කුර්දිස්ථානුවන්ගේ වෙන් වීම තීන්දු කෙරෙන ජනමත විමසුමක්

misile
ඉරානයත් මිසයිලයක් අත්හදා බලයි
October 11, 2017
yhujkghj
අබේ හදිසියේ මැතිවරණයක් කැඳවයි
October 11, 2017
Show all

කුර්දිස්ථානුවන්ගේ වෙන් වීම තීන්දු කෙරෙන ජනමත විමසුමක්

asdfsaert

සිය භූමියට වෙන් වීම තීරණය කිරීමට ඉරාක – කුර්දිස්ථාන් ප්‍රාදේශීය පාලනය විසින් කැඳවන ලද ජනමත විචාරණයේ ඡන්දය විමසීම් ඉරාකයේ, ඉරානයේ සහ තුර්කියේ විරෝධය මැද පසුගිය 25 වන දා ආරම්භ විය.
උතුරු ඉරාකයට අයත් කුර්දිස්ථාන් කලාපයේ පළාත් තුනක සහ බැග්ඩෑඩ් ආණ්ඩුව සහ කුර්දිවරුන් අතර අයිතිය සම්බන්ධයෙන් ආරවුලක් පවතින ප්‍රදේශවල එම ජනමත විචාරණය කැඳවනු ලැබ ඇත. පනස් දෙලක්ෂයක් පමණ වන කුර්දි ජාතිකයෝ සහ කුර්දි නොවන ජනයා මේ ජනමත විමසුමේ දී ඡන්දය දීමට සුදුසුකම් ලැබ සිටිති.
මෙම දිනය උදාවෙන තෙක් සිය ජනවර්ගයා වසර සීයක පමණ කාලයක් බලා සිටි බව ජනමත විචාරණ ඡන්ද පෝලිමක සිටි කුර්දි ජාතිකයෙක් කියා සිටියේය.
සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඇතැම් කුර්දි ජාතිකයන් පැමිණියේ ඊනියා අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී මරණයට පත් සිය පවුල්වල සාමාජිකයන්ගේ පින්තූරත් රැගෙනයි.
මෙම ජනමත විමසුමත් සමඟ කුර්දි අර්බුදය යළිත් ඇවිළ යාමට ඉඩකඩ ඇති බවට ඇතැම් දේශපාලන විචාරකයෝ මත පළ කරමින් සිටිති. එසේම මෙම ජනමත විමසුම සම්බන්ධයෙන් කෝපයෙන් යුක්තව විරෝධය පළ කරන ඉරාකය, ඉර්බිල් නගරයේ ක්‍රියාත්මක වන කුර්දි ප්‍රාදේශීය පාලනයෙන් ඛනිජ තෙල් මිලට නොගන්නා මෙන් විදේශ රටවලින් ඉල්ලීමක් කළේය. ඉරාන අගමැතිවරයා මෙම ජනමත විමසුම විග්‍රහ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි ක්‍රියාමාර්ගයක් වශයෙනි. මෙය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් ලෙසත් ඉරාන අගමැතිවරයා විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. එසේම කුර්දි කලාපයේ පිහිටුවන ලද ජාත්‍යන්තර දේශසීමා පාලනය යළිත් තමන්ට භාර දෙන ලෙසත් ඉරාකය ඉල්ලීමක් කර තිබේ.
ඉරාකය පමණක් නොව කුර්දි සුළු ජාතිකයන් වාසය කරන තුර්කිය සහ ඉරානයත් ඉහත කී ජනමත විමසුමට විරෝධය පළ කරති. ජනමත විචාරණයේ ප්‍රතිඵලය වලංගු එකක් නොවන බව කියා සිටින අන්කාරා පාලනය කුර්දි කලාපය තුළ වාසය කරන තුර්කි ජාතිකයන්ට ඉන් ඉවත් වන මෙන් උපදෙස් දී ඇත.


ධනංජය සූරියබණ්ඩාර