දැන් සයිටම් රකින්නේ ආණ්ඩුව විතරයි

නව ව්‍යවස්ථා කෙටුම්පත
අලියා – අන්ධයෝ හා නව ව්‍යවස්ථා කෙටුම්පත
October 17, 2017
22049967_1947907862091669_17601894883226964_n
අඹේවෙල උණුසුම් කළ ගොවි සටන
October 17, 2017
Show all

දැන් සයිටම් රකින්නේ ආණ්ඩුව විතරයි

ඩුfdhg

වෛද්‍ය ජයන්ත බණ්ඩාර

රුපියල් ලක්ෂ 120ක් වැනි අධික මුදලකට වෛද්‍ය උපාධි ලබා දෙන බවට ප්‍රසිද්ධ දැන්වීම් පළ කරමින් ආරම්භ කළ මාලඹේ සයිටම් ආයතනය හොර ජාවාරම්කාර තිප්පොළක් බව ඔප්පු වී හමාරය. මුල සිටම කරුණු සහිතව හෙළි කරමින්, විරෝධය පළ කළ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, ජයන්ත බණ්ඩාර මෙවර විද්වත් සංවාදයට සහභාගී කර ගත්තෙමු. අධ්‍යාපනයේ නාමයෙන් ගෙන ගිය ජාවාරමේ වර්තමාන තත්ත්වය පිළිබඳව අප නැඟ+ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරු මෙහි දැක් වේ:

සයිටම් ආයතනය පිළිනොගන්නා බව බි්‍රතාන්‍යයේ වෛද්‍ය සභාව ප්‍රකාශ කළ පසු තත්ත්වය මොන වගේද?

සයිටම් ආයතනය 2009දී ලංකාවේ ප්‍රසිද්ධ පුවත් පත්වල දැන්වීමක් දැම්මා. එයින් කියවුණේ මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා දී තිඛෙන බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේත් අනුමැතිය සහිත බව පළ කර තිබීම විශේෂයක්. මහා පරිමාණයෙන් මේ හොරකම පටන් ගත්තේ එදා දේශපාලන හයිය අරගෙන. ඒ වෙලාවෙත් අපි එය අනුමැතිය ගත්තා කියන කතාව බොරුවක් බව කීවා. රටේ මිනිස්සු ඒ වෙලාවේ පිළිගත්තේ නෑ නේ ඒක. ඔය ආයතනය පටන් ගත්තේ ම සෑම තැනකටම බොරු ගොඩක් කරලයි. ඒ අතුරින් එකක් තමයි, ශ්‍රී ලංකාවේ හා මහා බි්‍රතාන්‍යයේ වෛද්‍ය සභාවල අනුමැතිය සහිතයි කීම. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා නොදීම අභියෝගයට ලක් කරමින්, එක ශිෂ්‍යාවක් අධිකරණයට ගියා නේ. හොර පාරකින් ගිහින් අධිකරණ තීන්දුවක් ලබාගෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ගන්නයි උත්සාහ කළේ. නමුත්, මේ වගේ වංචාකාරී ලෙස ක්‍රියා කිරීම නිසයි, මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව මේක ‘බ්ලැක් ලිස්ට්’ කළ ආයතනයක් බවට නිවේදනයක් නිකුත් කරන්න සිද්ධ වුණේ. ඊට පස්සේ තවත් රටවල් ඒ තීන්දුවම අනුගමනය කළා. ලෝකයේ මූලික වශයෙන්ම පිළිගන්න වෛද්‍ය සභාවක් තමයි, මහා බ්‍රිතාන්‍යයේ තියෙන්නේ. ලංකාවේ වෛද්‍ය සභාව පිහිටුවන්න ඉස්සර ලියාපදිංචි වුණෙත්, බි්‍රතාන්‍ය වෛද්‍ය සභාවේ. ඔවුන් මානව වෛද්‍ය සභාව හැටියටයි සලකන්නේ. ඔවුන් පිළිනොගන්නා දෙයකට ලෝකයේ කොහේවත්
පිළිගැනීමක් ලැඛෙන්නේ නැහැ. මේ නිසා සයිටම් එකට විශාල පරාජයක් අත් වෙලා තියෙන්නේ. ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව වගේ රටවලත් ප්‍රතික්ෂේප කර තිඛෙනවා මේ වන විටත්.

