ජීවකයන්ගෙන් ජීවය ඉල්ලන ඉසිවර අසපුවක සිට…

අධ්‍යාපනයට වින කටී
මධ්‍යම පළාත් මහ ඇමති තව දුරටත් අධ්‍යාපනයට වින කටී
October 17, 2017
ලුdgbSA
කීවොත් සග නසී නොකීවොත් රට නසී…!
October 17, 2017
Show all

ජීවකයන්ගෙන් ජීවය ඉල්ලන ඉසිවර අසපුවක සිට…

ණ්jhgfds

අරුණෝදාගම ගමෙහි වැව් ඉහත්තාවේ කුඩා ගෙපැලකින් එක් විට නැගුණු අඳෝනා හඩ අවට කඳුවැටියේ හැපී දෝංකාර දෙමින් ක්‍රමයෙන් වියැකි ගියේය. විසි දෙවසරක් පුරා පස් දෙනෙකුගෙන් යුතු පවුලකට දෛනික කුලී රැකියාවේ යෙදෙමින් ජීවය දුන් තවත් එක් මිනිසකු ජීවිතයෙන් සමුගෙන තිබිණි. ඒ වසංගතයක් මෙන් දිනපතා මිනිසුන් බිලි ගත්නා පිළිකා රෝගයට ගොදුරු වෙමිනි. මරණාධාර සමිති දායකත්වයෙන් මල් ශාලාවෙන් එවූ මිනීපෙට්ටියට ගේ ඉඩකඩ ඇහිරී තිබිණි. දරුවන් අදුරට මුවා වී තැන තැන ඉකිබිඳිමින් සිටි අතර, දුප්පත්කමෙන් හෙම්බත්වී කෘෂ වී ගිය ශරීරයකින් යුත් ගෙහිමි කාන්තාව මීනීපෙට්ටිය පාමුල වැටී නමා ගත් හිසින් යුක්තව අපැහැදිලි හඩින් යමක් මුමුණමින් වේගයෙන් සුසුම්ලමින් සිටියාය. මරණාධාර සමිති සාමාජිකයෝ යුහුසුලුව නිවසේ ඉදිරි පියස්සට අල්ලා ජංගම ගොඩනැගිල්ල සවි කරති. තවත් අය පුටු ආදිය සකසාලමින් සැරසිලි කටයුතුවල යෙදී සිටි අතර, නුහුරු නුපුරුදු අයුරින් ඈතින් කන්ද තරණය කරමින් මළගෙදර දෙසට ඇදෙන යුවළක් දුටු එක් අයෙකු වහා ගෙතුළට ගොස් ශෝකයෙන් මුසපත්ව සිටි ගෙහිමි කාන්තාව අමතා ‘අන්න දොස්තර මහත්තයලා එනවා ගිහින් කතා කරපන්’ යැයි පැවසීය, ‘දැන් දොස්තර මහත්තයයි, නෝනයි දෙන්නා තරගයට මළ ගෙවල්වලට යනවා. පින්කම්වලට යනවා. පන්සල් උත්සවවලට යනවා. සෙනඟ ඉන්න හැම තැනකටම යනවා. මොකද දන්නේ නෑ ඡන්දෙකටවත් ඉල්ලන්න ද’ එක් අයෙකු පැවසීය. ‘නෑ බං ඔය ප්‍රයිවට් චැනල් එකට මිනිස්සු අද්දවා ගන්න. ඔය දෙන්නා මාර තරහයි. නයයි, මුගටියයි වාගේ. දැනටමත් ඉස්පිරිතාලේ ඉවරයි’ එතැන් සිට මිනිසුන් ගේ මාතෘකාව රෝහල හා වෛද්‍යවරුන් ගැනම පමණක් වීය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කඳු ශිඛර මැද දුෂ්කර ගම්මානයන්ට මැදිව මීට වසර 160කට ඉහත කාලයක සිට අවට දුගී දුප්පත් මිනිසුන්ගේ ජීවිත සුවපත් කළ ගෝනිගොඩ රජයේ රෝහල එකී මිනිසුන්ගේ ජීවිත හා ළබැඳි සමීප සම්පතක් බවට පත්වී තිබිණි. සොච්චම් වැටුපකට ඉඩම් හිමි ධනවතුන්ගේ කුඹුරු ඉඩම්වලට තම දහදිය කඳුළු මුසු කළ වතු කම්කරුවාගේ සිට මාර්ග පහසුකම් නොමැතිව කඳු පල්ලම් නගිමින් බසිමින් ඇළ වේලි, කුඹුරු නියරවල් මතින් ළමා ළපටීන් කරපින්නාගෙන ද, වැඩිහිටියන් පුටු මැහිවල තබා ඔසවා ගනිමින් ද, බොහෝ දුෂ්කර ක්‍රියා කරමින් මෙම රෝහලට පැමිණුණේ එකී ජීවිත ගොඩගැනීමට මෙම රෝහලේ වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩලයට ඇති හැකියාව පිළිබඳව ගැමියන් තිබූ බලවත් විශ්වාසය නිසාවෙනි. එකල මෙම රෝහලේ සේවය කළ ද්‍රවිඩ මෙන්ම සිංහල වෛද්‍යවරුන් ද වෛද්‍ය සේවය ගෞරවනීය අයුරින් සේවයක් ලෙසට සලකා කටයුතු කිරීම නිසා හද්දා පිටිසර දුගී දුප්පත් ගැමියන් විසින් ඔවුන් දේවත්වයෙහිලා සලකනු ලැබීය.
