විගණනය මරණ පරීක්ෂණයක් නොවිය යුතුයි – ජවිපෙ

xdfthm ngh
පෙළ පොත් වෙනුවට වවුචර්
October 10, 2017
ghufgbn
සිය දිවි නසාගැනීම් අතර පස් ගුණයක් පිරිමි
October 10, 2017
Show all

විගණනය මරණ පරීක්ෂණයක් නොවිය යුතුයි – ජවිපෙ

jvp

ජාතික විගණන පනත ඉක්මනින් සම්මත කරගෙන විගණකාධිපතිවරයාගේ බලතල පුළුල් කරමින් රාජ්‍ය මූල්‍ය පිළිබඳ පසු විමර්ශන පමණක් නොව පූර්ව විමර්ශන කටයුතුවලට ද ඉඩ සැලසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.
එම පක්ෂයේ නායක අනුර දිසනායක මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර සිටියේ, ‘විගණනය පශ්චාත් මරණ පරීක්ෂණයක් නොවිය යුතු’ බවය. රාජ්‍ය මුදල් වංචා කිරීම හෝ දූෂණයට ලක් කිරීම සහ අවභාවිත කිරීම් පිළිබඳව පසු විමර්ශන කිරීමට පමණක් දැනට විගණකාධිපතිට බලය තිඛෙන බව පැවසී ය. නමුත් විගණන පනත ඉක්මනින් සම්මත කර පූර්ව විමර්ශනය කිරීමේ බලතල ඇති කළ යුතු බව අවධාරණය කර තිබේ.
වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින අධිවේගී මාර්ග ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති සම්බන්ධ ඉතා විශාල මූල්‍ය අපරාධ චෝදනා එල්ල වීම පිළිබඳ විගණනය කිරීමේ හැකියාවක් පැවතිය යුතු බව ඔහු අවධාරණය කර ඇත. එසේම එවැනි පූර්ව විමර්ශනවලින් මූල්‍ය අපරාධ සිදු කිරීමට පෙර වළක්වා ගත හැකි බවද අවධාරණය කර සිටී. වත්මන් ආණ්ඩුව බලයට පත් වන විට ජාතික විගණන කොමිෂන් සභාව ශක්තිමත් කර විගණන පනත අලුතින් සම්පාදනය කරන බව කීව ද, මේ ආණ්ඩුව යටතේ එය අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිර කරගෙන සිටින බව හෙළි වේ. දැනට ඉදිරිපත් කර තිඛෙන පනත් කෙටුම් පතට ද සංශෝධන විස්සක් මේ වන විට ඉදිරිපත් කර ඇත.


ලංකා මාරසිංහ