ජාත්‍යන්තර ජාවාරම පසුපස ප්‍රභූන් කිහිප දෙනෙක්

අය-වැය
කබීර්, චම්පික අය-වැය සුද්දයක චන්දිම, අමුණු කපෝතියි…
October 18, 2017
චතුර jpg
මත්තල ගන්න සූදානම් බව ඉන්දීය ගුවන් සමාගමක් කියයි
October 20, 2017
Show all

ජාත්‍යන්තර ජාවාරම පසුපස ප්‍රභූන් කිහිප දෙනෙක්

ෆාර් ඊස්ටර්න් ඉන්ටර්නැෂනල්'

‘ෆාර් ඊස්ටර්න් ඉන්ටර්නැෂනල්’ වාණිජ බැංකුවේ තායිවාන ශාඛාවෙන් ඩොලර් මිලියන 30ක් පමණ වංචා කිරීම පිළිබඳව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශලීල මුණසිංහගේ දේශපාලන පසුබිම සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි වෙමින් තිබේ.
ඔහු බ්‍රිතාන්‍යයේ පුරවැසියකු වන අතර, මෙරට තුළ ‘හංසයා’ ලකුණින් නීති විරෝධීව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර පවත්වාගෙන ගොස් ඇත. මේ සඳහා පූර්ණ අනුග්‍රහය දක්වා ඇත්තේ, රවී කරුණානායක, හිටපු මුදල් ඇමතිවරයා බවද, එම සමීප සම්බන්ධතාවය මත මුදල් ඇමති වශයෙන් සිටිය දී ‘ලිට්‍රෝ ගෑස්’ සමාගමේ සභාපති පදවිය ලබා දී තිඛෙන බවද අනාවරණය වේ.
එම සමාගමේ සභාපති ලෙස සිටිය දී සමාගමට අයත් ප්‍රාඩෝ රථ පහක් රවී කරුණානායක ඇමතිගේ පෞද්ගලික පරිහරණයට මුදාහැර තිබී ඇත. එම සමාගම පසුව කබීර් හෂීම් ඇමතිවරයා යටතට පත් කළ ද, අදාළ රථ සමාගමට ලබා නොගෙන තිබූ බව වාර්තා වේ. මෙම ප්‍රාඩෝ රථ යෙදවීමෙන් ලිට්‍රෝ ගෑස් සමාගමට මේ වන විට රුපියල් කෝටි පහක පමණ මුදලක අලාභයක් සිදු වී ඇති බව හෙළි වේ. ශලීල මුණසිංහ මෙයට පෙර ද මූල්‍ය වංචා කර තිඛෙන්නේ දැයි තහවුරු කර ගැනීමට ක්‍රියා කරමින් සිිටින අතර, වංචා කළ මුදල් තවත් ප්‍රභූන් ගණනාවක් සමඟ ඛෙදාගෙන තිබේ යැයි බරපතළ සැකයක් මතුව තිබේ.


ඩී. බි. ඇල්කඩුව