අධිකරණ ක්‍රියාමාර්ගවල තත්ත්වය කොතනකද රැඳී තිඛෙන්නේ ?

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ වෙන සංවිධාන ගණනාවක් තියෙනවා නේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒ සංවිධානවලට වෙන වෙන ම ස්ථාවරයක් තියෙන්නේ. සයිටම් එක හරහා රටේ අධ්‍යාපනයට සිදු වන හානිය සහ නිදහස් අධ්‍යාපනයේ පදනම උල්ලංඝනය වීම මත අපි විරුද්ධයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝව පිළිගන්නේ අනෙකුත් කිසිම දෙයකට යටත් නොවී කුසලතාව මත සැමටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය සැමටම සමානව තිබිය යුතු බවයි. දේශපාලනය, ජාතිකත්වය, ආගම හෝ මුදල මත උසස් අධ්‍යාපන අයිතිය සීමා නොවිය යුතු බවයි, ඒ පිළිගැනීම. මුදලට අධ්‍යාපනය විකිණීම මේ අනුව අනුමත කරන්න බෑ. අපි ඉන්නේ මේ ස්ථාවරයේ.
නමුත්, සමහර සංවිධානවලට මේ දෙක ම අදාළ නෑ, ඒ ගොල්ලන්ට තියෙන ප්‍රශ්නය බාල වෛද්‍යවරුන් බිහි වුණොත්, රෝගීන්ට වන බලපෑම. අපි මේ දෙපැත්තම සලකා බලනවා. බාල වෛද්‍යවරුන් බිහි වීම බරපතළ ලෙස සලකනවා. ඊටත් වඩා අධ්‍යාපනයේ මූලික අයිතිය ගැන සැලකිල්ලක් දක්වනවා. ඔය දෙකම අපි සලකා බලනවා.

එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තිඛෙන නඩුව මොකක්ද?

අන්න ඒක තමයි, මම මේ කියන්න ආවේ. සයිටම් ආයතනයේ ශිෂ්‍යාවක් වෛද්‍ය සභාවට විරුද්ධව අභියාචනාධිකරණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිඛෙනවා. මේ අධිකරණ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන් පදනම් වෙලා තියෙන්නේ, බාල වෛද්‍යවරුන් බිහි වෙනවා කියන තර්කය මත. මෙතැන තියෙන්නේ සයිටම් එකේ ප්‍රමිතිය හදා ගත්තොත්, අධිකරණය අනුමැතිය දීමයි. අපි ඉන්නේ ප්‍රමිතිය සියයට සියයක් තිබ්බත්, රටේ පොදු ජනතාවගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කිරීමට විරුද්ධවයි. අපි අතීතයට ගිහින් බැලුවොත්, රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව එදා 1988-89 කාලයේ අරගල කළේ අධ්‍යාපන අයිතිය මුදල් මත උල්ලංඝනය කිරීම පදනම් කරගෙන එදා කවුරුත් ප්‍රමිතිය ගැන ප්‍රශ්න කළේ නෑ. නමුත්, අද සංකීර්ණ තත්ත්වයක තියෙන්නේ. ඔබේ ප්‍රශ්නයට උත්තරය තියෙන්නේ සයිටම් උපාධිය අනුව වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ගන්න කියලා අභියාචනාධිකරණය දුන් තීන්දුවට විරුද්ධව ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්නය මුල් කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ඉවත දමයි කියලා මතයකුත් ප්‍රචාරය කර තිබුණා. නමුත්, මෙතන ජාතික වශයෙන් බලපා තිඛෙන ප්‍රශ්නයක් මූලික වී ඇති බව පදනම් කරගෙන පෙත්සම විභාග කරන්න ශ්‍රේෂ්ඨධිකරණය තීන්දු කරලා තියෙන්නේ.

ජාතික වශයෙන් බලපාන ප්‍රශ්න කියන්නේ, වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් අඛණ්ඩ පන්ති වර්ජනය කිරීම වගේ දේවල්ද?

