පුරුද්දට අයථා වැඩ කරන ඇමතිවරුන් ඉන්නවා…

මෛත්‍රී SDF
ප්‍රතිරූප දේශපාලනයේ අශීලාචාර සංග්‍රාමය
October 20, 2017
මෛත්‍රී rrrr
සී.ටී.බී. – අයි.ඕ.සී. පූට්ටුවේ අවසානය කොතනද?
October 23, 2017
Show all

පුරුද්දට අයථා වැඩ කරන ඇමතිවරුන් ඉන්නවා…

anoma gamage

ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමතිනී
අනෝමා ගමගේ

ඛනිජ තෙල්වල අතුරු නිෂ්පාදනයක් වන ගෑස් මිල හිටිහැටියේ වැඩි කළේ ඇයි ?

ඛනිජ තෙල්වල අතුරු නිෂ්පාදනයක් වුණාට අපේ රටේ ගෑස් හදන්නේ නැහැ. ඇත්තට ම ගෑස් එහෙම අතුරු නිෂ්පාදනයක් නෙමෙයි. පෙට්‍රොලියම් වුණාට ගෑස් නිධි කියන්නේ වෙනම තිඛෙන දෙයක්. එම ගෑස් අපි ගෙන්වන්නේ පිටරටවලිනුයි. අපි තුන් පාරක් විතර ගෑස් මිල අඩු කළා. වෙළෙඳපොළේ තත්ත්වයත් සමඟ පෞද්ගලික සමාගම්වලින් මිල වැඩි කිරීමක් ඉල්ලා තිබුණා. නමුත්, බදුවල වෙනසක් නිසා මිල වැඩි වුණා ද කියලත් තව ම කියන්න බැහැ. මොකද? ගෑස් පිටරටින් ගෙනවිත් විකුණන නිසා මිල වැඩි වුණේ බදු නිසා ද කියලත් මම තවම දන්නේ නැහැ.

ගෑස් මිල වැඩි කිරීම සියලු කෑම වර්ගවල මිල වැඩි වී තිඛෙනවා. ආණ්ඩුව මේ ගැන කිසි තැකීමක් නැත්තේ ඇයි ?

අපේ රටේ ගෑස් පාවිච්චි කරන්නේ සියයට විසිපහක් පමණ පිරිසකුයි. වැඩියෙන්ම ගෑස් පාවිච්චි කරන්නේ නාගරික ප්‍රදේශවල ගෙවල්වලයි. කෑම මිල ඉහළ දැමීමට ගෑස් මිල හේතු වෙන්න ඕනෑ කියලා මම හිතන්නේ නෑ. අනෙක ගෑස් මිල ගොඩක් අඩු කොට තිබියදී කවුරුත් කෑම මිල අඩු කළේ නැහැ. ඒ නිසා කෑම මිල වැඩි කිිරීමට හේතුවක් ලෙස මම එය දකින්නේ නැහැ. අමුද්‍රව්‍යවල මිල වැඩි කළොත්, කෑම මිල වැඩි වීම වෙනම දෙයක්.

අයි.ඕ.සී. සමාගමට ඉන්ධන මිල වැඩි කිරීමේ හිතුවක්කාරී බලයක් දී තිඛෙනවාද?

