මත්තල ගන්න සූදානම් බව ඉන්දීය ගුවන් සමාගමක් කියයි

ෆාර් ඊස්ටර්න් ඉන්ටර්නැෂනල්'
ජාත්‍යන්තර ජාවාරම පසුපස ප්‍රභූන් කිහිප දෙනෙක්
October 18, 2017
etca
ඉදිරි මාස දෙක තුළ ETCA අත්සන් තබන බවට ඉන්දියාවෙන් ප්‍රකාශයක්
October 20, 2017
Show all

මත්තල ගන්න සූදානම් බව ඉන්දීය ගුවන් සමාගමක් කියයි

චතුර jpg

තම සමාගමට හම්බන්තොට මත්තල ගුවන් තොටුපළ හිමි වුවහොත්, එම ගුවන් තොටුපළ ජාත්‍යන්තර වාණිජ කටයුතු සඳහා යොදා ගැනීමට අවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කරන බව ඉන්දීය හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමාගම කියයි. හරිත ගුවන් තොටුපළක් ලෙස එය පවත්වාගෙන යමින් වියදම් අඩු කර ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බවත් සමාගමේ ප්‍රධානී එස්.ජී.කේ. කිෂෝර් මහතා පවසයි.
හයිද්‍රාබාද්හිදී මාධ්‍ය අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මත්තල ගුවන් තොටුපළ නගරයක් ලෙස සංවර්ධනය විය යුතු බවයි. කෙසේ වෙතත්, පසුගිය වසරේ පමණක් ගුවන් සමාගමේ අලාභය රුපියල් බිලියන 14.1ක් වන අතර පසුගිය වසර 09ක අලාභය බිලියන 169ක් වී ඇත.


චතුර දිසානායක