කාන්තා රිය පැදවීමට එරෙහි සෞදි තහංචිය ඉවතට

ණි
ජනමත විචාරණයට පොලිස් ප්‍රහාර
October 16, 2017
su chi with oxford
ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් සුචී ඉවත් කරයි
October 16, 2017
Show all

කාන්තා රිය පැදවීමට එරෙහි සෞදි තහංචිය ඉවතට

Women2Drive

කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට සෞදි අරාබිය ගත් තීරණයට එක්සත් ජාතීන්ගේ ප්‍රසාදය පළවී තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් සඳහන් කර ඇත්තේ සෞදියේ තීන්දුව නිවැරදි දිසාවට තැබූ වැදගත් පියවරක් බවයි. කාන්තාවන් උදෙසා ලබාදුන් මෙම අයිතිය මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ද පැසසුමට ලක්ව තිබේ.
කාන්තාවන්ට රිය පැදවීමේ අයිතිවාසිකම හිමිකරගැනීම උදෙසා මානව හිමිකම් සංවිධාන වසර ගණනාවක සිට ව්‍යාපාර මෙහෙයවා තිබුණි. වාරණය කඩ කිරීමේ වරදට හසුවූ සමහර කාන්තාවන්ට සිර දඩුවම් පවා නියම විය.
කෙසේ වෙතත් රජුගේ නියෝගය පරිදි කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම 2018 ජුනි වන විට ආරම්භ කෙරෙනු ඇතැයි සෞදි ප්‍රෙස් ඒජන්සි පුවත් සේවය වාර්තා කර තිබුණි. එසේම මෙම කටයුත්ත සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් ද ඉදිරි මාසය තුළ ස්ථාපිත කෙරෙනු ඇත.
රිය පැදවීම නිසා සිර දඩුවම්ද විඳි කාන්තාවන්ට ‘රිය පැදවීම’ (Women2Drive) සංවිධානයේ සංවිධායිකා ට්විටර් මාධ්‍ය ජාලයේ පළ කළ පණිවිඩයකින් සිය සතුට පළ කර තිබුනේ ‘වැස්ස පටන්ගන්නේ වැහි බිංදුවකිනි’ යනුවෙන් සඳහන් කරමිනි.
සෞදි අරාබියේ ඉස්ලාමීය නීතිය පිළිබඳ අර්ථ නිරුපනය අනුව කාන්තාවකට පිටරට සංචාරය, ගුවන් බලපත්‍රයක් ලබා ගැනීම, විවාහ වීම හෝ පිරිමි ඥාතියකුගේ අනුදැනුමකින් තොරව ගෙදරින් පිටව යාම පුරුෂ භාරකාර විධික්‍රමය යටතේ අවහිර කොට ඇත. නිවසක් කුලියට ගැනීම, රථයක් මිලට ගැනීම, වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම, බැංකු ගිණුමක් විවෘත කිරීම හෝ රැකියාවක් ලබා ගැනීම යන ක්‍රියාවන් ද එම අවහිරයට ඇතුළත් වේ.


ධනංජය සූරියබණ්ඩාර