අපකීර්තිමත් ඉතිහාසයක අඳුරු මතකයක්

su chi with oxford
ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් සුචී ඉවත් කරයි
October 16, 2017
කාටූන්
2017/10/08
October 16, 2017
Show all

අපකීර්තිමත් ඉතිහාසයක අඳුරු මතකයක්

22228157_127513014575445_6604204350070447263_n

ලෝක ඉතිහාසය ලේ වලින් නහවා ඇත්තේ වර්ගවාදීන්ය. එසේත් නැතහොත් ආගම තම ආත්මීය සංකේතය කරගනිමින්, අනෙකාගේ ආගම සුනු විසුණු කර දැමීම වෙනුවෙන් ආරම්භ කරන ලද මහා සංහාර තුළිනි. ජාතිය මත ලේ ගංගාවක පිහිණූ හිට්ලර් මෙන්ම ආගම නමැති හලාහල විසෙන් මත්ව මිනිස් වර්ගයාට කුරිරු ලෙස එරෙහි වූ ඉස්ලාම් ත්‍රස්තවාදයද දෙකක් නොව එකකි. ලොව පුරා ආගම් වර්ග කොතෙක් තිබුණද, හුදෙක් ඒවා පල්ලි, කෝවිල් හා පන්සල් වලට පමණක් සීමා වී ඇත. එහෙත් ඉස්ලාම් අන්තවාදයත්, ශාරියා නීතියෙන් ලෝකය තම අතට ගැනීමට වෙර දරන වහාබ්වාදයත් ආගම නමැති හම්පඩ සංකල්පයෙන් එරෙහි වී ඇත්තේ මිනිස්කමටය. ඔවුන් දිනාගත් හෝ ඉතිරි වී ඇති ලෝකයක් කිසිදු තැනක නැත. ඉතිරිව ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයක් හා ලේ සුවඳ පමණි.
පළමු ලෝක යුද්ධයෙන් පසුව එන 1914 සිට 1918 දක්වා කාලය තුළ ඉස්ලාම් අන්තවාදී මතවාදයෙන් සන්නද්ධ වූ ඔටෝමන් තුර්කිවරු ආර්මේනියාවට බලහත්කාරයෙන් කඩා වැදුණි. බහුතර ආර්මේනියානුවන් වූයේ ඉස්ලාම් දහම මෙලොවට ජනිත වීමට ශතවර්ෂ හයකට පෙර බිහි වූ ක්‍රිස්තු සංස්කෘතියකින් බිහි වූ ආගමික නිකායකටය. ආර්මේනියාව තුළ විසූ බහුතර ජනයා පැවත එන්නේ ග්‍රීක හා තවත් ඉපැරණි ජන කොටසක් වූ ඇසිරියන් ජනයාගෙනි. ඔටෝමන් තුර්කි පාලකයාගේ ජිහාඩ් සිහිනයට අනුව ආර්මේනියානුවන් එම කලාපයේ ජීවත් වීමට අයිතියක් නොමැත. උමතු සංකල්පවලින් පිරුණු පාලකයන්ගෙන් ලෝක ඉතිහාසයේ වැඩිම කාල පරිච්ඡේදයක් පිරී තිබීම, මිනිස්කම වෙනුවට මිලේච්ඡත්වය රජ වීමට හේතු පාදක වී ඇත. ඔටෝමන් තුර්කි පාලකයාගේ මග ගත් හිට්ලර් විසින්ද සිදු කළේ තමාගේ වර්ගයාට පමණක් සුරලොව ගොඩනැගීමය. ඒ වෙනුවෙන් යුදෙව්වන් ඇතුළු ජනයා මිලියන ගණනින් මරා දැමීමය. එවැනි මිලේච්ඡ පරිසරයක් ගොඩනැගීමට ඔටෝමන් තුර්කි පාලකයාට කදිම අවියක් ඉස්ලාම් මූලධර්ම න්‍යායෙන් ලැබුණි. තම අසල්වැසියා වූ ආර්මේනියානුවන් වනාහි කිසි දිනක යුදකාමීන් නොවීය. එවන් අවිහිංසක ජනයා ලක්ෂ 15ක් පමණ වසර හතරක් ඇතුළත මරා දැමීමට ඔටෝමන් තුර්කි පාලකයාගේ අණින් කුල්මත් වූ ශාපලත් සොල්දාදුවන්ට හැකි විය. මෙම සංහාරය තුළ සටහන් වෙන අනුවේදනීය සිදුවීම වන්නේ කුඩා දරුවන් හා කාන්තාවන් එම කලාපයේ පිහිටි කාන්තාර වැනි ප්‍රදේශවලට ගෙනගොස්, ජලය, ආහාර ඇතුළු මිනිසෙකුට අවශ්‍ය මූලිකම අවශ්‍යතා සියල්ලම කප්පාදු කරමින්, සාගතයේ තබා මරා දැමීමය. ආර්මේනියානු බහුතර පිරිමින්ගෙන් අඩක්ම මෙම භීම සමයේ මරාදැමුණි. තුර්කි පාලකයාට අවැසි වූයේ ජනවර්ග සහමුලින්ම සංහාරයකට ලක් කොට ඉස්ලාම් කලිෆාව ගොඩනැගීමටය.


මාලන් කබලාන