මහින්ද නැති අතර ශිරන්තිට කේක් කටක් !

ක්‍රි 333
අය-වැයට පෙර පැමිණි කසකාරයෝ
October 17, 2017
න්න
ආණ්ඩුව අධිවේගයෙන් ජන ජීවිතත් යට කරනවා
October 17, 2017
Show all

මහින්ද නැති අතර ශිරන්තිට කේක් කටක් !

ලුfbhz

කුණාටුවකට පසු ඇති වන නිශ්චලතාවය මෙන් සතිය ගෙවී ගියේය. මෛත්‍රී අමාරුම පිම්මක් පැනීමට සමත් වූයේ පළාත් සභා සංශෝධන පනත සම්මත කර ගැනීමෙන්ය. පළාත් සභා ඡන්දය පදනම් කරගෙන පිම්මක් පැනීමට කුරුමානම් අල්ලමින් සිටි මහින්ද හොඳටෝම පස්ස බිම ඇනගෙන තිබුණේය. රනිල්ට නම් මේ දේවලින් තරමක හෝ අස්වැසිල්ලක් ලැබීමේ හැකියාවක් තිබුණේ දැයි සැකසහිතය. බැඳුම්කර කොමිසම ඒ තරම්ම සාහසික වී තිඛෙන බැවින්ය.

මෛත්‍රී ඕල්කොට් ළඟට

ලද අස්වැසිල්ලෙන් බිමටම බැස වැඩේ පටන් ගැනීමට මෛත්‍රී ක්‍රියා කර තිබුණේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින්, මෛත්‍රී කීවේ හෙමින් නමුත්, දිගුකාලීන ගමනක් යමින් සිටින බවය. හෙමින් ගමන පක්ෂය තුළින් ද බිම් මට්ටමෙන්ම පටන් ගන්නට මුලපුරා තිබුණේ 29 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රියේය. එසේ මෙසේ තැනකින් නොවේය. හෙන්රි ස්ටීල් ඕල්කොට් සිටි නිවසට ගොස් ගමනට මුලපුරා තිබුණේය. ඕල්කොට් හිටි නිවස දැන් හෝටලයක්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන්  සියලු දෙනාත්, ආසන සංවිධායකයන් සියලු දෙනාත් හෝටලයට කැඳවා ඔවුන් සමඟ වෙන වෙනම පෞද්ගලිකව හමු වී සාකච්ඡා කර බලය ගොඩනගා ගැනීමට මෛත්‍රී මුලපුරා තිබුණේය.

මෛත්‍රීට නොඛෙල් තෑග්ග

මහින්දගේ ක්‍රියාකාරකම් මෛතී්‍රත් අරින්නේම නැති බව මෙම තීරයෙන් අවස්ථා ගණනාවකදීම පෙන්වා දී ඇත්තේය. රටේ ජනතාවගේ බල කිරීමෙන් යුද්ධය නිමා කළ පසු මහින්දගේ සට්ටෑඹියන්, කේවට්ටයන් මහින්ද ගැන රටට කීවේ නොඛෙල් සාම තෑග්ග ලැබීමට ද යෝජනා කෙරී ඇති බවය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා මෛත්‍රී පැමිණි පසු මහින්ද සමරසිංහ ඇමතිවරයා කියන්නේ ද අර හා සමානම කතාවකි. ‘හිටපු නායකයා විදුලි පුටුවට ගෙනියන කතාවක් නේ තිබුණේ. දැන් ජනාධිපතිතුමාට නොඛෙල් තෑග්ග දෙන්න යෝජනා කිරීම ම ජයග්‍රහණයක්. තෑග්ග ලැබුණේ නැති වුණත්, කෙටි ලැයිස්තුවට ඇතුළත් කිරීමම ලොකු දෙයක්’ යනුවෙන් සමරසිංහ කීවේය. කොහොම වුණත් මේ දේවලින් තහවුරු වන්නේ මෛත්‍රී මහින්ද වීමේ ලුණු ඇඹුල් පහේ එකතු කරමින් සිටිනවා මිස අනික් කිසිවක් නොවන්නේය.

