ආණ්ඩුවේ නොහැකියාව දරුවන් මත පටවන ශිෂ්‍යත්ව විභාගය

H.S.B.C.
මහින්දගේ ජපන් ගමන හා රත්තරන් ලෙඩේ….
October 24, 2017
ස්ට්‍රිdzrhsrt
තර්ජන වර්ජන අවමන්
October 25, 2017
Show all

ආණ්ඩුවේ නොහැකියාව දරුවන් මත පටවන ශිෂ්‍යත්ව විභාගය

ලුsdgs

මිනිසුන් නොපෙනෙනා මිරිගුවක් පසුපස හැල්මේ දුවමින් එහි ආස්වාදයන් විඳින්නට පුරුදු වී සිටියි. මේ ධනවාදී පාලකයන්ගේ බොරු මවා පෑම් මගින් ව්‍යාජ සිහින ලෝක වල මිනිසුන් අතරමං කර ඇත. ඒ මවා පෑමට දැනුම්වත්වම හෝ නොදැනුම්වත්වම බොහෝ දෙනෙකු අද වන විට හසු වී හමාරය. අවසානයේදී සාමය, සතුට, සහෝදරත්වය මෙන්ම මනුස්සකමද අහිමි වී ගොස් තිඛෙන බව නැවත හැරී බැලීමකදී කාටත් පෙනී යයි. නමුත් මිනිසුන් ඒ මගින් ලද අත්දැකීම් නොසලකා හරිමින් නැවත නැවතත් මිරිගුවක් පසුපස හැල්මේ දුවයි. වත්මන් පාලකයන් විසින් එසේ දීවීමට බල කරයි. නැතහොත් පොළඹවයි.
ඒ මවා පෑම කෙතරම්ද යත්, දිනෙන් දින මිනිසුන් තව තවත් අන්දවමින් පාලකයන් ඒ සිහින ලෝක යාවත්කාලීන කරයි. එනිසා මිනිසුන් ඒ පසුපස දුවයි. පාලකයන් තව තවත් අන්දවයි. මෙසේ පාලකයන්ගේ ඇන්දවීමට රටේ සියලුම මිනිසුන් හසු වී හමාරය. මේ ඇන්දවීම නිසා ලංකා සමාජය තුළ විලාප නගමින් අඳෝනා දෙන, මේ දිනවලද තවමත් එහි උණුසුම මැකී නොගිය, තවත් මාසයක් හෝ මාස කිහිපයක් එහි විලාප අඳෝනා එළිපිට හෝ සිත් ඇතුළතින් ඇසෙන දෙයක් ඔබේ සවනත වැකී ඇත. එය නම් පහ වසර ශිෂ්‍යත්ව විභාගයයි. ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු පිටවීමත් සමග ඒ පිළිබඳව විලාප අඳෝනා ටිකෙන් ටික එළියට පනින්නට විය. සුළු පිරිසක් එහි සතුට ලබද්දී බහුතරයක් දෙනා එයින් පරාජයට පත් කරනු ලැබීය.
පළමු වසරට සිය දරුවා ඇතුළත් කිරීමේ පටන්ම මෙම ශිෂ්‍යත්ව විභාගය යන නොදන්නා ඉලක්කයක් පසු පස හඹා යන්නට මුලින් දිව යන්නේ දෙමාපියන්ය. විශේෂයෙන් මවය. ඒ තම දරුවාට නිසි අධ්‍යාපනයක්, සමාජ දැනුමක්, වඩා යහපත් පුරවැසියෙකු වීමේ මඟක් සොයා දීමට නොවේ. සිතින් මවා ගත්, වෙනම ලෝකයක බොරු අටුවා ටීකා වලින් සැදුම්ලත් ව්‍යාජ නිර්මිතයන් තුළින් ගොඩනගා ගත් සිහින ලොවක රජ කරවීම පිණිසය. නමුත් මේ අතර රටට මෙන්ම තමන්ටද වැඩදායී සිහිනත් නැතුවාම නොවේ. නමුත් බහුතරයක් ඇත්තේ කිසි වැදගැම්මකට නොමැති සැමදා සිහින පමණක් ලෙස ඇති ඒවාය. මේ කිසිවක් අදාළ නොමැති දරුවා කුඩා කාලයේ සිටම යාන්තී්‍රකරණයට ලක් කර දෙමාපියන්ගේ ව්‍යාජ සිහින ලෝකයන්හි සිර කිරීමට බහුතරයක් මව්වරුන් අද වන විට පුරුදුව සිටිති. එහි ඇති ඛේදවාචකය නම් තමන්ට කුඩා කල හිමි වූ නිදහස හා ළමා කාලය ගෙවී ගිය සුන්දරත්වය තම ළමයාට හිමි කර දීමට තරම්වත් කරුණාවන්ත මෙන්ම දැනුම්වත් මව්වරුන් සිටිනුයේ අතලොස්සක් වීමයි. කුඩා දරුවන්ගේ මානසික සතුට හා නිදහස් චින්තනයද අහිමි කර දමමින් දෙමාපියන් විසින් තම දරුවාද රැගෙන හැල්මේ දුවන්නේ මේ ආකාරයටය.