අයි.ඕ.සී. සමාගම කියන්නේ පෞද්ගලික සමාගමක්. ඒ අයට මිල වැඩි කිරීම කරන්න පුළුවන්. මොකද? දැනට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වී තිඛෙනවා. අපි ගේන තෙල්වලත් මිල වැඩි වී තිඛෙනවා. නමුත්, රජයට පාරිභෝගිකයාට සහන ලබා දීමට සිදු වී තිඛෙනවා. රජයක් වශයෙන් පාඩු ලබන්න පුළුවන් වුණාට, පෞද්ගලික සමාගමක් ලෙස ඔවුන් පාඩු ලැබීමට සූදානම් නැහැ. ඔවුන් මිල වැඩි කරන්න හදන්නේ ඒ නිසයි. නමුත්, අයි.ඕ.සී. එක තෙල් ඛෙදාහරින්නේ ලංකාවේ පාවිච්චි කරන තෙල් ප්‍රමාණයෙන් සියයට දහසයක් පමණයි. ඒ ගොල්ලෝ තෙල් ඛෙදා නොහැරියොත් හෝ මිනිස්සු ඒ ගොල්ලන්ගෙන් තෙල් ගන්නේ නැතිව හිටියොත්, ඒක අපට ආවරණය කරන්න පුළුවන්. අපේ බඩු විකිණෙන එක ඇත්ත. නමුත්, අපේ පැත්තෙන් අපිට ඒක පාඩුයි. ඒ දැනටත් අපි පාඩුවට තෙල් ඛෙදාහරින නිසයි. එවිට අපට මේ පාඩුව වැඩිපුර දරන්න සිදු වෙනවා.

ලංගමයට ඉන්ධන සැපයීම ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉවත් කර අයි.ඕ.සී. සමාගමට දෙන්නේ කුමන පදනමක් යටතේද? ඔබත් ඊට එකඟද?

එහෙම දෙයක් ගැන, ලංගමයට තෙල් දෙන එක ගැන මම නම් දන්නේ නැහැ. නමුත්, සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතන ඔක්කොම තෙල් ගහන්නේ මේ ඛනිජ තෙල් සංස්ථාවෙනුයි. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්වලට තෙල් දෙන්නේ අපි. වරාය අධිකාරියට තෙල් දෙන්නේ අපි. ලංගමය ගැන නම් කියන්න ඇත්තටම මම දන්නේ නෑ.

රටේ නොයෙක් විදියට අයි.ඕ.සී. සමාගම සූදානම් වන්නේ රටේ බලශක්ති ඒකාධිකාරයක් ගොඩනඟා ගන්න නේද?

බෑ… බෑ… එහෙම එකක් කරන්න බෑ. ඒ මොකද දන්නවාද? ලංගමයට අයි.ඕ.සී. තෙල් ගහනවාද කියා මම දන්නේ නැහැ. එහෙම ලංගමයට තෙල් ගැහැව්වොත්, ඔවුන්ට අපේ මිලටම තෙල් ගැසීමට සිදු වෙනවා. අපේ මිලට අයි.ඕ.සී. තෙල් දෙන්නේ නැත්නම්, ලංගමයට අපි තෙල් දෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැ. ඒත් අයි.ඕ.සී. එකෙන් තෙල් ගහන්න කියා ඇත්තටම දීලා නැහැ.

අයි.ඕ.සී. සමාගමට මේ ආකාරයේ වාසි ලබා දෙන අතර, ලබන වර්ෂය වෙනුවෙන් ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන කපා හැරලා නේද?

ඇත්තටම මම ඒ ගැනත් දන්නේ නෑ. මම මේ දිනවල දිගටම ඉන්නේ අම්පාරේ. ඒ නිසා මේ වෙලාවේ මම හරියටම ඒ ගැන කියන්න දන්නේ නැහැ.

අය-වැයටත් පෙර ගෑස් මිල, පොල්, හාල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ යනවා නම්, ජනතාව ජීවන බර දරා ගන්නේ කොහොමද?

ගෑස් මිල ඉහළ යාම, ගෑස් මිල අඩු කිරීම හා සසඳන්නේ නැතිව අපට ඒ ගැන කියන්න බැහැ. ඇත්තටම ජීවන බර වැඩි වී තිඛෙනවා. නමුත්, නියඟයක් ආවා. ගංවතුර, නාය යාම් ආවා. ඒ ඔක්කෝටම රජය මුහුණ දුන්නා. ඒ වාගේම රජයේ සේවකයන්ට රුපියල් දහදාහක පඩි වැඩි කළා. අපේ පැත්තේ තද නියඟයක් ආවා. අපි මිනිස්සුන්ට සහනාධාර දුන්නා. ඒ සමඟම ඉතිහාසයේ කිසිදාක නැති තරම්, වී මිල රුපියල් හතළිස් පහ දක්වා වැඩි වුණා. කවුරුවත් මේ වැඩි වෙච්ච දේවල් ගැන රජයෙන් දෙන ප්‍රතිලාභ ගැන කතා කරන්නේ නැහැ.

