කෝප් කමිටුවෙන් හඳුන්නෙත්ති ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්!

qwdqw q2w
රවී අගමැති බලය අතට ගනී
October 10, 2017
xdfthm ngh
පෙළ පොත් වෙනුවට වවුචර්
October 10, 2017
Show all

කෝප් කමිටුවෙන් හඳුන්නෙත්ති ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්!

dgfhsr

කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඉවත් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර ඇති අතර, හැකි නම්, ඉවත් කරන්නැයි සභාපතිවරයා අභියෝග කර තිබේ.
මහ බැංකු බැඳුම්කර මූල්‍ය මංකොල්ලය පිළිබඳව එම කමිටුව විසින් විමර්ශනය කරමින් සිටිය දී විගණකාධිපති, ගාමිණී විජේසිංහ එම තනතුරින් ඉවත් කළ යුතු බවට ලක්ෂ්මන් කිරිඇල්ල, එවකට ඇමති, රවී කරුණානායක ඇතුළු එජාප ප්‍රබලයන් විශාල හඩක් නැඟීය. එම කෝප් කමිටු පරීක්ෂණවල සිටම වරින්වර කෝප් කමිටු සභාපතිවරයාට විරුද්ධව විවිධ ප්‍රකාශ එජාප ප්‍රබලයන් කරනු ලැබීය.
මහනුවර – කොළඹ අධිවේගී මාර්ගය ඉදි කිරීමේ කොන්ත්‍රාත් ලබා දීමේ දී අති විශාල මූල්‍ය මංකොල්ලයක් සිදු කරමින් සිටින බවට චෝදනා නැඟීමත්, ඒ පිළිබඳව කෝප් කමිටුව පරීක්ෂණ ඇරඹීමත් සමඟ සභාපති ඉවත් කරන බවට යළිත් තර්ජනය කෙරී ඇත. ලක්ෂ්මන් කිරිඇල්ල සෘජුව කර තිඛෙන මෙම ප්‍රකාශයට අනුබල දෙමින්, වක්‍රාකාරයෙන් විවිධ ප්‍රහාර එල්ල කරන පිරිසක් ද සිටින අතර, එජාප මන්ත්‍රී, ආශ= මාරසිංහ ද ඒ අතර සිටින බව පාර්ලිමේන්තුවේ දී කළ කතාවකින් හෙළි වේ.


ඉන්ද්‍රසිරි ජයසුන්දර