ඉතිහාසයේ නව පිටුවක් පෙරළුෑ ඔක්තෝබර් විප්ලවය

fghghg
විශේෂ ආඥා තුනක් ! කෙරෙන්ස්කි අත්අඩංගුවට…
October 11, 2017
October 14, 2017
Show all

ඉතිහාසයේ නව පිටුවක් පෙරළුෑ ඔක්තෝබර් විප්ලවය

aSDffvb

ඔක්තෝබර් විප්ලවයේ සියවන සංවත්සරය වෙනුවෙන් ‘ආලෝකය’ වෙත ලැබී ඇති මෙම ලිපිය එහි ඇති දේශපාලන වැදගත්කම පෙන්වා දීමට උත්සාහ කරන්නකි.

1917 රුසියානු ඔක්තෝබර් විප්ලවය ලොව සියලු දේශයන්හි ජාතින්ගේ නෙත් සිත් රුසියානු දේශය වෙතට හැරවීමට සමත්විය. කුහුල විශ්මය, සැකය, තර්ජනය සහ වීරත්වයේ ආශිර්වාදයන් 1917 විප්ලවය විසින් සියලු ලෝකවාසීන්ගේ සිත්හි ජනිත කරවීය. ‘හැම කෙනෙකුගේම හැකියාව අනුව, හැම කෙනෙකුටම තම අවශ්‍යතා අනුව’ යන්න රුසියානු නව රජයේ ආදර්ශ පාඨය විය. මිනිස් ඉතිහාසයේ පෙර නොවූ විරූ මෙවැනි ආදර්ශ පාඨයක් පෙරට ගත්, අලුත් සමාජයක් පැනනැගීම, නිර්මාණය කළේ කෙසේදැයි දැන ගැනීමට සහ නව රුසියානු සමූහාණ්ඩුවේ ඉදිරි කටයුතු කෙසේවනු ඇතිදැයි දැනගැනීමට සියලු ජාතින් දැක්වුයේ දැඩි උනන්දුවකි.
අවුරුදු දහස් ගණනක් තිස්සේ මානව සංහතිය සංවර්ධන මාවත ඔස්සේ ඉදිරියට ගිය බව ප්‍රකට කරුණකි. ඈතම ඉතිහාසයේ නොදියුණු ගෝත්‍ර ක්‍රමයේ සිට එඩේර, රදල, වැඩවසම් සමාජ ආර්ථීක නිෂ්පාදන සබඳතා හැඩගැසීම හරහා මිනිසා විසින් මිනිසා සූරාකන පෞද්ගලික දේපළ හිමි ධනවාදී යුගය දක්වා මිනිසා ගමන් කර තිබි‚. දසලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත හා දේපළ විනාශ කරන, කොල්ලකෑම සහ යටත් කර ගැනීමේ යුද්ධ ඇතිවීම එහි අනිවාර්ය අංගයක් ද විය.
1917 ඔක්තෝබර් විප්ලවය හිස් අහසෙහි සිදුවූ ක්ෂණික සිදුවීමක් නොවීය. විප්ලව පූර්ව සිදුවීම් සියල්ල අහම්බයක් ද නොවීය. 1917 සිදුවූ අවි ගත් නැඟිටීම මෙන්ම ඊට පෙර වසර ගණනාවක් පුරා, විප්ලවීය මතගැටීම්, කැලඹීම් සහිත දේශපාලන වාතාවරණයන් විවිධ කණ්ඩායම් සහ නායකයන් බිහිවීම, අරගල කිරීම්, පරාජය වීම් හා අහෝසි වී යාම් ආදී වූ සිදුවීම් සිදුවිය. එය රුසියානු පොළොව මත මෙන්ම ජාත්‍යන්තරවද සිදු විය.