රජයේ සේවකයෝ ඉන්නේ ජනතාවගෙන් සුළු පමාණයක් පමණයි. එනම්, දෙකෝටි විසිහත් ලක්ෂයෙන් ලක්ෂ දහයක් විතර ප්‍රමාණයක් පමණයි. ඒ අයට පඩි වැඩි වුණාට බඩු මිල වැඩි වීම දෙකෝටි විසිහත් ලක්ෂයකට දරන්න වෙනවා නේද?

මම දන්නවා. ඒක හරි. රජයේ සේවකයන්ට ලොකු පඩියක් ලැඛෙනවා. විශ්‍රාමිකයන්ටත් ලැඛෙනවා. ඊට අමතරව රජයෙන් නඩත්තු වෙන දේවල් කොච්චර තිඛෙනවාද? පාඩු ලබන ආයතන ඔක්කොම රජය නඩත්තු කළ යුතුයි නේ ? ඒ වාගේම දැන් ඇවිල්ලා තියෙන්නේ, පහුගිය ආණ්ඩුවෙන් ගත් ණයවල පොලිය ගෙවන කාලයයි. සහන කාලය ගෙවී ගොස් අවසානයි. ඒ නිසා සහන කාලය ඉකුත් වී ණය ගෙවන කාලය පැමිණ තිඛෙන නිසා පොලියත්, ණය වාරිකයත් යන දෙකම ගෙවන්න සිදු වී තිඛෙනවා. අපේ ණය ගෙවීම් වැඩි වී ඇත්තේ, ඒ ආකාරයටයි. අපි අනිවාර්යයෙන්ම ඒවා ගෙවිය යුතුයි.

ණය පොලී වාරිකය වැඩි වී තිබිය දී, දරා ගත නොහැකි ලෙස ජනතාව ජීවන බරින් මිරිකී සිටිය දී, මන්ත්‍රීවරුන්ට පමණක් රුපියල් ලක්ෂයකින් පඩි වැඩි කර ගැනීමට ලැජ්ජා නැද්ද?