එහෙත් අරමුණක් හෝ හැඟීමක් නැති පාලකයන් විසින් මිනිසුන් රොබෝවරුන් බවට පත් කර සියල්ලම මුදලටම තක්සේරු කළ යුගයක් ගොඩනැගූ පසුව ගෞරවනීය වෛද්‍ය සේවය ද දිනෙන් දින ඔඩු දුවා ගිය තුවාලයක් බවට පත් වීය. යාන වාහන, විසිතුරු නිවාස හා බැඳුණු සුඛෝපභෝගී ජීවිත පතා මුදලටම කෑදර වී, මුදල් පොදි ගැසීම සිය ජීවිතය කර ගත් වෛද්‍යවරුන් නිසා ගෝනිගොඩ රෝහල ද, අවට ගම්මාන ද කණකොක් හඩින් වෙව්ලා ගියේය. තම නේවාසිකාගාර ගොඩනැගිලි ඛෙහෙත් සාප්පු බවට පත් වෙද්දී රෝහල් සේවාව වියැකී වළපල්ලට ඇදී යන්නට වීය. කොස්, දෙල් හා බත්වලින්ද, කුඹුරු නියරවල පළා වර්ග හා නැවුම් පලතුරුවලින් ද පෝෂිතව දුප්පත් වුවද, නිරෝගීකමෙන් ශක්ති සම්පන්න වූ ගැමියා කිසි දින නොඇසු නොයෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙද්දී, ගෝනිගොඩ රෝහලට ද එක් වෛද්‍යවරයෙකු ප්‍රමාණවත් නොවිණි. එකා දෙන්නා වූ පසුව තරගය ඇරඹිණි.
එක් වෛද්‍යවරයෙකු විසින් භාර ගත් රෝගියකු හට අනෙක් වෛද්‍යවරයා ප්‍රතිකාර නොකරන මට්ටමට වෛරය පුපුරා ගියේය. එක් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගත් රෝගියෙකු හට අනෙක් වෛද්‍යවරයා මුදලටවත් ප්‍රතිකාර නොකළේය. ළඟ ළඟ පිහිටි වෛද්‍ය නේවාසිකාගාර නිසා නිතර පැමිණෙන රෝගීන් පිළිබඳ දෙදෙනා හට හොඳ අවබෝධයක් විය. රාත්‍රී කාලයේදී වෛද්‍යවරුන් දෙදෙනා සිය නේවාසිකාගාරවලට ගල් ගසා ගැනීමට පවා පෙළඹිණි. රෝහල් කාර්ය මණ්ඩලය ද දෙකට ඛෙදිණි. සතිපතා පැවැත්වෙන වෛද්‍ය සායන ද අඩපණව ගියේය. බොහෝ රෝගීන් කිලෝ මීටර් 10ක් පමණ දුර ගෙවා රීදීගම රෝහල කරා යන්නට විය. රෝගීන්ට රෝහල කෙරේ තිබුණේ බලවත් කලකිරීමකි.
කෙසේ හෝ එම වෛද්‍යවරුන් ස්ථාන මාරු වී ගිය අතර, ඉන් පසු පැමිණි වෛද්‍යවරයාට පැවරී තිබුණේ අතිමහත් කාර්යභාරයකි. නිරන්තරයෙන් ප්‍රීතිමත්, ප්‍රසන්න සිනාවකින් හෙබි ඔහු එතැන් සිට ගෝනිගොඩ රෝහල ප්‍රදේශයේ ජනප්‍රියතම රෝහල බවට පත් කිරීමට නොපසුබට උත්සාහයක යෙදෙමින් දිවා, රාත්‍රී එක සේ දිරිමත්ව ක්‍රියා කළේය. වෛද්‍ය සේවාව යනු ගෞරවනීය සේවාවක් මිස තරගයට මුදල් ඉපයීමක් නොවන බව පසක් කළ ඔහු ගත් උත්සාහයන් සියලු ප්‍රදේශවාසීන්ගේ ඉමහත් ප්‍රශංසාවට ලක් විය. වසරකුත් මාසයක් පුරාවට දුගී දුප්පත් අහිංසක ගැමියන් ගේ ජීවිත සුවපත් කිරීමට තනිවම ඔහු ගත් උත්සාහයේ ප්‍රතිඵල අද වන විට මල් පල ගැන්වෙමින් තිබේ. බාහිර රෝගී පරීක්ෂාව ද, නේවාසික රෝගීන් පරික්ෂාව ද, සායන රෝගීන් පරීක්ෂාව ද, ඔවුන්ට ප්‍රතිකාර කිරීම ද, වඩාත් අමාරු රෝගීන් තමාගේ පරීක්ෂාව යටතේ කුරුණෑගල මහ රෝහල කරා රැගෙත යාම ද, ඖෂධ වර්ග ලබා ගැනීම