සූ චීට එක්සත් ජාතීන්ගෙන් නැවතත් ඉල්ලීමක්

kfg
දියණිය මවගේ ප්‍රචාරක වැඩ බාර ගනී
October 6, 2017
gjb
මුළු සේසතම රැජිනට දුන් මිනිස්සු
October 6, 2017
Show all

සූ චීට එක්සත් ජාතීන්ගෙන් නැවතත් ඉල්ලීමක්

hkjkg

රෝහින්ග්‍යා වැසියන් ලක්ෂ ගණනකට බංග්ලාදේශය වෙත පළා යාමට බල කෙරුණු හමුදා මෙහෙයුම අවසන් කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සුචීගෙන් නැවතත් ඉල්ලා ඇතැයි වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරස් බීබීසී වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඇය දැන්වත් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකළහොත් ‘ඇතිව තිඛෙන ඛේදවාචකය තවත් භයානක විය හැකි’ බවය. හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ දැන් පවතින තත්ත්වය මේ මොහොතේ ආපසු හැරවුයේ නැති නම්, මම හිතන්නේ මේ ඛේදවාචකය ඇත්තෙන්ම දරුණු වේවි. අවාසනාවකට අනාගතයේදී මෙම තත්ත්වය ආපසු හරවන විදිහක් ගැන මට පේන්නේ නැහැ’ යනුවෙනි.
හමුදා මෙහෙයුම මගින් ‘වාර්ගික සුද්ධයක්’ විය හැකි බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. තවද එක්සත් ජාතීන්ගේ මහා සභා වාරය මේ සතියේ ආරම්භ වීමට නියමිතය. බීබීසී ‘හාඩ් ටෝක්’ වැඩසටහන සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරස් කියා සිටියේ අවුන් සාන් සුචී පසුගිය අඟහරුවාදා ජාතිය අමතමින් කළ කතාව අතරතුර හමුදා මෙහෙයුම්වලට තිත තැබීම සඳහා ඇයට අවස්ථාවක් තිබූ බවය.
රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට යළි මියන්මාරය බලා පැමිණීමට අවසර ලබා දිය යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා යළි අවධාරණය කළේය. මියන්මාරය තුළ හමුදාවට තවමත් වැඩි බලයක් හිමි බව පැහැදිලි බවත් ඔහු කියා සිටියේය.
හමුදා පාලනය පැවති වකවානුවේ වසර ගණනාවක් නිවාස අඩස්සියේ පසු වූ නොඛෙල් සාම ත්‍යාග ලාභී අවුන් සාන් සුචී රෝහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර නොගන්නා බවට චෝදනාවට ලක්වේ. නමුත් නිව්යෝක් නුවර මීළඟ සතියේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහ සභා වාරයට ඇය මෙවර සහභාගී නොවනු ඇත.
කෙසේ නමුත් අවුන් සාන් සුචී පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ‘රඛයින් ප්‍රාන්තයේ පවතින අර්බුදය සාවද්‍ය තොරුතුරු පැතිර යාම මගින් විකෘති භාවයට පත්ව’ ඇති බවය.
ත්‍රස්තවාදීන්ගේ අභිලාෂයන්ට වාසි සහගත වන අයුරින් පතුරුවා හරින ව්‍යාජ පුවත් (Fake News) මගින් රටේ ප්‍රජා කණ්ඩායම් අතර ගැටුම්කාරී තත්ත්වයක් අවුළුවාලමින් ඇති බව ඇයගේ කාර්යාලය මගින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් විය.


ධනංජය සූරියබණ්ඩාර