ශිෂ්‍යයෝ විදියට ඒ අයගේ පැහැදිලි ස්ථාවරය වෙන්නේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වෙනවා ය කියන දේ. ඒ නිසයි, ඔවුන් ‘සයිටම් එක අහෝසි කරනු’ කියන සටන් පාඨය ගෙනවිත් තිඛෙන්නේ. ඇත්තටම ශිෂ්‍යයෝ සහ වෛද්‍ය සංගම් පටන් ගත් අරගලය දැන් ජාතික ප්‍රශ්නයක් දක්වා පුළුල් වෙලා තියෙන්නේ. වෛද්‍ය ශිෂ්‍ය සංගම්, දෙමාපියෝ, වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, විවිධ වෘත්තීය සමිති වාගේම දේශපාලන පක්ෂත් එකතු වෙලා තියෙන්නේ. මේ විදියට පුළුල් ජනතා අරගලයක් දක්වා යන කොට සයිටම් එකේ දෙමව්පියන් නම්‍යශීලී වෙලා රජයේ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය මාපිය සංගම් එක්ක එකඟතා ගිවිසුමකට පවා ඇවිත් තියෙනවා. මෙහෙම බැලුවාම බරපතළ ජාතික මට්ටමේ ප්‍රශ්නයක් දක්වා වර්ධනය වී තිඛෙන බව පැහැදිලියි.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය මාපියන් අත්සන් කළා කියන එකඟතා ගිවිසුම මොකක්ද?

සයිටම් මාපිය සංගමය සහ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය මාපිය සංගමය අතර පළමුවැනිදා ගිවිසුමක් අත්සන් කරලා. මේ දෙපිරිසම එක් වී පොදු එකඟතා සන්දේශයක් ජනාධිපතිට භාර දි මේ ප්‍රශ්නය විසඳන්න තවත් පැත්තකින් බල කිරීමක් කරන්නේ. සයිටම් එකට විරුද්ධව දැන් විශාල බලවේග පෙළගැසෙමින් එනවා. රට පුරාම විවිධ පාර්ශ්වවලින් පුළුල් වෙලා තියෙන්නේ. සයිටම් මාපියන්ටත් විසඳුමක් අවශ්‍ය වෙලා තියෙන්නේ, මේ පසුබිම තුළ. අනෙක් පැත්තෙන් සයිටම් එකට පක්ෂපාතීව අදහස් දක්වපු අය දැන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් ඉන්නේ. ඒ අතර සෞඛ්‍ය ඇමති විසින් වෛද්‍ය සභාවේ සභාපති ධුරයට දැඩි සයිටම්වාදියකු වන මහාචාර්ය කොල්වින් ගුණරත්න පත් කර තිඛෙනවා. ඇමතිවරයා වශයෙන් රාජිත සේනාරත්න පත් කිරීම කළත්. සමස්ත ආණ්ඩුවේම එකගතාවයෙන් පත් කිරීම කර තිඛෙන්නේ. සයිටම් අනුමත කළ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් පවා හිටියා. බලවේග විශාල වශයෙන් සයිටම් විරෝධයට එකතු වීමත් එක්කලා ඛෙහෝ දෙනෙක් නිහ~යි. සයිටම් එකට පක්ෂව හිටිය අවස්ථාවාදී සංවිධාන සහ ඇතැම් වෘත්තීය සමිති නායකයෝ දැන් නිහඩ වෙලා. සයිටම් එකට ළමයින් ඇතුළත් කළ නෙවිල් පෙරේරා වගේ විශේෂඥ දොස්තරවැන් පිරිසක් පක්ෂව හිටියා නේ. ඔවුනුත් නිහඩයි. ඔය සයිටම් හොර ජාවාරමට විශේෂඥ වෛද්‍යවරුන් හවුල් කර ගත්තේ, උපක්‍රමයක් විදියට. එක්කෝ අඩු මුදලට හරි නැත්නම්, නොමිලේම තමයි, ඇතුළු කරගෙන තියෙන්නේ. නෙවිල් ප්‍රනාන්දුගේ මේ ජාවාරමට විශේෂඥ වෛද්‍යවරු පවා යොදාගෙන ආවරණයක් කරගෙන බව පැහැදිලියි. නෙවිල් පෙරේරා වගේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ළමයින් මේකට දාගත්තේ හොර ජාවාරම මාර්කට් කරන්න. නමුත්, දැන් බොහෝ දෙනෙක් ළමයින් අස් කරගෙන ගිහිල්ලා.

