අලි – මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලු ජනතාවට විසඳුම පොලිස් කූඩුවද?

logo viii
වලල්ලාවිට සමෘද්ධි අකටයුතුකම්
October 11, 2017
dfh
සබරගමුවේ සිසු විරු ස්මාරකයට පාලනාධිකාරියෙන් බාධා !
October 11, 2017
Show all

අලි – මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලු ජනතාවට විසඳුම පොලිස් කූඩුවද?

ftjcc

වන අලි පහර දීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වීමේ ආසන්නතම සිදුවීමක් පදනම් කර ගනිමින්, හම්බන්තොට, සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැදිවැව ග්‍රාමසේවා වසමේ බුරුතංකන්ද ගම්මානයේදී කළ විරෝධය දැක්වීමකින් අනතුරුව එහි නිරත වූ ගම්වැසියන් අත්අඩංගුවට ගැනීමේ පුවතක් වාර්තා වේ.
පසුගිය විසි දෙවැනි දින පෙරවරුවේ දී සිදු වූ එම මරණය වන අලි විසින් වසර 25ක් තුළ අහිමි කළ 20 වැනි ජීවිතය ද වේ. එහෙයින්, වසර ගණනාවක් පුරා තමන් මුහුණ දී ඇති මෙම ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් කිසිදු පියවරක් නොගැනීමට එරෙහිව ගම්වාසීහු එදින පෙරවරුවේ දී සූරියවැව, හම්බන්තොට අඩි 100 පාර වසා දමමින්, විරෝධය දැක්වූහ. ඒ මොහොතේදීම ස්ථානයෙන් ගමන් කළ ප්‍රාදේශීය ලේකම්වරයා එම ස්ථානයේ රඳවා ගනිමින්, තමන් මුහුණ දී ඇති මෙ අර්බුදයට වහා ම විසඳුම් ලබා දෙන ලෙස බල කර ඇත. අනතුරුව ගම්වැසියන්ගේ දැඩි විරෝධය හමුවේ තවත් සාකච්ඡාවක් සූදානම් කිරීමෙන් අනතුරුව පරණ පොරොන්දු මල්ලම ලබා දී ඇත. අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මානසික ආතතියක් යැයි පවසමින්, එදින පස්වරුවේම රෝහල්ගත වී ඇති බවද දැනගන්නට ඇත.
ඒ අනුව අදාළ සිදු වීමේ දී ලබා ගන්නා ලද වීඩියෝ දර්ශන පදනම් කර ගනිමින් යැයි පවසමින්, පසුගිය 25 වැනිදා පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව තවත් පුද්ගලයන් නව දෙනෙකුට පොලිසියට වාර්තා කරන ලෙස දන්වා ඇති අතර, ඔවුන් සියලු දෙනාම උසාවියට ඉදිරිපත් කර ඇත්තේ, රාජ්‍ය නිලධාරියකුගේ රාජකාරීවලට බාධා කිරීම හා ඔහුව රඳවා ගැනීමේ චෝදනා මතයි.
කෙසේ වුවද, පොලිසියේ මෙම අසාධාරණ ක්‍රියාපිළිවෙත හමුවේ ප්‍රදේශවාසී ජනතාව ප්‍රකාශ කර සිටින්නේ මෙය ඉතා පක්ෂග්‍රාහී ක්‍රියාපිළිවෙතක් බවයි. වසර 25ක් පුරා තමන් විඳි පීඩාවලට එරෙහිව කිසිදු පියවරක් නොගත් ප්‍රාදේශීය ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට පළමුව කළ යුතු බව ජනතාව කියා සිටිති. එහෙයින්, අලි මිනිස් ගැටුමෙන් පීඩාවට පත් ජනතාව තවත් පීඩාවට පත් නොකර සාධාරණය ඉටු කරන මෙන් ජනතාව ඉල්ලා සිටිති.


නිපුණා සාරංගි