නොමිලේ රූපලාවන්‍ය පාඨමාලාවක්

elephant
එජාප ප්‍රබලයෙක් නායකත්ව පොරයක
October 10, 2017
hmkmlft
කඳුකරය විනාශයට එරෙහිව විද්වත්හු එක් වෙති
October 10, 2017
Show all

නොමිලේ රූපලාවන්‍ය පාඨමාලාවක්

cgncvjh

ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, නීතිඥ සුනිල් වටගලගේ මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලබන ආයුර්වේද රූපලාවන්‍ය පාඨමාලාවක් සඳහා සිසු සිසුවියන් බඳවා ගැනේ.
2017 ඔක්තෝබර් මස ආරම්භ කිරීමට නියමිත මෙම පාඨමාලාව සඳහා වයස අවුරුදු 35ට අඩු තරුණ, තරුණියන් හට සහභාගී විය හැකි අතර, දැනට රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියුතු අයට වයස් සීමාව අදාළ නොවන බව සංවිධායකයෝ පවසති.
නොමිලේ පැවැත්වෙන මෙම පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 0112 863056 දරන දුරකථන අංකයෙන් විමසන්න.


එස්. කේ. ගමගේ