රජයේ වෛද්‍ය විද්‍යාලවල පීඨාධිපතිවරුන් විසඳුම් මාලාවක් ඉදිරිපත් කර තිඛෙනවා. ඒ සම්බන්ධයෙන් පවතින්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමයෙන් කමිටුවක් පත් කර එයින් යෝජනා ගණනක් ඉදිරිපත් කර තිබුණා. වෛද්‍ය පීඨාධිපතිවරුන් සහ ‘සයිටම් විරෝධී ජන පවුර’ සංවිධානය යෝජනාවලට සහයෝගය ලබා දුන්නා. සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම ස්ථීර වශයෙන්ම නැවැත්විය යුතුයි. 2016 දක්වා බඳවාගෙන සිටින සිසුන්ගෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවම සුදුසුකම් සහිත සිසුන් තෝරා අධ්‍යාපනය ලබා දීමට ක්‍රියා කිරීමේ වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි. ඒ සිසුන් සඳහා අතරමැදි කාලයක්දී අන්තර්වාර කමිටුවක අධීක‍ෂණයට යටත් කිරීමටත්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් කමිටුව පත් කළ යුතුයි යන මේ සියලු එකඟතාවයන් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ගැසට් මගින් නීතිගත කළ යුතුයි. යන යෝජනා. මේ ඉල්ලීම් ක්‍රියාත්මක කළ හැකි සාධාරණ ඉල්ලීම් බව කාටත් පැහැදිලියි. මේ යෝජනාවලට බොහෝ පාර්ශ්ව එකඟ වී සිටිනවා.

සයිටම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මාපියන්ට පවා ප්‍රශ්නය විසඳා ගැනීමට අවශ්‍ය නම්, දැන් ප්‍රශ්නය තියෙන්නේ කොතනකද?

ඒ දෙමාපියන් බලන්නේ ඇත්තටම තමන්ගේ ළමයින්ගේ ප්‍රශ්නයක්. අධ්‍යාපනය කඩාකප්පල් වීම. ඔවුන්ටත් දැන් තියෙනවා. රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉන්න සිසු සිසුවියන්ගේ මාපියන් බලන්නේ තමන්ගේ දරුවන්ගේ ප්‍රශ්නයත් බරපතළ වෙලා. දෙගොල්ලන් ම මාපියන් හැටියට බලන්නේ තමන්ගේ දරුවන් ගැන. දෙමාපියන් විදියට ඒකේ වැරැද්දක් නෑ. නමුත්, හිර වෙලා තියෙන්නේ ආණ්ඩුවේ අධ්‍යාපනය විකුණන ප්‍රතිපත්ති එක්කලා. දැන් උසස් අධ්‍යාපන ඇමතිවරයා සයිටම් එක සම්බන්ධයෙන් විපක්ෂයේදී දැඩි පහර එල්ල කළා. හොර, වංචාකාරී ආයතනයක් බවට කළ කතා හැන්සාඩ් වාර්තාවේ තියෙනවා. කිරිඇල්ල අධ්‍යාපන ඇමති වෙන කොට තමන්ගේ ස්ථාවරය අංශක එකසිය අසූවකින් අනික් පැත්ත හරවා ගත්තා. ඉන් පස්සේ කිරිඇල්ල කියන්නේ ‘මේක මහින්ද කළේ. දැන් අපිට කරන්න දෙයක් නැහැ’ කියලා. මහින්ද කළ දේවල් හොඳ නැති නිසා වෙනස් කරන්න නේ මිනිස්සු ආණ්ඩුව වෙනස් කළේ. නමුත්, අලුත් ආණ්ඩුවේ බොහෝ දෙනෙක් මේකට කැමැති වෙලා ඉන්නේ. සයිටම් ආයතනයෙන් කිරිඇල්ල ඇතුළු බොහෝ දෙනෙකුට ලොකු ආර්ථීක වාසි අත් වුණු බවට චෝදනාත් නැගෙනවා.

හැම දේකටම මූල්‍ය චෝදනා නැගීම දැන් සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා නේද?

