වකුගඩු රෝගීන්ට මරු පහරක්

jklgh
ඇමති චම්පිකට කොට්ටාවේදී විරෝධය
October 6, 2017
fhyj
කැලණි ගඟ රැකීමට තරගාවලියක්
October 6, 2017
Show all

වකුගඩු රෝගීන්ට මරු පහරක්

klkffv

රජරට වියළි කලාපයේ ජනතාව දීර්ඝ කාලයක් පීඩා විඳින හා දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති උතුරු මැද පළාතේ හඳුනා නොගත් වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු පෙරන යන්ත්‍ර 40 කට වැඩි සංඛ්‍යාවක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන විනාශවෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වේ.
පුහුණු වෛද්‍යවරුන් හා හෙදියන් නොමැතිකමෙන් එකක් ලක්ෂ 25 ක් වටිනා මෙම යන්ත්‍ර මැදවච්චිය, පදවිය, මැදිරිගිරිය, තඹුත්තේගම, කැබිතිගොල්ලෑව යන රජයේ රෝහල්වල විනාශවීමට ඉඩහැර ඇත. මෙම යන්ත්‍ර සැපයු සමාගමේ වගකීම් කාලයද ඉක්මවා ගොස් ඇති තත්ත්වය තුළ හා ඒවා යළි පරිහරණය සඳහා යළි සේවාවන් කිරීමට පුහුණු ශ්‍රමිකයන් නොමැතිව විනාශ වී යාම නොවැලක්විය හැකි බව තාක්ෂණවේදීන් පෙන්වා දෙති.
උතුරු මැද පළාතේ සීඝ්‍රයෙන් පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගීන්ට මෙම තත්ත්වය තුළ අනුරාධපුරය රෝහලේ වකුගඩු රෝග ඒකකයේ දැඩි තදබදයකට මුහුණපෑමට සිදුව ඇති අතර දුරබැහැර සිට පැමිණෙන රෝගීන්ට අමතර විශාල වියදමක් දැරීමට සිදුවීමෙන් ඔවුන් තවදුරටත් අසරණ වී සිටිති.
උතුරු මැද පළාතේ මේ වන විට වකුගඩු රෝගීන් දස දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිඛෙන අතර, 2016 වර්ෂයේ පුද්ගලයන් 298ක් හා 2017 වර්ෂයේ මේ වන විට පුද්ගලයන් 132ක් වකුගඩු රෝගය හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත වාර්තා සඳහන් කරයි.


වසන්ත මොහොට්ටාල