ජනමත විචාරණයට පොලිස් ප්‍රහාර

4e401aa3cdc7b257464b06c2a8c60d77
යුද්ධයට ළමුන් යොදා ගත් බවට ඉරානයට චෝදනා
October 16, 2017
Women2Drive
කාන්තා රිය පැදවීමට එරෙහි සෞදි තහංචිය ඉවතට
October 16, 2017
Show all

ජනමත විචාරණයට පොලිස් ප්‍රහාර

ණි

ස්පාඤ්ඤ පාලනය සහිත කැටලන් (Catalan) පළාතට නිදහස දිය යුතුද? නැද්ද? යන්න සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 01දා ආරම්භ වූ ජනමතවිචාරණය පැවැත්වෙද්දී පොලිසිය සමඟ ඇති වූ ගැටුම් නිසා විශාල පිරිසක් තුවාල ලද බව එම පළාතේ නිලධාරීහු පවසති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් නීතියට පටහැනි යයි තීන්දු කරන ලද මෙම ජනමත විචාරණය නොපවත්වන මෙන් ස්පාඤ්ඤ ආණ්ඩුව නියෝග කර තිබුණි. කැටලන් පළාත ස්පාඤ්ඤයට අයත් ස්වයංපාලන බලතල සහිත භූමියක් වන අතර ‘බාසිලෝනා’ එහි අගනුවරයි. මෙම ජනමත විචාරණය කැඳවන ලද්දේ ‘කැටලන්’ ප්‍රාදේශීය පාර්ලිමේන්තුව විසිනි.
ඒ අනුව පැවැත්වුණ ඡන්ද විමසීම් ආරම්භයේ පටන්ම පොලිසියෙන් ඊට බාධා ඇති වූ බව එම පළාතෙන් ලැඛෙන වාර්තා මගින් පැවසෙයි. මහජනයාට ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණීමට ඉඩ නොදුන් ස්පාඤ්ඤ පොලිසිය, ඡන්ද මධ්‍යස්ථානවලට කඩා පනිමින් ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා පැහැරගෙන ඇති බව අනාවරණය වේ.
තවද ජනමත විචාරණයට පක්ෂව උද්ඝෝෂණය කරමින් සිටි ජනතාවට බැටන් ප්‍රහාර හා පොලිසිය විසින් රබර් උණ්ඩ මගින් වෙඩි තබන ලද බවද ‘බාසිලෝනා’ නගරයෙන් වාර්තා වෙයි. තවද පොලිස් ප්‍රහාර මගින් 377 දෙනකුවත් තුවාල ලද බව ‘කැටලන්’ නිලධාරීන් පවසති.
මෙම ජනමතවිචාරණය වළක්වාලීම සඳහා විශාල පොලිස් බලකායක් කැටලන් කරා යැවීමත්, එහිදී පොලිසිය හැසිරුණ ආකාරයත් එම පළාතේ නායක Carles Puigdemont විසින් හෙළා දකිනු ලැබ ඇත.
‘ස්පාඤ්ඤ ආණ්ඩුව විසින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා යුක්ති සහගත කරන්න බැහැ. ඒ වගේම එවැනි ක්‍රියා මගින් ‘කැටලන්’ මහජන අභිලාෂය යටපත් කරන්නත් බැහැ’ යනුවෙන් කැටලන් නායකයා ප්‍රකාශ කර සිටියේය.
එහෙත් සිදුවීම් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අභ්‍යන්තර කටයුතු භාර ඇමති ජුවාන් ඉග්නාසියෝ කැටලන්හි නායකයාට වගකීම් පවරමින් චෝදනා කළේය.
කෙසේ නමුත් ජනමත විචාරණය සඳහා සිය ඡන්දය දීමට පැමිණි කාන්තාවක් අදහස් දක්වමින්, ප්‍රකාශ කළේ පොලිසිය බාල – මහළු භේදයකින් තොරව පයින් පවා පහර දුන් බවය.


ධනංජය සූරියබණ්ඩාර