අනතුරුව විභාග ප්‍රතිඵල පැමිණි විට බහුතරයක් දෙමාපියන්ද හැසිරෙනුයේ වෛරක්කාරයන් විලසය. ප්‍රතිඵල දැන ගත් විගස දරුවාගේ ප්‍රතිඵලය යහපත් නම් ඔවුන් මීළඟට පෙළඹෙනුයේ අනෙක් දරුවාගේ ප්‍රතිඵලය දෙස බලා සැනසෙන්නට නොව සිනාසෙන්නටය. නමුත් සිය දරුවා අසමත් නම් කුඩා කාලයේ සිටම තම නිදහස කැප කරමින් යාන්ත්‍රීකරණය කරන ලද දරුවාට දෑත් එක්කර තඩිබානුයේ හරකුන්ට මෙනි, විටෙකදී මෙම දුක් විඳ දරා ගැනීමටද නොහැකිව කුඩා දරුවන් සිය ජීවිතයද අහිමි කර ගැනීමට පෙළඹෙති. (එය පසුගිය දිනෙක සමාජ ජාලා ඔස්සේ වාර්තා වූ පුවතකින් සනාථ වේ.) විටෙක දෙමාපියන් මෙන්ම අසල්වාසී, නෑදෑ හිතමිත්‍රාදීන්ගේ නොයෙක් දෝෂ දර්ශනයන්ට ඇනුම් බැනුම් වලට හසු වෙයි. තවත් විටෙක සමාජ පිළිගැනීම පවා අහිමි වෙයි. මානසිකව කඩා වැටෙයි. නමුත් ඔබ ඔබේ දරුවාට මෙසේ ඇති වන චිත්ත පීඩාව කෙසේ වී දැයි මොහොතකට හෝ සිතා ඇත්ද? බහුතරයක් නැත.
රජය විසින් ලකුණු 75කට වඩා ලබා ගත් සිසු සිසුවියන් ශිෂ්‍යත්ව විභාගය සමත් යැයි සහතිකයක් නිකුත් කරනු ලැබූවත්, විභාගයෙන් හතරෙන් තුනකටත් වඩා හෝ ඊට ආසන්න වශයෙන් ලකුණු ලබා ගත් සිසු සිසුවියන් අසමත් යැයි වැරදි ආකල්ප සමාජ ගත වී තිබීම මෙසේ බහුතරයක් දෙමාපියන්ගේ හා ඇතැම් ගුරුවරුන්ගේ සිත් තැවුලට හේතු වී ඇත. ඒ නිසා මේ වන විට සමහර දෙමාපියන්ද මේ ශිෂ්‍යත්ව විභාගය කිසි වැඩකට නොමැති විභාගයක් බවට අර්ථකථනය කිරීමට පෙළඹී ඇත. තම දරුවන්ගේ අසමත්භාවය මත හෝ හිඳ මෙවැනි ඉලක්කයක් නොමැති පාලක රැවටිලිකාරී මෙන්ම අධ්‍යාපනයේ අර්බුදය වසා ගැනීමට පාලකයන් විසින් යොදවනු ලබන උපක්‍රම විවේචනය කිරීම යහපත් දෙයක් ලෙස පෙන්වාදිය හැකිය. එනිසා ශිෂ්‍යත්ව විභාගය එතරම් වැදගත් නොවන එකක් යැයි කීමට පවා තෙරුම් ගැනීම රටට මෙන්ම යහපත් හෙට දවසක් ගොඩ නැගීම සඳහා වූ සිතුවිල්ලක් බව කිව යුතුය.
මේ වන විට ලාංකේය රාජ්‍ය අධ්‍යාපනය ඇත්තේ මහත් ගරා වැටීමකය. එය සයිටම් වැනි හොර වෙදුන් තැනීමට වෙර දරන ව්‍යාජ, පෞද්ගලික ලාබයන් මත පදනම්ව කටයුතු කරන කඩවල් රැකීමට රජය එක පයින් එකඟවීම වැනි කාරණා තුළින් පෙන්නුම් කෙරෙයි. එහි වත්මන් තත්ත්වය පසුගියදා සයිටම් විරෝධී උද්ඝෝෂණයකට පැය බාගයකටත් වඩා වැඩි කාලයක් එයට සහභාගී වූ සිසු සිසුවියන්ට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් මනාවට පැහැදිලි වේ. නමුත් එයට ඇති වන අවධානය හා සමාජය තුළින් ආණ්ඩුව තම නොහැකියාව වසා ගැනීමට මෙම ශිෂ්‍යත්ව විභාගය යන්න මෙතෙක් භාවිතා කරමින් සිටියහ. එය තවමත් භාවිතා කරමින් සිිටියි. එවැනි පසුබිමක් තුළදී මෙම ශිෂ්‍යත්ව විභාගය විශේෂයෙන් දෙමාපියන් අතරේ දැඩි විවේචනයට ලක්වීම සතුටට කරුණකි.
කන්නන්ගර මහතා විසින් මධ්‍ය මහා විද්‍යාල ඇති කරමින් ආර්ථීක අපහසුතා ප්‍රමුඛ ඉගෙනීම සඳහා ඇති විවිධ ගැටලු සහිත දරුවන් උදෙසා ශිෂ්‍යත්ව ලබා දීම වෙනුවෙන් ශිෂ්‍යත්ව විභාගය ආරම්භ කළද අද වන විට එසේ පැවති මධ්‍ය විදුහල් ඇත්තේ නැත. ඇත්තේ එම නාමයන් පමණි. ආණ්ඩුව දෙමාපියන් ගොනාට අන්දවීම නතර කර කළ යුතු වනුයේ සැමට සමාන අධ්‍යාපන අයිතිවාසිකම් තහවුරු කිරීමය. ආණ්ඩුව බාර ගත යුතු අභියෝගය වනුයේද එයයි.


ධනංජය සූරියබණ්ඩාර