සබරගමුවේ සිසු විරු ස්මාරකයට පාලනාධිකාරියෙන් බාධා !

ftjcc
අලි – මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලු ජනතාවට විසඳුම පොලිස් කූඩුවද?
October 11, 2017
xfghdht
දියගම – අතුරුගිරිය මඟ දිගේ ගිය ගමනක් !
October 11, 2017
Show all

සබරගමුවේ සිසු විරු ස්මාරකයට පාලනාධිකාරියෙන් බාධා !

dfh

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය තුළ සිසු විරු ස්මාරකයක් ඉදි කිරීමට එරෙහිව එහි පාලනාධිකාරිය විසින් දිගින්දිගටම බාධා සිදු කරමින් සිටින බව වාර්තා වේ. මෙම ඉදි කිරීම සඳහා පාලනාධිකාරියෙන් අවසර ඉල්ලා සිටිය ද, මේ වන තුරුත් වසර දෙකක් තිස්සේ එය ප්‍රමාද කරමින් සිටින් බව දැනගන්නට ඇත. ඒ විශ්වවිද්‍යාල සංවර්ධන කටයුතු සඳහා එම ඉදි කිරීම බාධාවක් වන බව පවසමිනි.
ඒ අනුව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් සමනලවැව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් අනුව මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු සිසු නායකයන් හය දෙනෙකුට බලංගොඩ උසාවියේ පෙනී සිටින ලෙසට නියෝග ලැබී ඇත. එහි දී අධිකරණය විසින් තීන්දුව ලබා දී ඇත්තේ, නියමිත අවසරය ලැඛෙන තුරු ඉදි කිරීම් නතර කරන ලෙසයි.
මේ පිළිබඳව අදහස් දක්වමින්, එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ, මෙම බාධා කිරීම් පාලනාධිකාරිය විසින් හිතාමතාම සිදු කරනු ලබන බවත්, සියලූ සිසු සිසුවියන්ගේ එකඟතාව මත කළ ඉදි කිරීම සම්බන්ධයෙන් සිසු නායකයන් හය දෙනෙකු පමණක් ඉලක්ක කරගෙන නඩු පැවරීම බරපතළ සැකයක් පවතින බවත්ය.
එසේම තව දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ, විශ්වවිද්‍යාල භූමිය සංවර්ධනය සඳහා කිසිදු සිසු විරෝධයක් නොමැති බවත්, සංවර්ධනයේ මුවාවෙන් පාලනාධිකාරිය විසින් සිදු කරනු ලබන මෙම කඩාකප්පල්කාරී ක්‍රියා හා සිසු මර්දනය සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.


විමුක්තිනී සමරසිංහ