1917 ඔක්තෝබර් ආසන්න වනවිට රුසියාව පුරා කම්කරුවෝ අවදිව සිටියහ. පෙත්‍රොග්‍රාද්, කිව්, කාකෝව්, කසාන්, රෙවෙල්, ටස්කන්ට්, සමාරා, බ්‍ර්‍රයන්ස්ක්. ත්‍රස්යොක් ආදී රට පුරා සෑම නගරයක්ම සෝවියට් සභා ‘සියලු බලය සෝවියට් සභාවලට’ යන සටන් පාඨය තුළ උද්ඝෝෂණ සටන් ක්‍රියාවලියට එක්ව සිටියහ.
ගොවීන් අතර ද, රට පුරාම ගොවි කැරලි ඇතිවන්නට පටන් ගත් අතර ගොවි උද්ඝෝෂණ කැරැල්ලක් දක්වා පරිවර්තනය විය. ගොවීන්, ඉඩම් හිිමියන් පළවා හරිමින් ඔවුන්ගේ ඉඩම් සහ ගොවි උපකරණ අල්ලා ගනිමින් ඔවුන් අතර ඛෙදා ගන්නා ලදී.
හමුදාව තුළද සෙබළුන් ප්‍රතිගාමී නිලධාරීන් පළවා හරිමින් තමන් විශ්වාස කරන අය ඒ ඒ ස්ථානවලට තෝරා පත් කර ගන්නා ලදී. ඔවුන් සටන් පාඨ කියමින් රජය වෙත තිබූ ඔවුන්ගේ අකමැත්ත ප්‍රකාශ කරමින් කැරැල්ලක් දක්වා පරිවර්තනය වෙමින් පැවතිණි.
බටහිර හා උතුරු පෙරමුණ එනම්, පෙත්‍රොග්‍රාද්, මොස්කව් ආසන්න පෙරමුණුවල සෙබළුන්ගෙන් බහුතරය බොල්ෂෙවික්වරුන් සදහා සහාය පළ කළේය. බෝල්ටික් නාවික බලඇ‚ය හා මොස්කව් ‘ගැරිසනය’ මුළුමනින්ම වාගේ විප්ලවීය මගට පිවිස සිටියේය.
විප්ලවය සිදු වන විට නාගරික හා අර්ධ නිර්ධනීන්, නිර්ධනීන් හා එකතු වීම නියත බවට ලෙනින් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ නිවැරැදි විය. මෙන්ෂෙවික් අන්තවාදීන් එය පිළිගත්තේ නැත.
විප්ලවීය රැල්ල වේගයෙන් ඉහළ නැෙඟමින් ඔක්තෝබර් මහා වැඩ වර්ජනයක් ඇතිවිය. කම්හල් හා මෝල්වලත්, විදුලි සංදේශ කාර්යාලවලත් වැඩ නතරවූ අතර, රට මුළුල්ලේම ජන ජීවිත අඩපණ විය. මෙම තත්ත්වය මෙතෙක් ලොව කිසිම රටක නිර්ධන පන්ති ව්‍යාපාරයන්හි සිදු නොවූ නව ආරක පංති අරගලයක් විය. මෙම අරගලයන්හි අවසන් ප්‍රතිඵලය රුසියානු විප්ලවයේ ජයග්‍රහණයයි.
කලක් සාර් රජුගේ මාලිගය ලෙස තිබූ, පෙබරවාරි විප්ලවයෙන් පසු තාවකාලික රජයේ මූලස්ථානය බවට පත්ව තිබූ හිම මාලිගයේ මෙම විප්ලවීය සමයේ රැඳී සිටියෝ මෙන්ෂෙවික් සාමාජිකයෝ ය. ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බෝල්ෂේවිකයන්ගේ මූලස්ථානය වූයේ ‘ස්මොල්නි’යයි.
