රවී අගමැති බලය අතට ගනී

bjkhutg
උමා ඔය විනාශයේ බිලි ගැනීම් තවත් ඉහළට
October 10, 2017
dgfhsr
කෝප් කමිටුවෙන් හඳුන්නෙත්ති ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්!
October 10, 2017
Show all

රවී අගමැති බලය අතට ගනී

qwdqw q2w

මන්ත්‍රී රවී කරුණානායකට පවරා දී තිඛෙන ‘ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන’ නම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අගමැති බලතල ද යොදා ගැනීමෙන් බරපතළ ගැටීම් රැසක් උද්ගතව පවතින බව අනාවරණය වේ.
එජාප ප්‍රබලයකු වන ජෝශප් මයිකල් පෙරේරා සමඟ පසුගිය සතියේ ජාඇළ ප්‍රදේශයේ දී ඇති කර ගත් ගැටුම ද මෙහි ප්‍රකාශනයක් බව හෙළි වේ. මැතිවරණ ඉලක්ක කර ගනිමින්, පාක්ෂිකයන් දිරිගැන්වීම සඳහා කඹ ඇදීම වෙනුවෙන් සැලසුම් කර තිඛෙන මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන 2,120ක් වෙන් කර තිබේ. මෙම අවස්ථාව උපයෝගී කර ගනිමින්, රවී කරුණානායක තමන්ගේ බලය පෙන්වීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී. ජාඇළ ආසනයේ එජාප ක්‍රියාකාරිකයන් කැඳවා පැවැත් වූ එම ව්‍යාපෘතියේ හමුවකින් ආසන සංවිධායක, ජෝශප් මයිකල් පෙරේරා කපා දමා තිබිණි. මේ නිසා කෝපයට පත් ජෝශප් මයිකල් අදාළ රැස්වීම පැවැති ස්ථානයට ගොස් ප්‍රබල වාග් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ රවී කරුණානායක ඉවත්ව ගොස් තිබේ.
මේ වන විට රවී කරුණානායක, මලික් සමරවික්‍රම, ජෝන් අමරතුංග, සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, හර්ෂ ද සිල්වා ඇතුළු එජාපයේම ආසන සංවිධායකයන් රැසක් සමඟ ද ගැටුම් ඇති කරගෙන සිටී. මේ නිසා බිම් මට්ටමින් බරපතළ ඛෙදීමක් එජාපයේ ඇති වී වර්ධනය වෙමින් තිඛෙන බව හෙළි වේ.
මේ අතර රවී කරුණානායක ශ්‍රී ලංකා මහ බැංකුවට වාග් ප්‍රහාරයක් එල්ල කරමින්, අදූරදර්ශී නිලධාරීන්ගේ ක්‍රියාමාර්ග නිසා රටේ භාණ්ඩ මිල ඉහළ යමින් තිඛෙන බව සඳහන් කර තිබිණි. මාධ්‍යවේදියකු මේ පිළිබඳව මහ බැංකු අධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවක දී ප්‍රකාශ කර ඇත්තේ, මිල උද්ධමනයට හේතුව වැට් බදු ඉහළ දැමීම ඇතුළු ක්‍රියාමාර්ග බව අවධාරණය කර ඇති අතර, රවී වැනි අයගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පිළිතුරු දීම පවා අනවශ්‍ය දෙයක් යැයි සඳහන් කර තිබිණි.


ගයාන් රූපසිංහ