අපි පැහැදිලිවම සාධක මත ගණනය කරලා මංගල සමරවීර ඇමතිවරයාට පැමිණිලි කළා මුදල් ඇමති විදියට. මෙතන රජයේ මුදල් සහ මහජනතාවගේ මුදල් අවභාවිත කරලා තියෙනවා, සොයා බලන්න කියලා. ලෝකයේ කොහේවත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුද්දකට දෙවරක් ළමයින් බඳවා ගන්නේ නෑ, නමුත්, සයිටම් එක අවුරුද්දකට දෙපාරක් බඳවා ගත්තා. උපාධිය ලක්ෂ 120යි. මේ බඳවා ගන්න සෑම ළමයකුගෙන්ම මිලියන පහක්, හයක් සමහර විට ඊටත් වැඩියෙන් අරගෙන තියෙන බව පැහැදිලියි. ළමයෙකුගෙන් සාමාන්‍යයෙන් රුපියල් මිලියන පහක් ගත්තා නම්, දැන් ළමයින් දාහක් විතර ඉන්නවා. එතකොට රුපියල් මිලියන පන්දහසක් උපයාගෙන තිඛෙනවා. මේගොල්ලන් ලංකා බැංකුවෙන් වරින්වර ණය අරගෙන තියෙනවා, රුපියල් මිලියන දෙදහස් හයසියයක් විතර. තොරතුරු අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මිලියන දෙසිය පණහක් දීලා තියෙනවා. ඊටත් අමතරව මහින්ද රාජපක්ෂගේ කාලයේ රුපියල් මිලියන හයසීයක මහජන මුදල් යොදවලා ශිෂ්‍යත්ව දීලා තියෙනවා. මෙහෙම ගත්තාම මහජනතාවගේ මුදල් රුපියල් මිලියන අටදහසක් විතර අරගෙන තියෙනවා. මෙහෙම තියෙද්දී තමයි, ලෝකයෙන්ම ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් හැටියට වෙච්ච කිසිම සෙතකුත් නෑ. දැන් මේ සල්ලිවලට කරපු දේකුත් නෑ. දැන් ලංකා බැංකුවට ණය වාරික ගෙවන්න බැරිව රුපියල් මිලියන හයසිය තිහක බැංකු අයිරාවකුත් දීලා තියෙනවා. මේ සල්ලිවලින් මොනවාද කළේ ? සක්විති පන්නයේ මහා පරිමාණ මුදල් ජාවාරම් සිදු කර ඇමතිවරුන්ටත් කොටස් ඛෙදුව බවට සාධාරණ සැකයක් තියෙනවා. හිටපු අය සහ වර්තමාන අය කියන දෙගොල්ලන්ම ගත්ත බවයි පැහැදිලි වන්නේ. මෙතන තියෙන වත්කම්වලටත් වඩා මහජන මුදල් ණය හැටියට දීලා තියෙනවා. දැන් මේ ණය අය කර ගන්නේ කොහොමද? කාගෙන්ද? සක්විති මුදල් තැන්පත් භාර ගත්තාම දේශපාලනඥයෝ එයාගෙ ඛෙල්ල මිරිකලා සල්ලි ටික කොල්ලකෑවා. මෙතනත් ඒ වගේ මහා පරිමාණයෙන් මුදල් ජාවාරමක් කර තියෙනවා. මේකට පක්ෂපාතීව කතා කරන්න, පෙනී සිටින්න විවිධ පුද්ගලයන්ට මේ මුදල් ඛෙදා දීලා අනාගතයේ ලාභ ගන්න නෙවිල් ප්‍රනාන්දු සැලසුම් කළ බව පැහැදිලියි. වෛද්‍ය උපාධිය විකුණන බව ප්‍රචාරය කරමින්, පටන් ගත් හොර ජාවාරම දැන් නැවතී තිඛෙන්නේ මෙතන. මේ මුදල් ඛෙදුවේ කාට ද කියලා වහාම සොයන්න ඕනෑ. මේ කොල්ලයේ සියලූම දෙනාට දඩුවම් කරන්න ඕනෑ අධිකරණයෙන්. මේ හැමදේම ගැන මුදල් ඇමතිවරයාත්, ආණ්ඩුවත් වග කියන්න ඕනෑ.


සංවාදය හා සටහන
ප්‍රියදර්ශන දයාරත්න