යුද්ධයට ළමුන් යොදා ගත් බවට ඉරානයට චෝදනා

592dc5af74932df75e74e2e46f38c0ae_XL
හිට්ලර්ගේ මුණුපුරන්ගේ පාර්ලිමේන්තු ආගමනය
October 16, 2017
ණි
ජනමත විචාරණයට පොලිස් ප්‍රහාර
October 16, 2017
Show all

යුද්ධයට ළමුන් යොදා ගත් බවට ඉරානයට චෝදනා

4e401aa3cdc7b257464b06c2a8c60d77

ඉරානය එරටට ඇෆ්ඝනිස්ථානයෙන් සංක්‍රමණය වූ බාලවයස්කරුවන් සිරියාවේ යුද්ධය සඳහා බඳවා ගනිමින් ඇතැයි ‘හියුමන් රයිට්ස් වොච්’ මානව හිමිකම් සංවිධානය පවසයි. සිරියානු ආණ්ඩුවේ හමුදා වෙනුවෙන් සටන් කිරීම සඳහා ඉරානය විසින් පුහුණු කරනු ලබන විශේෂ ඇෆ්ඝන් සේනාංකයක් සඳහා එම දරුවන් බඳවා ගන්නා බව එම ආයතනය කියා සිටියි. මෙම සංවිධානය පවසන ආකාරයට වයස අවුරුදු දාහතරේ තරම් ළමුන් පවා එම යුද පුහුණුවට යොදා ගනු ලැබ සිටිති.
සිරියාවේ සටන් කොට මරණයට පත් ආකාරයක් පෙනී යන ඇෆ්ඝන් ළමුන් අට දෙනකුගේ (ඉරානයේ පිහිටි සොහොන්වල ඇති) ඡායාරූප එම ළමුන් හඳුනා ගැනීම සඳහා තමන් උපයෝගී කර ගත් බවත් මානව හිමිකම් ආයතනය සඳහන් කර ඇත.
තවද ගවේෂණයක් මගින් හෙළි වූ ආකාරයට සිරියානු ආණ්ඩුව වෙනුවෙන් සටන් කිරීම සඳහා ටෙහෙරාන් බලධාරීන් විසින් වැඩි වශයෙන් බඳවා ගනු ලැබ තිඛෙන්නේ හසාරා (Hazaras) ජන වර්ගයට අයත් පීඩිත ඇෆ්ඝන් ජාතිකයන්ය. එසේ බඳවා ගනු ලැබුණු ඇතැම් පුද්ගලයන් සටන් බිමෙන් පලා ගොස් යුරෝපයට ඇතුල් වීම සඳහා පියවර ගත් අවස්ථාවන් ද වාර්තා වෙයි.
තුන් ලක්ෂයකට ආසන්න ඇෆ්ඝන් ජාතිකයන් ඉරානයේ ජීවත් වෙන අතර ඔවුන් එරට දෙවන පන්තියේ වැසියන් කොටසක් හැටියට ජීවත් වෙති. ඉරාන් විප්ලවීය හමුදාව විසින් ඇෆ්ඝන් ජාතිකයන් දහදාහක් තරම් විශාල පිරිසක් බඳවා ගනු ලැබ ඇතැයි ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය ඇස්තමේන්තු කරයි. කෙසේ වෙතත් රාජ්‍ය මට්ටමින් කිසිදු ඇෆ්ඝන් ජාතිකයකු යුද්ධයට බඳවා ගෙන නොමැති බව ඉරාන් විදේශ අමාත්‍යාංශය කියා සිටියි.


ධනංජය සූරියබණ්ඩාර