රනිල් – මෛත්‍රී

හවුල් ආණ්ඩුවේ රනිල් – මෛත්‍රී දෙදෙනා නිස්කාන්සුවේ එකට එක් වී සිටි මොහොතක් මෑත කාලයේ දකින්නට නොහැකි වූ තරම්ම වන්නේය. එනමුත්, එවැනි දුර්ලභ අවස්ථාවක් ගෙවී යන සතියේ දැක ගත හැකි වූයේය. මෙරට පාර්ලිමේන්තුවට අවුරුදු හැත්තෑවක් පිරීමේ උත්සවයට සහභාගී වී සිටි අවස්ථාවය. වෙස්මිනිස්ටර් ක්‍රමය අනුව අගමැති කල් තියා පාර්ලිමේන්තුවට ගොස් සිටියේය. රාජ්‍ය නායකයා හැටියට ජනාධිපති මෛත්‍රී පැමිණියේ පසුවය. රනිල් පෙරමඟට ගොස් රාජ්‍ය නායක මෛත්‍රී රතු පළස මතින් පාර්ලිමේන්තු සභා ගර්භයට කැඳවාගෙන ගියේය. ඉන් පසුව පාර්ලිමේන්තුවේ පැවතියේ ගාලගෝට්ටියෙන් යුතු සැසිවාරයක් ද නොවූයේය. මේ තත්ත්වය ද රනිල් – මෛත්‍රී දෙදෙනාගේ අස්වැසිල්ලට හේතු වී තිබුණේය. මේ දෙපිරිසටම පළාත් සභා සංශෝධන පනත සම්මත කර ගැනීමට අවශ්‍ය වී තිබුණ ද, එය සිදු කෙරුණේ ද මේ තරම් එකඟතාවයකින්, සැහැල්ලු බවකින් නොවේ.

රනිල්ට හිර වන බැඳුම්කරය

රනිල් මුල සිටම අනුගමනය කරමින් සිටියේ මෛත්‍රී මෙල්ල කර ගැනීමට මහින්ද කල්ලිය යොදවා ගැනීමේ උපාය වන්නේය. එය ලණුවේ දිගට ඇදී ගිය තැන මෛත්‍රී නිල බලා පහර දීම ඇරඹුවේ බැඳුම්කර කොමිසම පත් කරමින් වන්නේය. බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීම අවසන් වීමට ආසන්න වී තිඛෙන්නේය. ඒ අතර රනිල්ට කිසිසේත්ම හිතකර නොවන තත්ත්වයකට දවසින් දවස ඇති වෙමින් තිඛෙන්නේය. බැඳුම්කර සල්ලි යොදා නිවෙසක් මිල දී ගත් රවීට ඇමතිකමත් අහිමි වී ගියේය. ඉන් පසුවද රනිල් රවීව අත් නොහැර තමන්ගේ වගකීම යටතේ කෙරෙන ව්‍යාපෘති භාර දී සිටින්නේය. එය ක්‍රියාත්මක කිරීමට රවී අගමැති බලතල යොදා ගන්නා තරමට දුරදිග ගොස් සිටින්නේය. දැන් බැඳුම්කරේ ගැන රවී තවත් වටයකින් හිර වී ඇත්තේය. එහි අවසන් තොණ්ඩුව රනිල් ළඟට පැමිණීමේ අනතුර වෙන කවරදාටත් වඩා වැඩි වී තිඛෙන්නේ රවීම නිසා වන්නේය.

මහින්දගේ ජපන් රහස

පළාත් සභා මැතිවරණය හරහා පිම්මක් පැනීමට කල්පනා කළ මහින්දට නතර වීමට සිදු වී ඇත්තේ, ජපානයේ සුඛෝපභෝගී රෝහලකය. පළාත් සභා සංශෝධන පනත සම්මත වීමෙන් පසු සරත් නන්ද සිල්වා හරහා අධිකරණ ගැටයක් ගැසීම පුදන කොටම කාපි යකා මට්ටමට පත් වී ඇත්තේය. මහින්ද ජපානයේ රාජකීය සැප ලැබීමට යාමට සිදු වූයේ මේ වැනි වූ පරාජයන් ගණනාවකගේ වේදනාවන් පොදි බැඳගෙන වන්නේය.

