ආණ්ඩුව අධිවේගයෙන් ජන ජීවිතත් යට කරනවා

ලුfbhz
මහින්ද නැති අතර ශිරන්තිට කේක් කටක් !
October 17, 2017
නව ව්‍යවස්ථා කෙටුම්පත
අලියා – අන්ධයෝ හා නව ව්‍යවස්ථා කෙටුම්පත
October 17, 2017
Show all

ආණ්ඩුව අධිවේගයෙන් ජන ජීවිතත් යට කරනවා

න්න

ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, කැලණි මිටියාවත සුරැකීමේ සංවිධානයේ සභාපති
අශෝක රංවල

බස්නාහිර පළාත ජෛව විවිධත්වයේදී ප්‍රමුඛ තැනක් ගන්නවා. මේ වන විට සිදු වෙමින් පවතින පරිසර හානි ඔබේ ප්‍රදේශයට කරන බලපෑම මොන වගේද?

බස්නාහිර පළාත් ගත්තාම ජන ගණත්වය ඉහළ පළාතක්. තෙත් කලාපයට අයත් මෙම පළාතේ පරිසර විවිධත්වය ඉතාම ඉහළයි. විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය මේ පිළිබඳව විශේෂ තැනක් ගන්නවා.
නමුත් අද වෙනකොට ඇති කරමින් තිඛෙන පාරිසරික ගැටලු ප්‍රමාණය අති විශාලයි. ප්‍රදේශයේ බලධාරීන් පවා වැලි ටික ගොඩ දා ගන්න, පස් කන්දක් ඛෙදා ගන්න අරගල කරනවා මිසක් ප්‍රදේශයේ පාරිසරික වටිනාකම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත්වීමක් කරන්න මැදිහත්වීමක් කරන්නේ නෑ.
ඒ නිසාම අපි පරිසරවේදීන් විදිහට මේ කාර්යයට මැදිහත් වෙනවා. මොකද මේ ආර්ථීක ක්‍රමයට පරිසර පද්ධතියක් තියා කළු ගලක්වත් රකින්න පුළුවන් කියා අපි විශ්වාස කරන්නේ නෑ.
වඩා සංවේදී පරිසර කලාප රට තුළ තිබුණත් ගම්පහ දිස්ත්‍රික්කයේ අධික ජන ගණත්වය සහ ඉලක්ක සහගතව සංවර්ධනය සැලසුම් නොකිරීම ආදී කරුණු නිසා අපි ගම්පහ දිස්ත්‍රික්කයට වැඩි මැදිහත්වීමක් කරනවා. ඒ වගේම අපි නව ආර්ථීක යෝජනා සමග දේශපාලන පරිවර්තනයකටද මැදිහත් වෙනවා.

මෙරට සිදු කරන ලද සංවර්ධන කටයුතු වල ප්‍රතිඵලයක් විදිහට ජනතාව විශාල වශයෙන් ආපදා තත්ත්වයන්ට ගොදුරු වෙමින් සිටිනවා නේද?

ඒක ඉතාමත් බරපතළයි. සංවර්ධන කටයුතුවලදී නිවැරදි අධ්‍යනයක් නොකිරීම සහ පවතින පරිසරය පිළිබඳව නොතැකීම මෙයට ප්‍රධාන හේතුව වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට බියගම ආසනය තුළ තියෙන අධිවේගී මාර්ගයට අයත් වටරවුම් පාර කඩුවෙල දක්වා යනවා. මාලඹේ දක්වා තිඛෙන කොටසත් එහෙමයි. මෙම පාර සකස් කරලා තියෙන්නේ කණු උඩ. ඒක මුල් සැලසුමේ තිබුණ දෙයක් නෙමෙයි. අපි මේ සඳහා දැවැන්ත අරගලයක් කළා. එම අරගලයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි පෙන්වලා දුන් කරුණු අනුව මෙම මාර්ගය කණු මත ඉදි විය යුතුයි කියලා විද්වතුන් පිළිගත්තේ.
කැලණි මිටියාවත සුරැකීමේ සංවිධානය හැටියට අපි දැවැන්ත අරගලයක් කළා. මුලින් සැලසුම් කර තිබූ ආකාරයට එම මාර්ගය පස් කන්දක් මත ඉදි කළා නම් ගංවතුර තත්ත්වයකදී ජලය බැස යන්න මගක් නැති වෙනවා. ලංකාව වගේ අරීය ජල වහන පද්ධතියක් සහිත රටක පස් කඳු මත මාර්ග සකස් කිරීම වැරදියි. එවැනි අවිද්‍යාත්මක කටයුතුවලින් ජනතාව අපහසුතාවයට පත් වෙනවා නම් ඒක සංවර්ධන කටයුත්තක් නෙවෙයි.
ඒක ජනතාවට විතරක් නෙවෙයි ජෛව විවිධත්වයක් තියෙන රටක පරිසරයට සතා සීපාවාටත් විශාල බලපෑමක් කරනවා. ඒ නිසා එම කරුණ සම්බන්ධයෙන් සැලකිලිමත්වීම අනිවාර්ය කාරණාවක් වෙනවා.
යෝජිත කොළඹ නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී එම මාර්ගය කණු මත ඉදිකිරීම සඳහා ඒ වෙනුවෙන් ජනතාව අරගල මගට බසින්නම ඕනේ. එහෙම නොවුනොත් ඇතිවෙන ආපදා තත්ත්වයන්ට මුහුණදීමත් ජනතාවටම විඳ දරා ගන්න සිදු වේවි.