ද, රෝහල් සංවර්ධන කටයුතු ඉටු කිරීම ද, තම කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවන් ඉටු කිරීම ද කළ ඔහුට දවස ගෙවී යනු නොදැනිණ. එතරම්ම කඩිසර හා කාර්යක්ෂම අයුරින් සිය සේවාව මනා ලෙස ඉටු කරන වෛද්‍යවරයා මේ වන විට තවත් වෛද්‍යවරයෙකුගේ ද, දන්ත වෛද්‍යවරයෙකුගේ ද, සහාය ලබා ගනිමින්, කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ගෙන්වා රෝගීන් පරීක්ෂාවට ලක් කරමින් ප්‍රදේශයට ඉමහත් සේවාවක් ඉටු කරමින් සිටියි.
2014 වර්ෂයේ මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත් රෝගීන් සංඛ්‍යාව 30,000කට අඩු වුවද, මේ වන විට එම සංඛ්‍යාව 60,000ක් ඉක්මවා තිබේ. සෑම සතියකම දින 04ක් වෛද්‍ය සායන පවත්වනු ලබන අතර, ඒ සඳහා හෙදියන් 07 දෙනෙකු ද, සාමාන්‍ය කම්කරුවන් 05 දෙනෙකු ද, සනීපාරක්ෂක කම්කරුවන් 04 දෙනෙකු ද, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ද, ඖෂධ සංයෝජකයන් දෙදෙනෙකුගේ ද සහාය ඔහු හට ලැබේ. කුලියාපිටිය ‘සෙරන්ඩිපෝල්’ පෞද්ගලික ආයතනයේ පරිත්‍යාගයක් ලෙසින් රුපියල් ලක්ෂ 111ක වෛද්‍ය උපකරණ කුරුණෑගල සෞඛ්‍ය ලේකම්වරයා හරහා ලබා ගත් මොහු එම උපකරණ රඳවා ඇති කාමර වායු සමීකරණය කර නඩත්තු කිරීම සඳහා ප්‍රදේශයේ සමිති සමාගම් හා පරිත්‍යාගශීලිීන්ගේ උදවු උපකාර ලබා ගනිමින් සිටී. මේ වන විට රසායනාගාර ක්‍රියාත්මක වන අතර හදිසි රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වන විදුලි ඇඳන් 8ක් ද සවි කර තිබේ.
වයඹ පළාත් සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුදැනුම මත කොයිකා ආයතනය මගින් වෛද්‍ය උපකරණ ලබා ගනිමින් සිටින අතර, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ ද උපකාර ලබා වඩාත් දියුණු සෞඛ්‍ය සේවාවක් සැපයීමට මෙම වෛද්‍යවරයා සමත්ව සිටී. පිහිඹුව වටවනාරාමාධිපති වෑගම සරණතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් පිහිඹුව තරුණ බෞද්ධ සංගමයේ උදවු උපකාරයෙන් ඇඳන් 6ක පහසුකම් ඇති භික්ෂු වාට්ටුවක් සෑදීම මේ වන විට ආරම්භ කර තිබේ. රෝහලේ ඇති පරණ වාට්ටුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහාත් ඇඳන් 20කින් සමන්විත අලූත් වාට්ටුවක් සකස් කිරීම සඳහාත්, මාතෘ සායන හා ළමා වාට්ටුවක් සකස් කිරීම සඳහාත් අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමටත් මේ වන විට සැලසුම් කර ඇති අතර, තවද මේ සඳහා දානපතීන්ගේ පරිත්‍යාගයන් ද බලාපොරොත්තු වන බවත්, රෝහල් කමිටුවෙන් මේ සඳහා සුවිශාල දායකත්වයක්, පිටිවහලක් ලැඛෙන බවත්, මේ වන විට ඖෂධ සඳහා වාර්ෂිකව රුපියල් ලක්ෂ 60ක පමණ ඇස්තමේන්තු සකස් කරන බවත්, ඉදිරියේ දී එය තවත් ඉහළ යා හැකි බවත් මෙම දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී එස්. එච්. නාමල් නරේන්ද්‍ර මහතා ප්‍රකාශ කරයි.

