අබේ හදිසියේ මැතිවරණයක් කැඳවයි

asdfsaert
කුර්දිස්ථානුවන්ගේ වෙන් වීම තීන්දු කෙරෙන ජනමත විමසුමක්
October 11, 2017
gyhjfgh
පොලිස් ප්‍රහාරයකට එරෙහිව ඉන්දීය සරසවි ශිෂ්‍ය විරෝධතා
October 11, 2017
Show all

අබේ හදිසියේ මැතිවරණයක් කැඳවයි

yhujkghj

ජපානයේ අගමැති ශින්සෝ අබේ හදිසි මැතිවරණයක් කැඳවා ඇති අතර සැප්තැම්බර් 28 වන දා එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිතය.
මිත්‍ර සංග්‍රහයේ යෙදුණු බවට චෝදනා එල්ල වීම සහ විරුද්ධ පක්ෂ සමඟ බොහෝ මතභේද ඇති වීමත් සමඟ අගමැති අබේගේ ජනප්‍රියත්වය පසුගිය කාලයේ දී පහළ වැටී තිබිණි. නමුත්, උතුරු කොරියානු අර්බුදය හිස එසවීමත් සමඟ ඔහුට ඇති ජන සහයෝගය වැඩිවෙන්නට පටන් ගෙන ඇති අතර, ජපන් අගමැතිවරයා හදිසි මැතිවරණයකට යාමට එය මූලික හේතුව බවට පත් වී තිබේ. ඔහු මෙම මැතිවරණය කැඳවන්නේ තමන්ට ලැබී ඇති ජනවරම අනුව තවත් වසරක් බලයේ සිටීමට අවසරය තිබියදීය.
අගැයීම් දර්ශකවලට අනුව පසුගිය ජූලි මාසයේ දී ඔහු ගේ ජනප්‍රියත්වය 30%කට වඩා අඩු මට්ටමකට පහළ වැටුණු අතර, සැප්තැම්බර් මාසය වන විට නැවතත් 50%ක් දක්වා ඉහළ මට්ටමකට පැමිණ තිබේ.
තමා මිත්‍ර සංග්‍රහයේ යෙදුණු බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් අගමැති අබේ කියා සිටියේ මෙම මැතිවරණය කැඳවීමට තීරණය කළේ තමන්ට පවතින චෝදනා යට ගැසීමේ අරමුණින් නොවන බවය.


ධනංජය සූරියබණ්ඩාර