මම ආණ්ඩුවේ පඩියෙන් ජීවත් වෙන්නේ නැති නිසා මට නම් මේක අදාළ වෙන්නේ නැහැ. නමුත්, යාපනය වගේ දුර පළාතක කෙනෙකුට වුණත්, ලැඛෙන්නේ මම හිතන්නේ රුපියල් පනස්හත් දාහක් වාගේ ගාණකුයි. ප්‍රවාහණ දීමනා තව රුපියල් පනස් දාහක් ලැඛෙනවා. කොහොමටත්, රුපියල් එක්ලක්ෂ විසිපන්දාහක් වගේ මුදලක් මන්ත්‍රීවරයෙකුට ලැඛෙනවා. කොළඹ දෙපාරක් ආවොත්, ඒ මුදල ඉවර වෙනවා. ඒ පුද්ගලයාට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න මේ මුදලින් පුළුවන්ද? ඔහු කන්නේ බොන්නේ නැද්ද? පවුල නඩත්තු කරන්නේ කොහොමද? අනෙක මහජන නියෝජිතයෙකු වුණාම මළගෙදරට, මගුල් ගෙදරට ඒවි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා. ඉර හඳ ඇරෙන්න අනෙක් හැමදේම මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙනවා. අවංකව දේශපාලනය කරන ඈත පළාතක කෙනෙකුට පාර්ලිමේන්තුවේ ගෙවන පඩියෙන් ජීවත් වෙන්න බෑ. මම මේ කතා කරන්නේ මම ගැන නොවෙයි. පොදුවේ ඇති තත්ත්වය. සිංගප්පූරුවේ මන්ත්‍රී කෙනෙකුට ලොකු පඩියක් ගෙවනවා. එතකොට ඒ ගොල්ලෝ හොරකම් කරන්න ඕනෑ නැහැ. මම හිතනවා, ලංකාවේ දොස්තරලටත් හොඳ පඩියක් ගෙවිය යුතුයි. ඒ අය සේවය අවසන් වී පෞද්ගලික රෝහල්වල සේවයට යනවා. රෑ දොළහ වෙන තුරුත් ඒවායේ සේවයේ යෙදෙනවා. ඒ අය සුඛිතමුදිතව ඉන්නවා කියලා අපි හිතුවට නින්දක් පවා නැතුව දුක් විඳිනවා. නමුත්, දොස්තර කෙනෙකුට හොඳ පඩියක් දෙනවා නම්, එතකොට ඒ අයට ඒ පඩියෙන් ජීවත් වෙන්න පුළුවන්. පෞද්ගලික රෝහල්වල වැඩ කරන්න වෙන දොස්තරලා ටිකක් හැදෙයි. මෙය ගොඩක් දේවල්වල අඩුපාඩු තියෙනවා. මේවා එක පාරටම වෙනස් කරන්නත් බැහැ. මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්නත් බැහැ. අවුරුදු ගාණක් තිස්සේ ජනතාවට රජයේ තැන්වලින් වැඩක් කර ගන්න කීයක් හරි දෙන්න වෙනවා. පොඩි මිනිහාගේ ඉඳලා ලොකු මිනිහා වෙන තුරුත් සල්ලි ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙ ම නොදුන්නොත්, ඒ වැඩේ නොකෙරී පවතිනවා.

ඈත පළාත්වලින් එන මැති ඇමතිවරුන්ට දුෂ්කර දීමනාවක් වැනි දෙයක් දිය හැකියි නේද?

එහෙම කාටවත් දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න කොට මන්ත්‍රීරවරුන් රජ සැප විඳිනවා කියලා ජනතාව හිතනවා. යාපනයේ ඉඳලා එන මන්ත්‍රීතුමියක් ඉන්නවා. කකුලකුත් නැහැ. පැය දහඅටක් විතර ඇවිත්, ඉන්නේ කිසි සැපපහසුවක් නැති මාදිවෙල මන්ත්‍රී නිවාසවලයි. පිටට පේන්න වාහනයක් ගන්නවා. පර්මිට් එක දෙනවා කියන ටික විතරයි. නමුත්, මන්ත්‍රී කෙනෙකුගේ ගරුත්වය රැකගෙන ඉන්න හරි අමාරුයි. වැරදි විදියට හම්බ කරන මැති ඇමතිවරුන් ගොඩක් ඉන්නවා. ඒක නෑ කියන්නේ නැහැ. ඔවුන් අයථා විදියට හම්බ කරනවා. අයථා විදියට වාහන පරිහරණය කරනවා. පුරුද්දට අයථා වැඩ කරන සල්ලි තියෙන අයත්, නැති අයත් යන දෙගොල්ලෝම ඉන්නවා. නමුත්, අවංකව දේශපාලනය කරන අවංක මන්ත්‍රී කෙනෙකුට මේ රුපියල් ලක්ෂය දෙන එක සාධාරණයි. නමුත්, මීට වඩා වටින්නේ තිඛෙන නාස්තිය, දූෂණය වැළැක්වීමයි. එහෙම වුණොත්, මේ මන්ත්‍රීවරුන්ට දෙන ගණන බොහොම සොච්චමක් පමණයි.


පද්මා වේරගොඩ ආරච්චි