ස්ටැන්ලි ෆොන්සේකා
රෝහල් කමිටු ලේකම්

හිතා ගන්නවත් බැරි විදියට රෝහල දියුණු වෙනවා. ඇත්තටම ඒක මේ ප්‍රදේශයේ දුප්පත් මිනිස්සුන්ට ලොකු සහනයක්. මම ඉල්ලා සිටිනවා දානපති පරිත්‍යාගශීලිීන්ගෙන් අපිට උදවු කරන්න කියලා.

එස්. පී. රණවීර

හැමදාමත් කුලී වැඩ කරලා ජීවත් වන අපිට යන්න පුළුවන් ළඟම ඉස්පිරිතාලෙ ගෝනිගොඩ. දොස්තර මහත්වරු හරිම හොඳයි. තුන්දෙනාම හරිම සමඟියි. හොඳට පරීක්ෂා කරල බලලා ඛෙහෙත් ටික දෙනවා. සල්ලි මත්තෙ නැහෙන්නෙ නෑ.

ගුණරත්න මිය

වෛද්‍ය සායන තියෙනවා. දැන් ඉස්සර වගේ නොවෙයි, අපිට හුඟක් පහසුයි.

එස්. එම්. ගුණවර්ධන

පසුගිය කාලයේ රෝහල තිබුණු තත්ත්වය හැටියට මෙහෙම දියුණුවක් හිතා ගන්නත් අමාරුයි. අපි පුළුවන් විදියට උදවු කරනවා.


සටහන සහ ඡායාරූප
ඒ. ඒකනායක