මහින්ද ආයෙත් ඔළුවෙන් හිටවයි

මහින්ද ජපානයට යන්නේ කලින් සැලසුම් කරන ලද පෞද්ගලික සංචාරයකට බව ප්‍රචාරය කර තිඛෙන්නේය. ප්‍රචාරය කුමක් වුවත්, ඒ ගැන දැන් කියවෙන්නේ වෙනත් ප්‍රධාන කතා දෙකක්ය. එකක් නම්, මහින්දගේ රහසිගත ස්ථානයක හටගෙන තිඛෙන පිළිකා රෝගයක් ගැන වන්නේය. අනෙක් ප්‍රචාරය නම්, මහින්දගේ කාලයේ විකුණන ලද රත්තරන් තොගයක් සම්බන්ධ අවසන් ගනුදෙනු බේරා ගැනීමට ගිය බවය. මේ කවරක් වුවද, මහින්දට හිතකර ප්‍රචාරයන් නොවන්නේය. විශේෂයෙන්ම අසනීප තත්ත්වයක් පිළිබඳ කීම කුමන ආකාරයකින්වත් හිතකර නොවන්නේය. මහින්ද අසනීපයෙන් සිටින බවට ප්‍රචාරය කෙරෙන අවස්ථාවලදී ලොකු පුතා බව කියන වීරවංසගේ වෙබ් අඩවියේ සාමාන්‍යයෙන් පළ කරන ප්‍රවෘත්තියක් තිඛෙන්නේය. මහින්ද හොඳ සනීපයෙන් සිටිමින්, ඉතා බරපතළ ව්‍යායාමවල යෙදී සිටින බව පෙන්වීමට ඔළුවෙන් සිටුවීමය. දැන් යළිත් මහින්දව ඔළුවෙන් සිටුවීමට කාලය පැමිණ තිඛෙන්නේය.

ශිරන්තිට කේක් කටක්

මහින්ද ජපානයට ගොස් සිටින අල්ලපනල්ලේ ශිරන්තිට විශේෂ ආරාධනාවක් ලැබී තිබුණේය. ඒ පසුගිය ඔක්තෝබර් පළමුවැනිදා විශේෂ දිනයක් වූ පුද්ගලයෙකුගෙන්ය. ඔක්තෝබර් පළමුවැනිදාට යෙදී තිබුණු ලෝක ළමා දිනය සැමරීමට බව කියමින්, මාලඹේ රාහුල විද්‍යාලයේ උලෙළක් සංවිධානය කර තිබුණේය. එය සංවිධානය කර තිබුණේ මහින්ද කණ්ඩායමේ ප්‍රබලයකු වන ජගත් පුෂ්පකුමාරය. එදින යෙදී තිබූ ලෝක ළමා දිනය ඉස්සරහට දැමුවද, මේ උත්සවය ලෑස්ති කර තිබුණේ වෙනත් යටි අරමුණකින් බව බොහෝ දෙනෙක් නොදැන සිටියෝය. බොහෝ දෙනා නොදැන සිටි කාරණය වන්නේ පුෂ්පකුමාරගේ උපන් දිනය බවය. උපන් දිනය මහා ඉහළින් සැමරීමට කල්පනා කර තිබූ පුෂ්පකුමාර ළමා දිනය එයට ඈඳගෙන තිබුණේය. නිකම්ම නොවේ ශිරන්ති රාජපක්ෂවත් ගෙන්වාගෙන වන්නේය. මහින්ද ජපානයේ ගිය අල්ලපනල්ලේ ශිරන්තිව ගෙන්වාගෙන කේක් කවා ජගත් උපන් දිනය මහ ඉහළින්ම සැමරීමට කටයුතු කර තිබුණේය.

