අකිලගේ ගෝලයාට එන්තරවාසියක්

hj,
ත්‍රස්තවාදී පනත යොදා ජනතා මර්දනය ඉහළට
October 10, 2017
xdffvgf
සුනාමි නිවාස 500ක් ජනතාවට දී නෑ
October 10, 2017
Show all

අකිලගේ ගෝලයාට එන්තරවාසියක්

hk,

අධ්‍යාපන සමූපකාර සමිතියේ 2009-2011 ලංකා ගුරුසේවා සංගමයේ පාලන කාලය තුළ එහි ප්‍රධාන සභාපතිවරයා ලෙස කටයුතු කළ තමන් ඇතුළු 15 දෙනෙකුට විරුද්ධව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් සිදු කළ බවට කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙකු වන රෝෂාන් ප්‍රියශාන්ත නැමැත්තා මාධ්‍ය ඔස්සේ සිදු කළ අභූත පැමිණිල්ලට එරෙහිව එම ගුරුවරයාගෙන් රුපියල් මිලියන 05ක් වන්දි ඉල්ලා ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි නීතීඥ සුනිල් වටගල මහතා විසින් එන්තරවාසියක් යවා ඇත.
පසුගිය 10 වන දින මෙම එන්තරවාසිය යවා ඇති අතර දින 14ක් ඇතුළුත අදාළ වන්දි මුදල ලබාදීමට කටයුතු කරන ලෙසත් අදාල අසත්‍ය ප්‍රචාරයන් නිවැරදි කරන ලෙසත් එම ගුරුවරයාට දන්වා ඇති අතර එසේ කිරීමට ඔහු අපොහොසත් වන්නේ නම් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එහි දන්වා ඇත.
පසුගිය අගෝස්තු 18වන දින මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද එම ප්‍රවෘත්තියට අදාළව යම් පැමිණිල්ලක් කර ඇත්දැයි මහින්ද ජයසිංහ මහතා විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් කරන ලද වමිසීමකදී එවැනි පැමිණිල්ලක් බාර නොගත් බවත් එම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බවත් ඔවුන් දන්වා ඇත.
පසුව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ එකී පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද විමසීමකදී ඔහුට ලිඛිතවම දැනුම්දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එවැනි පැමිණිල්ලක් ලැබි නැති බවය.
රෝෂාන් ප්‍රියශාන්ත නැමැත්තා මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් බවත් අදාළ එන්තරවාසිය අනුව කටයුතු නොකරන්නේනම් වහාම නීතය අනුව කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහින්ද ජයසිංහ මහතා පැවසීය.