ත්‍රස්තවාදී පනත යොදා ජනතා මර්දනය ඉහළට

hvmcf
ඉන්ටර්පෝල් අත්අඩංගුවේ සිටි නාමල්ගේ ලේකම්වරියට ලංකාවේදී ඇප
October 10, 2017
hk,
අකිලගේ ගෝලයාට එන්තරවාසියක්
October 10, 2017
Show all

ත්‍රස්තවාදී පනත යොදා ජනතා මර්දනය ඉහළට

hj,

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පසුගිය වසරේ දී වේගයෙන් ඉහළ ගොස් ඇති බව හැන්සාඩ් වාර්තා මඟින් අනාවරණය වේ.
එම පනත යටතේ 2013න් පසු වැඩි ම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ, 2014 වර්ෂයේදීය. එම සංඛ්‍යාව 262 දෙනෙකු බව විෂය භාර ඇමති, සාගල රත්නායක ප්‍රකාශ කර තිබේ. නමුත්, 2015දී එය 128 දෙනෙකු දක්වා පහත වැටී 2016දී යළි 160 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නිරත වීම පිළිබඳ සැකය මත ඔවුන් අත්අඩංගුවට ගන්නා ලද බව එහි දී ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.
ත්‍රස්තවාදී සැකකරුවන් වශයෙන් නම් කර අත්අඩංගුවට ගත්ත ද, ඔවුන් අතුරින් අධිකරණය හමුවේ නඩු පවරා ඇත්තේ, ඉතා සීමිත සංඛ්‍යාවකට බවද එහි දී හෙළි වී ඇත. එම සංඛ්‍යාවන් මෙසේ ය: 2013දී එම පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලද 156 දෙනාගෙන් පුද්ගලයන් 69 දෙනෙකු, 2014දී 252 දෙනෙකුගෙන් 18 දෙනෙකු, 2015දී 128 දෙනෙකුගෙන් 06 දෙනෙකු සහ 2016දී 160 දෙනෙකුගෙන් 08 දෙනෙකු පමණක් අධිකරණයට ඉදිරිපත් කර නඩු පවරා ඇත.


ලංකා මාරසිංහ