2008 ආර්ථීක අවපාතය වසන් කරන ව්‍යාජ යහපාලනය

yjdf
නුඹලාගේ කාලය අවසන්ය
October 6, 2017
hjgjhjgf
තාක්ෂණ නිලධාරීන් සඳහා පරීක්ෂණ
October 6, 2017
Show all

2008 ආර්ථීක අවපාතය වසන් කරන ව්‍යාජ යහපාලනය

hgjkgf

වත්මන් ආණ්ඩුව පසුගිය සන්ධානයේ ණය ගෙවන බව කීය. වරාය අවුරුදු 99ක බද්දකට දී ඇත. මහනුවරත් විකුණා, කළුතර ප්‍රදේශයත් තායිලන්තයට පැවරීමක් ගැන කතා ඇසේ. ණය ගෙවීමට අවසාන දිනයක් නැති බව පැවසේ. එයට පසු ධනපති පන්තියේ කේතුමතී රාජ්‍යය පහළ වේ. ඒ අතර හිටපු මුදල් ඇමති අස් වී තිබේ. තවත් එක් අයකු පන්නා දමා තිබේ. තවත් එක් ඇමතිවරයකුට විශ්වාස භංගයකි. විශ්වාස භංග යෝජනාවලට ගිය කල හිටපු හොරු රෑනේ සෙල්ලම් කියන්නේ එවැනිම කම්බ හොරුය. මොවුන් පිටුපස පවතින්නේ වෙන කිසිවක් නොව 2008 ලෝක ආර්ථීක අවපාතයෙන් අර්බුදගත වූ අධිරාජ්‍යවාදී ධනපති දේශපාලනය ආර්ථීක අර්බුදයයි. අධිරාජ්‍යවාදය අත මොවුන්ගේ ‘රිමෝට්’ එක තිබේ.
අපි ටිකක් ඈතට ගොස් බලමු. ජාත්‍යන්තරයේ වංචා, දූෂණ, අල්ලස, මහා පරිමාණ හොරකම් කෙසේ ද කියා පාකිස්ථාන අගමැති නවාස් ෂෙරීෆ්ගේ දූෂණ නිසා ඔහු තනතුරෙන් ඉවතට ඇද දැමීය. දකුණු කොරියාවේ ජනාධිපතිනියව සිටි පාක් ගුන්ගේට චෝදනා එල්ල වී ඉවත් කර ඇත්තේ එරට ජනතාවයි. බ්‍රසීල ජනාධිපති මිචෙල් ටිමර් අල්ලස් රැගෙන ඇති බවට වාර්තා වේ. පාකිස්ථාන් නව අගමැති ෂහීඩ් අබ්බාස්ට අල්ලස් චෝදනා, ඉම්රාන්ට ලිංගික අපචාර චෝදනා, තායිලන්ත හිටපු අගමැති ෂිනවත්‍රා චෝදනා සමඟ රටෙන් පැන ගොස්ය. ජර්මනියේ චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල්ට චෝදනා. ප්‍රංශයේ නව ජනාධිපති වූ එම්මානුවෙල් මැක්‍රෝන් මේකප්වලට (රූප ලාවන්‍යවලට), කොණ්ඩය සැකසීම්වලට ඩොලර් 39,000ක් වියදම් කර ඇති බව වාර්තා වේ. මාස තුනක් ඇතුළත දිනකට ඇමෙරිකානු ඩොලර් 330කි. පැනමා කළු සල්ලි සිද්ධියේ දී රුසියාවේ පුටින්, හිටපු බි්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, තවත් ජනාධිපතිවරයකු හා ඉන්දීය නළු නිළියන්, ලයනල් මෙසී (පාපන්දු) ආදීන් ඇතුළත්ය. මේවා අතර මේ රටේ ගැහිලි මොනවාද? මේවා ධනපති අධිරාජ්‍යවාදී අර්බුදයේ ප්‍රතිඵලයි. හිටපු විදුලිබල ලේකම් කෙනෙකු ඕස්ටේ්‍රලියාවේ නිවාස මිල දී ගෙන ඇති බව වාර්තා විණි. කිසිත් කි්‍රයාමාර්ගයක් දැනගන්නට නැත.
මහා පරිමාණ ව්‍යාපාරිකයකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරයා මැද පෙරදිග සෞදි අරාබියට ගියේය. ඒ සමඟ කටාර් රාජ්‍යයට සෞදි අරාබිය ඇතුළු රටවල් කීපයකින් සම්බාධක පැනවිණි. එයින් පසු ගියේ ඊශ්‍රායලයටය. පලස්තීන අරගලය තීව්‍ර කෙරෙනු ඇත. දැන් රුසියාවට, ඉරානයට, උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පනවා තිබේ.
රුසියාවේ යුක්‍රේනය ද, උතුරු කොරියාව ද, ඉරානය ද, සිරියාව ද, අළලා අධිරාජ්‍යවාදී යුද්ධය ගෙන ඒමේ සැලසුම් ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ පවතී. එසේම
ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකානු හමුදා සංඛ්‍යාව වැඩි කළේ ය. පාකිස්ථානයට එරෙහිව ඉන්දියාව ඉස්මත්තට ගෙනෙනු ඇත. ට්‍රම්ප්ගේ අවශ්‍යතාවය කුමක් ද? ‘බයි ඇමෙරිකන් – හයර් ඇමෙරිකන්’ (Buy American – Hire American) යන්නය. පැරිස් පරිසර සම්මුතියෙන් ඉවත් විය.එසේම ටෙක්සාස් ‘හාවී’ ජල කඳ කළ විනාශය අතිමහත්ය. ඩොලර් බිලියන (විය හැකියි) 12,500ක අවශ්‍යතාවයට ජනපද පුනර්ජීවයට සහන වන්දි අවශ්‍ය වුවත්, ට්‍රම්ප්ගේ පාලනය ලබා දී ඇත්තේ ඩොලර් මිලියන 590කි. ගෝලීයව ධනපති පාලනයන් එසේය. මේ රටේ ද වෙනසක් නැත. ලෝක ඉන්ධන මිල පහත බැසීම අවුලෙන් අවුලට රටවල් යවා තිබේ. මුම්බායිවල ගොඩනැගිලි කඩාවැටී තිබේ. ජීවිත, රැකියා විනාශය. පාකිස්ථානය, බංග්ලාදේශය ඇඟලුම් ආයතන කඩාවැටී ඇත. දැනුදු පහළට වැටේ. හයිටියේ, ටෙක්සාස්හි වෙනසක් නැත. ලංකාවේ ද පසුගිය දවස්වල සිදු වූයේ එයමය. සූරාකෑම, ලාභය සොයන ධනපති පාලනයේ සහන එම ආකාරයෙනි. මෙන්න තවත් වාර්තාවක්. (‘දිනමිණ’ 22.01.2015) තෙල් මිල දිනෙන් දින පහළට. ලෝක ප්‍රබල ආර්ථීක බලවතුන්ගේ රටවල ආර්ථීක වර්ධනය පසුබෑමකට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අලුත්ම පුරෝකථනය අනුව ගෝලීය ආර්ථීකය පසුබෑමකට ලක්ව තිබේ. 2016දී 0.03%ට අඩු වේ.
තවත් වාර්තාවක්. ගෝලීය ආර්ථීක පසුබෑම හා රටවල අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ලොව පුරා විරැකියාව ඉහළට. ඉදිරි වසර පහ තුළ මිලියන 11කින් වැඩි වේ. 2019 වන විට මිලියන 212ක් වනු ඇත. දැනට පවතින ගෝලීය විරැකියාව මිලියන 201කි. (ජාත්‍යන්තර කම්කරු සංවිධානය) එසේම ඉන්ධන මිල ඉහළ දැමීමට ලෝක වෙළෙඳ පොළේ අදහස වී තිබේ.
මෙය ද සඳහන් කළ යුතුව තිබේ. ලෝකයේ සල්ලිවලින් දෙකෙන් පංගුවක් අයිති ලෝක ජනගහනයෙන් සියයට 01කටය. 2020දී එය සියයට 54ක් දක්වා ඉහළ යනු ඇත. එ.ජා. සංවිධානය (‘මව්බිම’ 22.01.2015).
මේ රටේ ලක්ෂ 13.4ක් දරිද්‍රතා මට්ටමට (Poverty Line) පහළින් සිටිති. (ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව – ‘ලංකාදීප’ 29.08.2017) මෙය ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 9කි. පාසල් ළමයින්ගෙන් සියයට 18ක් මන්දපෝෂණයේ මාධ්‍ය වාර්තා අනුව. ලැඛෙන වාර්තා අනුව අපනයන ආදායම පහළ බැස ඇත. තේ. රබර් කර්මාන්ත කඩාවැටී තිබේ. කිරි නිෂ්පාදනය කඩාවැටීම නිසා කිරි ගොවියන්ගේ උද්ඝෝෂණවලින් ගෙන ඒ. අධ්‍යාපන, සෞඛ්‍යය, ප්‍රවාහණ සියලූම පැතිකඩ අගාධයට ඇද දමමින් යති. වයස 5-17ත් අතර දරුවන් 4,52,661 දෙනෙකු පාසල් යන්නේ නැත. මෙයින් 51,247 දෙනෙකු කිසිදා පාසලකට ගොස් නැත. (ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව – ‘ලංකාදීප’ කතුවැකිය, 15.06.2017). එළවළු, පලතුරු, වී ගොවීන්ගේ තත්ත්වය ඉතා භයානකය. ධනපති යහපාලනය ඉඩම් හා පහසුකම් විදේශීය ආයෝජකයන් අත රැඳවීමට නීති සකසා තිබේ. 2016 වසරේ මේ ධනපති යහපාලනය තුළ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 1.7කින් ඉහළ ගොස් ඇත. ධනපති ඒකාබද්ධය, ධනපති යහපාලනය, මොවුන් මෙහෙයවන ධනපති පන්තිය හා අධිරාජ්‍යවාදය කම්කරු පීඩිතයන් තළා දැමීමේ, බලය ඩැහැ ගැනීමේ බලූ පොරයේ යෙදී සිටිති.
ධනපති යූ.එන්.පී.යේ ඡායාස්ථ පිටපතක් වන ධනපති ශී්‍ර ලංකා නිදහස් පක්ෂය සිය 66 වැනි සම්මේලනය පැවැත්වීය. එය හඳුන්වා ඇත්තේ, ‘ජන බලය හරි අතට’ යනුවෙනි. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත කම්කරු පීඩිතයෝ සිංහල, දෙමළ, මුස්ලිම් හා වතුකරය ඇතුළත්ව අතිමහත් පීඩනයකට ඇද දමා ඇත්තේ මොවුන් හා මොවුන්ගේ ආවතේවකාරයන් ද, ලංකා සමසමාජ පක්ෂය, ශී්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ වෘත්තීය සංවිධානවල පාවා දීම් මතය. එබැවින්, ලක්ෂ සංඛ්‍යාත කම්කරු පීඩිතයන් විසින් නව ආරක දේශපාලන අරගලයක් සඳහා පෙරමුණ ගත යුතුව තිබේ.


සිරිනන්ද සිල්වා