හවුල් ආණ්ඩුව මුහුදේ රැළිත් විකුණයි

ffbh
ජාතික යෞවන ක්‍රීඩා මැරතන් තරගාවලිය
October 6, 2017
hvmcf
ඉන්ටර්පෝල් අත්අඩංගුවේ සිටි නාමල්ගේ ලේකම්වරියට ලංකාවේදී ඇප
October 10, 2017
Show all

හවුල් ආණ්ඩුව මුහුදේ රැළිත් විකුණයි

fhkv

ශ්‍රී ලංකා මුහුදු තීරයේ මුහුදු රළ බල ශක්ති නිෂ්පාදනය සඳහා සහය ලබා දීමට ෆින්ලන්තයේ ඒ.ඩබ්ලිව් බලශක්ති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ලියෙලෙයුන්ඩ් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ මූලික සමීක්ෂණ කාර්යයන් දැන් සිදු කර අවසන් බවත්, ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ මුහුදු රළ බලශක්ති නිපදවීමේ කාර්යයන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් එහිදී අනාවරණය වී තිබේ.
මේ බව අනාවරණය වූයේ ලෝකයේ නවතම පුනර්ජනනීය බල උත්පාදක මාධ්‍යක් වූ මුහුදු රළ බල උත්පාදනය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස පසුගිය 09 වන දින ෆින්ලන්තයේ හෙල්සිංකි නුවර ඒ.ඩබ්ලිව්. බලශක්ති ආයතනයේ අධ්‍යනයන චාරිකාවකින් අනතුරුව කරන මාධ්‍ය වෙත කරන ලද අදහස් දැක්වීමකදීය.
මුහුදු රළ බල උත්පාදනය සඳහා ඒ.ඩබ්ලිව් ආයතනය විසින් නව තාක්ෂණයෙන් යුතු යන්ත්‍රසූත්‍ර ගණනාවක් නිර්මාණය කර ඇති අතර මුහුදු රළ ඇසුරෙන් බල ශක්තිය නිපදවීම සම්බන්ධයෙන් විදේශ රට වල ආයෝජනය කිරීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී තිබේ.
තවමත් ලොව පුරා බල ශක්ති උත්පාදනය සඳහා මහා පරිමාණ වශයෙන් මුහුදු රළ යොදා නොගන්නා නමුත්, අනාගත ලෝකයේ බලවත්ම බලශක්ති උත්පාදන මාධ්‍යයක් ලෙස මුහුදු රළ භාවිතයට ගැනෙණු ඇති බව මෙහිදී එම ආයතනය විසින් පෙන්වා දී තිබේ.