දෙපක‍ෂය අතර දිගු කලක් පැවති මතවාදී අරගල, සටන් අවසානයේ ජයග්‍රහණය කළ 1917 ඔක්තෝබර් විරුවන්, ස්මෝල්නියට රැස්වූ සමස්ත රුසියා සෝවියට් සභා සම්මේලනය අමතා ලෙනින් ‘මා ආදරණීය සෝවියට් ජනතාවනි, ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය ජයග්‍රහණය කළෙමු. මිනිසා විසින් මිනිසා සූරාකෑමේ යෙදුණු අධිරාජ්‍යවාදය, ධනේශ්වරවාදය හා වැඩවසම්වාදය අපි අපේ රටේ භූමිතලයෙන් පළවා හැරියෙමු. අපේ ගුරුවරයන් වූ කාල්මාක්ස්, ප්‍රෙඩ්රික් එංගල්ස් යන චින්තකයන්ගේ දෘෂ්ටිය සහ මගපෙන්වීම ඔස්සේ ගොවින්ගේ, කම්කරුවන්ගේ, ශිෂ්‍ය ප්‍රජාවගේ, සොල්දාදුවන්ගේ, මෙන්ම විශේෂයෙන් බොල්ෂෙවික් පක‍ෂයේ අසමසම කැපවීම සහ ශක්තිය මෙම ජයග්‍රහණය ලබාගැනීමට උපස්ථම්භක වූ බව මවිසින් විශේෂයෙන් සදහන් කළ යුතුය. විශේෂයෙන් සදහන් කළ යුතු අනිත් කරුණ වන්නේ, මෙතෙක් ඔබ අප සූරා කෑ ‘රොමනොව්’ රජ පරපුර ඉතිහාසයේ කුණුකූඩයට වැටී ඇති බවයි’ යනුවෙන් කළ ප්‍රකාශයත් සමග ස්මොල්නියේ රැස්ව සිටි සියලු ජනතා නියෝජිතයන් පමණක් නොව සමස්ත රුසියානු දේශයම උද්දාමයට පත් කරවීය.
1917 සෝවියට් දේශයේ කම්කරුවෝ, ගොවීහු ප්‍රධාන පීඩිතයෝ සාර් වැනි රාජාණ්ඩුවාදී ඒකාධිපතිවාදයක් බිදහෙළා ධනපති ක්‍රමය අහෝසි කර ස්වාධීන සහ සමාන අයිතීන් ඇති වැඩ කරන ජනතාවගේ සමාජවාදී සමාජයක් ගොඩනැඟිය හැකි බව ඉතිහාසයේ ප්‍රථම වරට පෙන්වා දුන්හ. සෝවියට් දේශය එක් පරම්පරාවක ජීවිත කාලය තුළදී නොදියුණු බවේ සිට නවීන ප්‍රගතිය දක්වා යෝධ පිම්මක් පැන්නේ කෙසේද? ඉඩම් හිමියන් සහ කුලාකයන් නොමැතිව කෘෂිකර්මය පැවතිය හැකිද? නිෂ්පාදන මාර්ගයන්ගේ පෞද්ගලික අයිතිය නොමැති රටේ ආර්ථීකය ගොඩනැෙඟන්නේ කෙසේද? යන්න දැනගැනීමට සියලු ලෝකවාසීන්ට ප්‍රශ්නයක් මෙන්ම උනන්දුවක් ද ඇති කළේය.
විවිධ සමාජ තලයන් තුළ සිටිමින්, දුප්පත්කමේ ගිලුණු, පීඩනයට, සූරාකෑමට ලක්ව සිටි, කිසිදු අධ්‍යාපනයක් නොලද ජනතාවට දේශපාලන අවබෝධය ලබා දී, සංවිධානය කොට දැවැන්ත එක්සත් විප්ලවවාදී බලවේගයක් ගොඩනඟා සිය වුවමනාවන් පිළිබද පැහැදිලි අවබෝධයක් ලබා දී නව ප්‍රීතිමත් හා නිදහස් ජීවිතයක් සදහා සටන් කළ යුතු මාවත පෙන්වා දීමට ලෙනින්ට හැකිවීම, ලොවපුරා සියලු පීඩිත ජනතාව ලැබූ අද්විතීය ජයග්‍රහණයයි.


විනී අමරසිංහ – පොල්ගහවෙල