දිනේෂ්ට මොළේ විරේකයක්

මහින්ද නැති අතර ගෝලයන් එක එක වැඩ කරන්නේ ‘එළියෙන්’ ලකුණු දමා ගැනීමට වන්නේය. ජගත් උපන් දින පාටි ලෙස ළමා දින සමරන අතර, දිනේෂ් මහනායක හිමිවරුන් හමු වීමට ගොස් තිබුණේ අලුත් ව්‍යවස්ථාව පිළිබඳව ගෝනිබිල්ලෙක් අරගෙනය. කොටි ත්‍රස්තවාදය, ඛෙදුම්වාදය පිළිබඳ මන්ත්‍ර ජප කිරීම හැර වෙනත් දේශපාලන කරුණු නොමැතිව සිිටින මහින්ද කණ්ඩායම දැන් ව්‍යවස්ථා බිල්ලෙක් අතින් ගෙන වට වන්දනා යමින් සිටින්නේය. මේ ගමන ගිය දිනේෂ්ට මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් මොළේට විරේක ඛෙහෙතක්දී තිබුණේය. මුල ඉඳලාම සිංහල, දෙමළ අන්තවාදීන් දෙපසට වී ජාතිවාදය වැපිරීමේ ආදීනව ඉතා හොඳින් පැහැදිලි කර දී තිබුණේය. මොළේ කළඳක් කියා හෝ දෙයක් තිඛෙන්නේ නම්, කල්පනා කිරීමට එයින් හැකි වන්නේය.

දිනේෂ්ගේ මස්සිනා විග්නේශ්වරන්

මේ මොහොතට අදාළව දිනේෂ් ඇතුළු මහින්ද කණ්ඩායම දකුණේ සිංහල ජාතිවාදීන් අවුළුවාගෙන යන අතර, ඔහුට දේශපාලන මස්සිනා කෙනෙකු අලුතින් හමු වී ඇත්තේය. උතුරේ මහ ඇමති, විග්නේශ්වරන්ය. ඉදිරිපත් කර තිඛෙන ව්‍යවස්ථා කෙටුම් පතේ සාධනීය ගුණාංග ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ද දකින අතර, විග්නේශ්වරන් එය ප්‍රතිෙක‍ෂ්ප කර ඇත්තේය. උතුරේ ජාතිවාදී ආමන්ත්‍රණයට මුලපුරා ඇත්තේ දකුණේ දිනේෂ්ලාගේ අතිනත ගැනීමෙන් වන්නේය.

සයිටම් ගැත්තාට හූ… !

මහින්ද කණ්ඩායම බලයේ සිටි කාලයේ ඇට වූ මර උගුල්වලින් ගැලවීමට කළ යුතු අරගලය පොඩි නැත්තේය. සයිටම් මර උගුල එවැනි එකක් වන්නේය. දැන් හැම පැත්තෙන්ම සයිටම් සිර වී තිඛෙන්නේය. නමුත්, එය වෙනුවෙන් තවමත් පෙනී සිිටින්නේ ආණ්ඩුව පමණක්ය. මුල සිටම සයිටම් මර උගුලට තීරණාත්මක බාධකයක් වී තිඛෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වන්නේය. එහි සභාපති වශයෙන් සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ධුර කාලය ඉවත් වීමට ඉඩ හැර ආණ්ඩුවේ පොදු මතය නියෝජනය කරමින්, ඇමති රාජිත සයිටම් ගැත්තෙක් එම සභාපති ධුරයට පත් කළේය. ඒ මහාචාර්ය කොල්වින් ගුණරත්නය. කොල්වින් ගුණරත්න වැඩ භාර ගැනීමට ගිය විට ඔහුව පිළිගන්නා ලද්දේ ලොකු හූවකින්ය.

