සාධාරණය ඉල්ලන හම්බන්තොට වරාය සේවකයෝ

lggh
මහින්දගේ පාපෝච්චාරණය සහ වීරතුංගගේ කනට රහසක් කියූ කුමාරොදයේ වලසා
October 6, 2017
jklgh
ඇමති චම්පිකට කොට්ටාවේදී විරෝධය
October 6, 2017
Show all

සාධාරණය ඉල්ලන හම්බන්තොට වරාය සේවකයෝ

dgfj

හම්බන්තොට වරාය සේවක සටන කියලා කියන්නේ අද වෙනකොට කම්කරු සටන් ව්‍යාපාරය තුළ දැඩි අවධානයට ලක්වී ඇති සටනක්. සේවකයන් 467 දෙනෙකුගේ රැකියා අවිනිශ්චිතභාවයකට පත්කරමින් හා ඔවුන්ගේ පවුල්වල අනාගතය ප්‍රශ්නාර්ථයක් බවට පත්කරමින් ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට බදු දෙන්න කටයුතු කරලා තිඛෙනවා. ආණ්ඩුව හා චීනය අතර ඇතිකරගෙන ඇති ගිවිසුම තුළ මේ සේවකයන්ට මොකද වෙන්නේ කියලා කිසිඳු සඳහනක් කරලා නැහැ. චීනය පාර්ශ්වයෙන් සේවකයන් නොමැතිව වරාය පමණක් භාරගැනීමට එකඟතාවය පළකර තිඛෙන තත්ත්වයක් තුළයි මේ ගැටළුව පැනනැගී ඇත්තේ.
කෙසේ නමුත් මේ සේවකයන්ගේ ගැටළුවට ආණ්ඩුව වහාම පිළිතුරක් ලබාදිය යුතුයි. එසේම මෙම සේවකයන්ගේ පත්වීම් ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඍජුවම නොවීමද මෙම ගැටළු උග්‍ර කිරීමට හේතු වූ කරුණක් බව පෙනී යයි. පසුගිය පාලන සමයේදී ගොඩනගන ලද වෙනත් පුද්ගලික සමාගමක් හරහා මෙම සේවක පිරිස වෙත පත්වීම් ලබාදී මාගම්පුර වරායට අනුයුක්ත කොට ඇත.
තමන්ගේ පටු දේශපාලන හා ආර්ථීක වුවමනාවන් වෙනුවෙන් රටේ වැඩකරන ජනයාගේ ජීවිත බිල්ලට දීම කිසිඳු පාලකයෙකුට හෝ රජයකට තරම් නොවන බව අපි තරයේම විශ්වාස කරමු. එසේම කොතැනක හෝ සිදුවන සාධාරණ අරගලයක් වෙනුවෙන් ‘ලංකා’ අපි කොන්දේසි විරහිතව පෙනී සිටිමු. එසේම තනි තනි වැඩබිම් තුළ වෙන්ම සේවය කළද එක්ව සටන් කිරීම තුළින් වඩාත් විශාල ජයග්‍රහණයක් අත්පත් කරගත හැකි බව ඉතිහාසය තුළ, කම්කරු සටන් ව්‍යාපාරය තුළ ඕනෑවටත් වඩා ඔප්පු වී ඇත්තේය. ඒ නිසා දැන් මේ සටන ද හුදු මාගම්පුර වරාය සේවක සටනකින් මිදී කම්කරු අරගලයේම කොටසක් බවට පත්විය යුතුය. ඒ සඳහා ඔවුන් වෙනත් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරමින් තම සටන මුවහත් කරගැනීමට වෙර දරන්නේ ඒ නිසාමය. මේ ඒ සටනේ නියමුවන් කිහිපදෙනෙකුගේ අදහස්ය.

අපි ඉල්ලන්නෙ අපේ සේවය සුරක්ෂිත කරලා දෙන්න කියලයි

මයුර උදයංග (මාගම්පුර වරාය සේවක සංගමයේ කැඳවුම්කරු)

