සයිටම් ගැන රජය නිවැරදි තීන්දු ගත යුතුයි (අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද හිමි)

විජේසිං
ශ්‍රී ලන්කන් විකුණන්න එජාප – ශ්‍රීලනිප හවුලක්
October 18, 2017
මානසික ගැටලු
වසරකට 10,000 ක් ආතතියෙන් මැරෙති
October 18, 2017
Show all

සයිටම් ගැන රජය නිවැරදි තීන්දු ගත යුතුයි (අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද හිමි)

saim iii

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය කඩිනමින් නිසි නිවැරදි තීන්දුවක් ගත යුතු යැයි මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, අග්ගමහා පණ්ඩිත අලූත්ගම ධම්මානන්ද හිමියෝ පවසති.
රෝගීන් අසරණ තත්ත්වයට පත් කරමින් වෛද්‍යවරුන් පවා වර්ජනවලට එක්වන්නේ මේ සම්බන්ධයෙන් රජය නිවැරදි තීන්දුවක් නොගැනීම හේතුවෙන් යැයි උන්වහන්සේ පැවසූහ.
වෛද්‍ය වැඩවර්ජන හේතුවෙන් අහිංසක ජනයා පීඩාවට පත්වන නමුත් ආණ්ඩුවට හෝ වෛද්‍යවරුන්ට ඉන් පීඩාවක් නොවන බැවින් මහජනයා වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු යැයි උන්වහන්සේ කීහ.
සරසවි සිසුන් ආරම්භයේ දී සිදු කළ විරෝධය මේ වන විට සරසවි ඇදුරන්, වෛද්‍ය හා ඒ අංශවල කාර්යය මණ්ඩලය සහ සෙසු වෘත්තීකයන් අතර ව්‍යාප්ත වී ඇති බවත් මෙය අද වන විට සයිටම් විරෝධී රැල්ලක් බවට නිර්මාණය වී ඇතැයි පැවසූ උන්වහන්සේ නිවැරදි දැක්මක් නොමැතිව ක්‍රියා කිරීමෙන් වඩාත්ම පීඩාවට පත් වන්නේ අහිංසක ජනතාව යැයි පැවසූහ.
වෛද්‍ය වර්ජන රැල්ල ජාත්‍යන්තරයට පවා එක් කරන්නේ අඳුරු නාමයක් යැයි කී උන්වහන්සේ ඊට මූල හේතුව වූ සයිටම් පෞද්ගලික ආයතනය සම්බන්ධයෙන් වහා කඩිනම් තීරණයක් රජය විසින් ගත යුතු යැයි වැඩිදුරටත් පෙන්වා දුන්හ.


චතුර දිසානායක