ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් සුචී ඉවත් කරයි

Women2Drive
කාන්තා රිය පැදවීමට එරෙහි සෞදි තහංචිය ඉවතට
October 16, 2017
22228157_127513014575445_6604204350070447263_n
අපකීර්තිමත් ඉතිහාසයක අඳුරු මතකයක්
October 16, 2017
Show all

ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් සුචී ඉවත් කරයි

su chi with oxford

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ප්‍රදර්ශනය කෙරෙමින් තිබුණ මියන්මාරයේ නිල නොවන රාජ්‍ය නායිකා අවුන් සාං සුචිගේ ආලේඛ්‍ය සිතුවමක් එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබ ඇත. එවැනි පියවරක් ගනු ලැබ තිඛෙන්නේ රෝහින්ග්‍යා අනාථයන් පිළිබඳ අර්බුදය හමුවේ ඇය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් පවතින මොහොතකදීය.
ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරිනියක වන මියන්මාර් නායිකාවට ඇය එරට නිදහස් සටනට දුන් නායකත්වය වෙනුවෙන් කෙරෙන ගෞරවයක් වශයෙන් ද තවත් උපාධියක් එම සරසවිය විසින් පිරිනමා ඇත. මියන්මාරය තුළ ජනවාර්ගික සුද්ධයක් සිදු කෙරෙමින් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය නගන චෝදනාවට පිළිතුරු දීමට එරට නිල නොවන රාජ්‍ය නායිකා අවුන් සාන් සුචි අසමත් වූවාය.
එම තත්ත්වය යටතේ අවුන් සාං සුචිගේ රුව ඇතුළත් පින්තූරය ඉවත් කොට එම ස්ථානයේ ජපන් සිත්තරකු වන ‘යෂිහිරෝ තකාදා’ගේ සිතුවමක් තැන්පත් කිරීමට ඔක්ස්ෆර්ඩ් සරසවිය පියවර ගෙන ඇත. එහෙත් එවැනි පියවරක් ගන්නා ලද්දේ කුමක් නිසාද යන්න සරසවි පාලනය තවමත් ප්‍රකාශ කර නොමැත.


ධනංජය සූරියබණ්ඩාර