ්ඩුකාරවරයා වූ රිචඩ් ටෙම්පල්ගේ අණින් නතර විය. එයද මෙම ව්‍යසනය වඩාත් තීව්‍ර කිරීමට බලපෑ බව වාර්තා වේ.


මාලන් කබලාන