ජවිපෙ නිව්යෝර්ක් යයි

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය ලබා දීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩි වෙහෙසක් ගෙන ක්‍රියා කරන්නේය. මේ වෙනුවෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව කවුරුත් එය පිළිගෙන තිඛෙන්නේය. මේ පිළිබඳව ක්‍රියා කිරීමට තේරීම් කමිටුවක් ද පත් කර තිඛෙන අතර, එහි සභාපති වශයෙන් ඇමති තලතා ක්‍රියා කරන්නීය. ජවිපෙ හඳුන්නෙත්ති සහ බිමල් එහි කමිටු සාමාජිකයන් වන්නේය. ජවිපෙ ඉදිරිපත් කළ එම යෝජනාව කොතරම් ප්‍රබල එකක් දැයි තේරුම්ගෙන තිබුණේ ජනාධිපති මෛත්‍රීය. තම පාලනය යටතේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කිරීම කැප වී සිටින තරම පැහැදිලි කිරීමේ අවියක් කර ගන්නේ්ය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින්, මෛත්‍රී කළ කතාවේ දී විශේෂයෙන් සඳහන් කර තිබුණේ විදේශගත ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට පවා ක්‍රියා කරමින්, මූලික අයිතිවාසිකම් තහවුරු කිරීමට ක්‍රියා කරන බව වන්නේය.

බන්දුල – එස්.බී. ගැන හඳුන් කියයි

දවසින් දවස ඉහළ යමින් තිඛෙන ජනතාවට දරා ගත නොහැකි බඩු මිල ගැන ජනතා විමුක්ති පෙරමුණේ දැඩි අවධානය යොමු වී ඇත්තේය. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස් වී මේ පිිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුණේය. ජනතාවගේ පැත්තෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන මූලික අදහසකට එළඹී ඒ අනුව මුලින්ම ජනතාවම දැනුම්වත් කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු බවට එකඟ වී තිබුණේය.
පසුගිය 04 වැනිදා මාධ්‍ය හමුවක් පැවැත්වූයේ මූලික කරුණු හෙළි කිරීමට වන්නේය. ‘සෑම පාරිභෝගික භාණ්ඩයකම මිල ඉහළ ගිහින්. බඩු මිල ඉහළ යාම පාලකයන්ට දැනෙන්නේ නෑ. ඇමතිවරුන් කරන කතාවලින් ඒ බව ඉතා හොඳින් පැහැදිලිව පේනවා. එදා බන්දුල ගුණවර්ධන කිව්වේ හතර දෙනෙකුගේ පවුලකට රුපියල් 2,500.00කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් බව. අද එස්. බී. කියන්නේ හතර දෙනෙකුගේ පවුලකට මසක් ජීවත් වෙන්න වියදම් වෙන්නේ රුපියල් 4,327.00ක් කියලා. ආර්ථීක ප්‍රශ්නවලින් මිරිකී ඉන්න ජනතාවට විහිළු කරන්න එපා කියලා අපි කියනවා.’ හඳුන් එම මාධ්‍ය හමුවේ දී කියා තිබුණේය.

ජවිපෙ යෝජනා දීලා

මේ අතර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා ඉදිරිපත් කර තිඛෙන්නේය. එම යෝජනා සහ අනෙකුත් පක්ෂවල යෝජනාත් දැනට කෙටුම්පත් කර තිඛෙන යෝජනාත් රට තුළ පුළුල් සංවාදයකට ලක් කළ යුතු බව ජවිපෙ ස්ථාවරය වී ඇත්තේය. මේ පිළිබඳ අය-වැයට පෙර පාර්ලිමේන්තු සංවාදය ආරම්භ කළ යුතු බවට අදහසක් ඉදිරිපත් කර තිබුණේය. ඉදිරිපත් කර තිඛෙන කෙටුම්පතේ වෙනත් යෝජනා ද සමස්තයක් වශයෙන් සලකා බැලිය යුතු බව ජවිපෙ ස්ථාවරය වී තිබේ. උතුරේ දෙමළ අන්තවාදී සංවිධාන සහ දකුණේ සිංහල අන්තවාදී සංවිධාන, විවිධ අවශේෂ කාරණා පවා අල්ලාගෙන විරෝධය දැක්වීම කිසිසේත්ම යෝග්‍ය නොවන්නක් බව සඳහන් කරන්නේය. මේ නිසාම අලුත් ව්‍යවස්ථාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදය මේ මස 30 සහ 31 යන දෙදින තුළ යොදා ගැනීමට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල එකඟත්වයෙන් යොදාගෙන තිඛෙන්නේය.