අපි හම්බන්තොට වරාය විකුණනවට මුල ඉඳලම විරුද්ධව හිටියා. අර්ජුන ඇමතිවරයාගේ කාලෙත් අපි දින 09ක් ලොකු සටනක් කළා. වරාය විකිණීමේ ප්‍රතිඵලයක් විදිහට සේවකයන් හාරසිය හැට හත් දෙනෙක්ගේ රැකියා මේ වෙනකොට අවදානමකට ලක් වෙලා. විෂය භාර ඇමතිවරයා වෙනස් වුණාට පස්සෙත් අපි සාකච්ඡා වට කිහිපයක්ම කළා. ඒත් ඒ කිසිවක් පිළිබඳ සලකා බලන්නෙ නැතිව අවසානයේ ගිවිසුම අත්සන් කළා. කම්කරු ඇමතිවරයාත් කියනවා මේ ඇතිවෙලා තියෙන තත්ත්වයේ ගැටළුවක් තියෙනවා කියලා. ඒ තත්ත්වය ගැන මේ වෙනකොට අපි ලිපි හතකින් ඇමතිවරයාව දැනුම්වත් කරලා තිඛෙනවා. වරාය අධිකාරියේ සභාපතිවරයා සමගත් සාකච්ඡා කරලා තිඛෙනවා. ඒත් මේ වෙනකම් අපිට ස්ථීර විසඳුමක් ලැබිල නැහැ. නමුත් මාධ්‍ය වලින් අපි දකිනවා ලබන පළමුවෙනිදා සිට චීන සමාගම හම්බන්තොට වරායට එනවා කියලා. නමුත් චීන සමාගම දැනටමත් කියලා තියෙන්නේ කිසිම සේවකයෙක්ව ඔවුන් සේවයට ගන්නේ නැහැ කියලා. ඒ නිසා ඉදිරියේදී ඒ චීන සමාගම් වල නියෝජිතයෝ එන විට අපි මේකට විරෝධය පළ කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම වරාය අධිකාරියත් කියන්නේ මේ තත්ත්වය ඇතුලේ සේවකයන් භාරගන්න බැහැ කියලා. ඒ නිසා තාමත් අපිට නිශ්චිත විසඳුමක් ලැබිලා නැහැ. එක්කෝ සේවකයන්ට වන්දි මුදලක් ලබාදිය යුතුයි. නැත්නම් වරාය අධිකාරියට බඳවාගත යුතුයි. අපි ඉල්ලන්නේ අපේ සේවය සුරක්ෂිත කරලා දෙන්න කියලයි.
මේ සතිය වන විට පිළිතුරක් නොලැබුණොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග වලට යනවා කියලා අපි ආණ්ඩුවට කියලයි තියෙන්නෙ. කොහොම වුණත් අපි විශ්වාස කරනවා ඇමතිවරයා අපිට උත්තරයක් දෙයි කියලා. නොදුන්නොත් අපි අපේ පවුල් වල උදවියත් එක්කම මේ සටන කරනවා. ඒ වගේම ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා එක්කත් සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රද්ශයේ ඉන්න සියලුම භික්ෂූන් වහන්සේලාත් එකඟ වෙලා තියෙනවා අපේ අයිතීන් දිනා ගන්න සටනට උපරිම සහයෝගය ලබා දෙන්න. එහෙම උත්තරයක් නොලැබුණොත් අපි සියළු දෙනා අරගල කරලා අපේ අයිතීන් දිනා ගන්නවා. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොටත් අපි තවත් වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරලා තියෙනවා. තවත් වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා මේ ප්‍රශ්නයට ඔවුන්ගේ මැදිහත්වීම ලබා ගන්න පුළුවන් කොහොමද කියන එක ගැන.
අපි ජනාධිපතිවරයා සමඟත් සාකච්ඡාවක් ඉල්ලලා තියෙනවා. ඒත් තාම ලැබුණේ නැහැ. කොහොම වුණත් අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ගැටළුවට විසඳුමක් නොදුන්නොත් ඇතිවන විරෝධතා නිසා චීනය සමඟ ඇතිකරගෙන තිඛෙන ගිවිසුමට අනුව වැඩකරන්න බැරිවෙන්න පුළුවන් කියන එක.

ඉදිරියේදී සියලුම වෘත්තීය සමිති සමඟ සටන ඉදිරියට ගෙනියනවා

අයි.කේ. ඔමේෂ් (මාගම්පුර වරාය සේවක සංගමයේ ප්‍රචාරක ලේකම්)

මාගම්පුර වරාය සේවාස්ථ පුහුණුවට කියලා වසර තුනක පුහුණුවක් සඳහා අපිව බඳවා ගත්තේ දෙදහස් දොළහේ අප්‍රේල් තිස් වැනිදායි. ඒ වරාය අධිකාරියට. වරාය අධිකාරියෙන්ම සම්මුඛ පරීක්ෂණ කැඳවලයි ගත්තේ. මාසෙකට රුපියල් දහ දාහක දීමනාවකට. ඒ අතරේ මාගම්පුර වරායේ වැඩ ආරම්භ කරනවා. එතකොට වරාය අධිකාරියේ සේවාස්ථ පුහුණුවේ ඉන්න අපි හම්බන්තොටට ඇවිත් වැඩ ආරම්භ කරනවා. ඒ වරාය අධිකාරියේ සේවාස්ථ පුහුණුවේ නියුතු ශ්‍රමිකයන් විදිහටයි. දෙදහස් දහතුනේ නොවැම්බර් පළමුවෙනිදා වරාය අධිකාරිය සතු පූර්ණ රාජ්‍ය සමාගමක් හදනවා. ඒ මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගම කියලා. ආයතනයේ 100%ක්
කොටස් හිමිකාරීත්වය තියෙන්නේ වරාය අදිකාරියටයි. සේවාස්ථ පුහුණුවේ හිටපු සියලු දෙනාම හම්බන්තොට වරායට දාලා ඒ සමාගම මගින් පත්වීමක් ලබා දෙනවා.
නමුත් දැන් රජයෙන් තීරණයක් අරගෙන හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීලා තියෙනවා. එතකොට අපිව පත් කරල තිඛෙන ආයතනය සමග ඇති ගිවිසුම අවලංගු වෙනවා. වරාය ගිවිසුමට අනුව සේවකයන් බඳවා ගැනීම කරන්නෙ චීන සමාගම. ඒකත් සම්මුඛ පරීක්ෂණ කැඳවලා. නමුත් මේ වෙනකොට හාරසිය හැට හතක් පමණ වන අපි ඔක්කොම බැංකු ණය අරන් තිඛෙන්නෙ. ලක්ෂ තිහ දක්වා. එතකොට අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා.
ඒ නිසා අපි මේකෙදි කරන යෝජනාව තමයි අපේ මව් සමාගම වන වරාය අධිකාරියට මේ ඉන්න හාරසිය හැට හත බඳවා ගන්න කියන එක. එහෙම බැරිනම් වන්දියක් ගෙවලා හෙට දවසේ ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් හදල දෙන්න කියල ඉල්ලනවා.


නිපුණා සාරංගි