වසරකට 10,000 ක් ආතතියෙන් මැරෙති

saim iii
සයිටම් ගැන රජය නිවැරදි තීන්දු ගත යුතුයි (අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද හිමි)
October 18, 2017
මහින්දට මුකවාඩමක්
ඇතුළෙන්ම මහින්දට මුකවාඩමක්
October 18, 2017
Show all

වසරකට 10,000 ක් ආතතියෙන් මැරෙති

මානසික ගැටලු

විවිධ මානසික ගැටලු හේතුවෙන් වාර්ෂිකව මිය යන සංඛ්‍යාව දස දහසක් පමණ වන බව පසුගිය 11 වනදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.
එමෙන්ම රාජ්‍ය සේවකයන්ගේ පහෙන් එකක ප්‍රමාණයක් මානසික ආතතියෙන් පෙළෙන බව ද ඔහු පැවසීය. මානසික ආතතියට ලක්වූවන් ගෙන් 4,500 දෙනෙකුට වැඩි පිරිසක් තම නිවාසවල දී සියදිවි හානි කර ගැනීමට පෙළඹෙන බවත්, 2,600ක් පමණ දෙනා මහමග දී සිදු වන විවිධ අනතුරු හේතුවෙන් මිය යන බවත්, ආතතියට ගොදුරු වූ පාසල් සිසු සිසුවියන් 200ක් පමණ පිරිසක් ද වාර්ෂිකව සියදිවි හානි කර ගන්නා බවත් ඔහු පැවසීය.
කලබලකාරී ජීවිතය, වානිජකරණය හා පවතින සමාජ ආර්ථීක රටාව මේ සඳහා බලපෑම් කරන බව ද ඔහු විසින් එහිදී තවදුරටත් පැවසීය.


කිත්සිරි කොඩිතුවක්කු