හැම යුගයකම බඩුමිල ඉහළ ගියා…

anti-rohingya-in-sri-lanka
ගල්කිස්සේ සරණාගතයෝ, මහින්දගේ ජාතිවාදය සහ අපි
October 16, 2017
ක්‍රි 333
අය-වැයට පෙර පැමිණි කසකාරයෝ
October 17, 2017
Show all

හැම යුගයකම බඩුමිල ඉහළ ගියා…

383e649f18cc6069882f006bbfe2eca5_XL

මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
ලසන්ත අලගියවන්න

පොල් ගෙඩියක් රුපියල් සීයයි. ආණ්ඩුව මොකද කරන්නේ කියලා ජනතාව අහනවා

ආණ්ඩුව දැනට එයට මැදිහත් වී සිටිනවා. පොල් සංවර්ධන අධිකාරිය මගින් රුපියල් හැටපහේ මිලට ජංගම රථ මගින් ඛෙදාහැරීමට කටයුතු කරගෙන යනවා. සමුපකාරය, සතොස වගේ ආයතන තිඛෙන්නේ රටේ ජනතාවගේ සියලුම අවශ්‍යතාවයන් ඉටු කර දෙන්න නොවෙයි. ඔවුන් කරන්නේ යම් කිසි ආකාරයට මිල පාලනයක් කිරීමයි. ඒ නිසා මේ කටයුතු තුළින් ඉදිරියේ දී මිල පාලනයක් වෙයි කියා සිතනවා.

අනෙක් අත්‍යවශ්‍ය භාණ්ඩත් ගිනි ගණන්. එහෙම නම් ඒ මොකද?

මොනවද එහෙම ගණන් බඩු ?

එළවළු වගේ දේවලුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නේ. ඒවා මිල වැඩි වෙලා. හාල් මිල අඩු කරන්න කීවාට මිල අඩු වෙලා නැහැ. ඒ ගැන මොකද කියන්නේ ?

ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩිම කන්න ගණනක් නියඟයට අහු වුණේ මේ යුගයේයි. එය මෙරටට පමණක් නොව මුළු ලෝකයේම ඇති වී තිඛෙන තත්ත්වයක්. මීට කලිනුත් මෙවැනි මිල ඉහළ යාම් ඇති වුණා. එවැනි අවස්ථාවලදී රජය මැදිහත් වී ආනයන – අපනයනවලට බදු සහන ක්‍රියාත්මක කර ජනතාවට සහන ලබා දුන්නා. මෙවරත් ඒ සඳහා අනිවාර්යයෙන්ම රජය මැදිහත් වෙනවා.

හිටපු මුදල් ඇමතිවරයා කියන්නේ බඩු මිල වැඩි වෙන්නේ මහ බැංකුවේ නිලධාරීන්ගේ වැඩ නිසා බවයි. ඒක ඇත්තද?

ඒක මම පිළිගන්නේ නැහැ. වර්තමාන නිලධාරීන්ගේ කාර්යභාරය නොවෙයි. නමුත්, බැඳුම්කර සිද්ධිය සම්බන්ධව අද රටම දන්නවා. මහ බැංකුවේ ඒ සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසාත්, බඩු මිල වැඩි වීම් වැනි දේ සිදු වන්න පුළුවන්. නමුත්, වර්තමාන නිලධාරීන්ගේ කි්‍රයාකලාපයන් ඊට හේතු වූ බව මම පිළිගන්නේ නැහැ.

හැබැයි, මහ බැංකු අධිපති කියන්නේ, වැට් බදු වැඩි කළ නිසා බඩු මිල වැඩි වුණා කියලයි. ඒකෙ තේරුම මේ වැඩි කිරීම් කරලා තියෙන්නේ ආණ්ඩුවයි කියන එක නේද?

දැන් අපි කළ යුත්තේ, අතීතයේ මුදල් ඇමතිවරයාගේ ක්‍රියාකලාපයන් ගැන සාකච්ඡා කිරීම නොවේ. වර්තමාන මුදල් ඇමතිවරයා මේ කටයුතු ඉතාමත් හොඳින් කරගෙන යනවා. ඒ නිසා අප කළ යුත්තේ, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමයි. අතීතයේ වැරදි, අඩුපාඩු පිළිබඳව කතා කිරීම නොවේ අපට අවශ්‍ය වන්නේ. මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමයි.

ජාතික ආර්ථීක සභාවෙන් මේ ප්‍රශ්නවලට උත්තර හොයන්නෙ නැද්ද?

ජාතික ආර්ථීක සභාව පිහිටුවා තවම මාස දෙකකට ආසන්න කාලයක් පමණයි ගෙවී ගොස් තිඛෙන්නේ. ජනාධිපතිතුමාට ජාතික ආර්ථීක සභාව පිහිටු වීමට සිදු වූයේ වගකිව යුතු අංශවල තිබූ අඩුපාඩුකම් නිසයි. ඒ නිසා එය පිහිටුවා කෙටි කලක් වුවත්, කලින් තිබූ අඩුපාඩුකම් නිවැරදි කරගෙන ඔවුන් මේ ප්‍රශ්නවලට මැදිහත් වෙයි කියන විශ්වාසය අපට තියෙනවා.

ඇත්තම කතාව මේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවේ තිඛෙන අසමත්කම නේද?

සෑම යුගයකම මෙවැනි බඩු මිල ඉහළ යාම් අනිවාර්යයෙන්ම සිදු වුණා. ඒ නිසා රජයේ අකාර්යක්ෂමතාවය, අසමත්කමම එකම කරුණ කියන එක කොහෙත්ම පිළිගන්න බැහැ.

ලංකාවට ඇවිත් ගිය අයි. එම්. එෆ්. එකේ නියෝජිතයන් කියලා තිබුණේ බදු තව තවත් වැඩි කරන්න කියලයි. එහෙම කළොත් කොහොමට හිටීවිද?

කවුරු මොනවා කිව්වත්, රජය ජාත්‍යන්තර ණය දෙන සංවිධානවල උපදෙස්වලට ඇහුම්කන් දෙනවා වාගේම රටට හානියක් වන හා ජනතාවට හානියක් වන උපදෙස්වලට එකඟතාවයක් දක්වන්නේ නැහැ.


පද්මා වේරගොඩ ආරච්චි