රනිල්ගේ බදු චක්‍රය බොරුවක්

ghufgbn
සිය දිවි නසාගැනීම් අතර පස් ගුණයක් පිරිමි
October 10, 2017
xfgjhb
යකඩ ද රත්රන් දැයි නොදන්නා පාලමක්!
October 10, 2017
Show all

රනිල්ගේ බදු චක්‍රය බොරුවක්

hgjkfyg7i

යහපාලන රජය බලයට පත් වී වසර දෙක හමාරක් ගත වෙද්දී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය කාලයේ කළ ප්‍රකාශයන් බොරු වී ඇතැයි හෙළි වේ. බලයට පත් වහාම ආර්ථීක ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරමින්, අගමැති වික්‍රමසිංහ පැවසුවේ වක්‍ර බදු හා සෘජු බදු අනුපාතය 80:20 මට්ටමේ පවත්වාගෙන යන බවත්, එය 60:40 දක්වා වෙනස් කරන බවත්ය. එහෙත්, මේ වන විට වාර්තා වී ඇත්තේ වක්‍ර බදු ප්‍රතිශතය සියයට 82ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ අනුව නිවැරදි දිශාවකට යොමු කරවන බව කී බදු ප්‍රතිපත්තිය වැරදි දිශාවකට ගමන් කර ඇති බවත්, අගමැතිවරයා ජනතාව රවටා ඇති බවත් හෙළිදරව් වේ.


එස්. කේ. ගමගේ