අස්වූ සභාපති ආණ්ඩුවේ රෙදි ගලවයි!

saim iii
සයිටම් ආයතනයේ මුදල් ජාවාරමක් හෙළි වෙයි
October 10, 2017
xfgjhf gbh
හම්බන්තොට ලේවාය සජිත් ප්‍රේමදාසලා ඉහගෙන කන හැටි
October 10, 2017
Show all

අස්වූ සභාපති ආණ්ඩුවේ රෙදි ගලවයි!

xfghjfv gfh

කෘෂිකර්ම ඇමති, දුමින්ද දිසානායක යටතේ තිඛෙන රාජ්‍ය ආයතන ප්‍රධානීන් වංචා, දූෂණවලට පොළඹවන බව ඉතා පැහැදිලිව චෝදනා කරමින්, කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිව සිටි තුසිත හල්ලොලුව එම තනතුරින් අස් වී ඇත.
පසුගිය 25 වැනි දින සිට එම ඉල්ලා අස්වීම කි්‍රයාත්මක වී ඇති අතර, එහි දී ඇමතිවරයාට යවන ලද ලිපිය මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කර තිබිණි. එම ලිපිය මඟින් ඇමතිවරයාට පැහැදිලිව චෝදනා කර ඇත්තේ, සමාගමේ මුදල් රුපියල් ලක්ෂ 15ක මුදල එම අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක උදේ කෑම සඳහා ලබා දෙන ලෙස ඇමතිවරයා නියෝග කළ බවය. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම තමා ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන නිලධාරී ලලිත් අඹන්වෙල ආදීන් ද එම ගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දී දුමින්ද දිසානායක ඇමතිවරයා එය ගෙවන ලෙස බලපෑම් කළේ යැයි චෝදනා කර තිබේ. ඔහු ඇමතිවරයා වෙත යවන ලද ඉල්ලා අස් වීමේ ලිපියේ දැක්වෙන ඉතා වැදගත් කොටසක් පහත පරිදිය:
‘එලෙස සිදු වූ බලපෑම්වලට යට නොවී හැකි තාක් නිවැරදිව, සෘජුව කටයුතු කිරීමට මම උත්සාහ කළෙමි. එසේ රාජකාරී කරමින් සිටින අතරතුර කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ‘ආහාර ප්‍රවර්ධන මණ්ඩලය’ සංවිධානය කළ ව්‍යාපෘතියක උදෑසන කෑම වේලක වියදම සඳහා රුපියල් පහළොස් ලක්ෂ හත්සිය පනහක මුදලක් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමෙන් ගෙවන ලෙසට මා වෙත ඉල්ලීමක් ඉදිරිපත් විය. නීත්‍යනුකූල නොවන එම ඉල්ලීම අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කළ අවස්ථාවේ අධ්‍යක්ෂවරු තිදෙනෙක් මෙය ප්‍රතික්ෂේප කළහ.’
මේ අතර එම ලිපිය මඟින් වැඩි දුරටත් සඳහන් කර තිඛෙන්නේ ඇමතිවරයා සමීපයේ සිටින පිරිසක් ඔහුව විනාශය කරා ගෙන යමින් සිටින බවය. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ගොඩනැඟිල්ලක් ලබාගෙන මාසික කුලිය රුපියල් ලක්ෂ 240 බැගින් ගෙවමින් අවුරුද්දකට වැඩි කාලයක සිට වසා දමා තිබිණි. මේ පිළිබඳව ජවිපෙ වසන්ත සමරසිංහ පළාත් සභා මන්ත්‍රීවරයා දිගින්දිගටම හෙළි කළ අතර, පසුගිය සතියේ රූපවාහිනී සජීවී සංවාදයකදී ද එම චෝදනාව නැඟීය. දුමින්ද දිසානායක ඇමතිවරයා එයට දුරකථනයෙන් එක් වී පාළුගෙයි වළං බිඳින බවට චෝදනා කර තමාගේ නිලධාරී මණ්ඩලය ද සමඟ සජීවී සංවාදයකට එන ලෙස දැන්වීය. එයට ප්‍රතිචාර වශයෙන් තමන් සංවාදයකට සූදානම් බවත්, දූෂිත නිලධාරීන් සමඟ නොව විගණකාධිපති වාර්තාවේ අඩංගු කරුණු අනුව සංවාදයකට එන ලෙසත් වසන්ත සමරසිංහ මන්තී්‍රවරයා පැවසීය.
තුසිත හල්ලොලුව ඉල්ලා අස් වීමට ඉදිරිපත් කර තිඛෙන ලිපිය අනුව ඇමතිවරයා වටා සිටින නිලධාරීන් පිරිසක් වංචා, දූෂණවලට සෘජුව සම්බන්ධ බව යළිත් තහවුරු වී ඇත.


ලංකා මාරසිංහ