ජල මූලාශ්‍ර අපවිත්‍රවීම කියන කාරණාව ගැන පැහැදිලි කිරීමක් කරන්න

මේ මුළු රටටම බරපතළ විදිහට බලපාලා තියෙන ප්‍රශ්නයක්. ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව පමණක් නෙවෙයි. කැලණි ගඟ ජලය මුළුමනින්ම දූෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා. කැලණි ගඟ පරිහරණය කරන සෑම දිස්ත්‍රික්කයක්ම මෙහි ගොදුරක් බටව පත් වෙලා තියෙනවා. බොහෝ වෙලාවට අපි පරිහරණය කරන ජලය ඒ සඳහා සුදුසු තත්ත්වයක නෙවෙයි තියෙන්නේ.
මේ සඳහා අපි තාක්ෂණිකව මැදිහත්වීමක් කරලා තියෙනවා. අපි සංවිධානයක් විදිහට අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවලට මැදිහත්වෙලා පොළොවට විෂ රසායන ද්‍රව්‍ය එක් වීම කියන තත්ත්වය වැළැක්වීමට කටයුතු කරමින් ඉන්නවා. මේක රජයට අයත් කාර්යයක් වුණාට අපි මේ වෙනුවෙන් මැදිහත්වෙලා කටයුතු කරමින් ඉන්නවා.

තාක්ෂණික මැදිහත්වීම යනුවෙන් ඔබ අදහස් කළේ කුමක්ද?

අධික දූෂ්‍ය කාරක රසායනික පරිසරයට එක් කිරීමෙන් වළකින්න ඕනේ. එවැනි කර්මාන්ත පවත්වාගෙන යාම නතර කරන්න ඕනේ. අද වෙනකොට වෙනත් රටවලින් ඉවත් කළ කර්මාන්තශාලා අපේ රටේ පවත්වාගෙන යනවා. පසට විෂ මිශ්‍රවීම වළක්වන්න ඕනේ. ජල මූලාශ්‍ර දූෂණය වීම වළක්වන්න පුළුවන් වෙන්නේ එතකොටයි.
ලෝකයේ ජල පිරිපහදුව සිදු කරන්නේ පානීය අවශ්‍යතා සඳහා ගැනීමට නෙමෙයි. වෙනත් අවශ්‍යතාවයන් සඳහා භාවිතා කරන්නේ. ළිඳකින් ගන්නා ජලය තරමට පිරිසිදු ජලය ලබා ගන්න තාක්ෂණයක් තවම ලෝකයේ නැහැ. මූලිකවම සිදු වෙන්න ඕනේ දේ තමයි අපි මේ ජීවත්වෙන වටපිටාව ආරක්ෂා කර ගන්න එක. පරිසරය සුරැකීම කියන එක තමයි වැදගත් හා මූලිකම දේ. නමුත් මෙම පාලන ක්‍රමය තුළ ඒ දේ සිදු වෙයි කියලා බලාපොරොත්තු තියා ගන්න තරම් අපි අඳබාල විය යුතු නැහැ.
ඒ නිසාම තමයි අපි අපේ ක්‍රියාකාරකම් දේශපාලන පරිවර්තනයක් දක්වා ගෙන යන්න කටයුතු කරමින් ඉන්නේ.


කිත්සිරි කොඩිතුවක්කු