කඳුකරය විනාශයට එරෙහිව විද්වත්හු එක් වෙති

cgncvjh
නොමිලේ රූපලාවන්‍ය පාඨමාලාවක්
October 10, 2017
vhjkfrd
තවත් පෞද්ගලික සරසවි තුනක්
October 10, 2017
Show all

කඳුකරය විනාශයට එරෙහිව විද්වත්හු එක් වෙති

hmkmlft

‘මධ්‍යම කඳුකරයේ විනාශය රටේ අනාගත මරණයයි’ යන මැයෙන් සම්මන්ත්‍රණයක් පසුගිය 26දා රත්නපුර නගර ශාලාවේ දී පැවැත්විණි.
වනාන්තර එළිපෙහෙළි කිරීම හා අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඉමහත් විනාශයකට මුහුණ දෙමින් තිඛෙන මධ්‍යම කඳුකරය ඉන් මුදා ගැනීමත්, පාරිසරික හා භූගෝලීය වශයෙන් මධ්‍යම කඳුකරයෙහි වැදගත්කමත් පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.
රත්නපුර දිස්ත්‍රික් ජාතික විද්වත් සංවිධානය විසින් සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට වෛද්‍ය ප්‍රසන්න කුරේ, ආචාර්ය එස්. බී. ගොඩිගමුව හා ‘ජීවයේ අයිතිය’ සංවිධානයේ කැඳවුම්කරු, සමන්ත විද්‍යාරත්න සහභාගී වූ අතර මෙම අවස්ථාවට ගිහි, පැවිදි, විද්වත් බොහෝ පිරිස් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.


නවරත්න බණ්ඩාර