සියොන්වාදීන්ගේ දරුණුතම පරාජය

gyhjfgh
පොලිස් ප්‍රහාරයකට එරෙහිව ඉන්දීය සරසවි ශිෂ්‍ය විරෝධතා
October 11, 2017
fghghg
විශේෂ ආඥා තුනක් ! කෙරෙන්ස්කි අත්අඩංගුවට…
October 11, 2017
Show all

සියොන්වාදීන්ගේ දරුණුතම පරාජය

dgfg

සියොන්වාදී ඊශ්‍රායල්වරුන් විසින් දකුණු ලෙබනනය වසර ගණනාවක සිට බලහත්කාරයෙන් යටත් කරගෙන තිබිණි. එම ප්‍රදේශයේ තිබු කාහිම් නම් සිපිරිගෙය තුළ බොහෝ ලෙබනන් ජාතිකයන් කෘෘර වධ බන්ධනයන්ට ලක් කොට රහසිගතව මරා දමන ලදී. එමෙන්ම පැහැර ගැනීමට ලක් වූ සිය ගණනක් මිනිසුන් රඳවා තැබූ රහසිගත ස්ථානයක් ලෙස ද එය නම් කළ හැක.
2000 වසර උදා වීමත් සමඟම ලෙබනනයේ කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරීන් සන්නද්ධ අරගලයකට සැරසුණේ ඊශ්‍රායල් බලහත්කාරී පාලනය පෙරළා දැමීමට අන් මඟක් නොමැති බව වටහා ගැනීමෙනි. ඔවුන් සමග අත්වැල් බැඳගත් ‘හිස්බුල්ලා’ සංවිධානය සියොන්වාදීන්ට එරෙහිව නොනැවතී සටන් වැදිණි. විශාල පිරිසක් රඳවා සිටි කාහිම් බන්ධනාගාරය දීර්ඝ සටනකින් පසුව අත්පත් කර ගත් ඔවුන්, ඉන් පසුව ඊශ්‍රායල් දේශසීමාව දක්වා රළ පෙළක් මෙන් ඉදිරියටම ඇදෙමින් සටන් වැදිණි. අවසානයේ දී මුළු දකුණු ලෙබනනයම ඊශ්‍රායල් ග්‍රහණයෙන් මුදා ගැනීමට ඔවුහු සමත් වූහ.
ලෙබනන් කොමියුනිස්ට් පක්ෂයේ බොහෝ තරුණ තරුණියෝ එම සටන වෙනුවෙන් දිවි පිදූහ. ඉතිහාසයේ සියොන්වාදීන් ලැබූ දරුණුතම පරාජය මෙයයි. එම සටනේ දී කොමියුනිස්ට් පක්ෂයේ සටන්කාමීන් ක්‍රියාන්විතයේ යෙදී සිටි අයුරුයි මේ…


මාලන් කබලාන