ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට කටාරයෙන් සැලැස්මක්

උතුරු කොරියාවේ යුද ශක්තිය මෙන්න...
උතුරු කොරියාවේ යුද ශක්තිය මෙන්න…
October 24, 2017
ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය
ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය
October 24, 2017
Show all

ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට කටාරයෙන් සැලැස්මක්

ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට කටාරයෙන් සැලැස්මක්

පසුගිය කාල වකවානුව තුළදී කටාර් රජයට සෞදිය ඇතුළු රටවල් කිහිපයකින් එල්ල වූ සම්බාධක මත එරට ආහාර අර්බුදයක් නිර්මාණය වීමට පටන් ගෙන තිබේ. මෙසේ ඇති වීමට යන ආහාර අර්බුදය සඳහා පිළියම් ලෙස ඔවුන් සිය රට තුළ සත්ත්ව පාලනයත්, කෘෂි ආහාර නිෂාපදනයත් සඳහා අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.
මේ සඳහා කටාර් රජය සිය රට තුළ කිරි නිෂ්පාදනය හා ඛෙදා හැරීමේ නිරත පෞද්ගලික ව්‍යාපාරයක් වන ‘බලද්නා’ සමාගම සමග එක්ව කටයුතු කරනු ලබයි. එසේ හෙයින් අදාළ පෞද්ගලික ව්‍යාපාරය මගින් යුරෝපයෙන් හා ඇමෙරිකාවෙන් කිරි ගවයන් 600කට අධික ප්‍රමාණයක් ආනයනය කර තිබේ. එසේම කිරි ගවයන්ගේ අවශ්‍යතාව සඳහා දැනට පවතින පහසුකම්වලට අමතරව අලුතින් කාන්තාර තුළ ශීත ගෙවල්ද ඉදිකිරීම සඳහා සැලසුම් කරමින් සිටියි. එම සැලසුම්වලට අනුව තවත් ගවයන් 13,000කට හෝ ඊට වැඩි සංඛ්‍යාවකට දියුණු පහසුකම් සැලසීමට බලද්නා ව්‍යාපාරය කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ.
තවද බලද්නා ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරියා වන ජෝන් ජෝසප් ඩෝ මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ මේ වසරේදී තවත් ගවයන් 3000ක්ද, ලබන වසරේ මුල් භාගයේදී ගවයන් 10,000ක්ද ගෙන්වීමට සැලැස්මක් ඇති බවය. එසේම 2018 වන විට දිනකට කිරි ටොන් තුන්සීයක් නිෂ්පාදනය කරනු ඇතැයිද ඇස්තමේන්තු කර තිඛෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
කටාර්හි එළවළු පරිභෝජනය සඳහා යුරෝපයෙන් හා වෙනත් රටවලින් 80%ක ප්‍රමාණයක් ගෙන්වනු ලබන අතර, එයද සිය රට තුළ නිෂ්පාදනය කිරීමට කටාර් රාජ්‍යය බලාපොරොත්තු වන බව වාර්තා වේ. මේ සඳහා එරට ‘ඇග්‍රිකෝ’ කෘෂි සමාගම හා සම්බන්ධව කටාර් රජය කටයුතු කරන අතර, ඒවා හරිතාගාර ගොවිපළවල් වේ. දැනට ඇග්‍රිකෝ සමාගම සතුව මෙසේ වගා කරන ගොවිපළවල් ප්‍රමාණය වර්ග මීටර් 120,000ක ප්‍රමාණයේ හතරැස් කොටුවක ප්‍රමාණයකි.
ඇග්‍රිකෝ ආයතනයේ ප්‍රධානී නසීර් අල් කලාෆ් ප්‍රකාශ කරන ආකාරයට ඉදිරි මාස කිහිපයේදී දැඩි වියළි කාලගුණයක් ඇති විය හැකි බැවින් වගාවට නුසුදුසු කාලයක් උදා වන නමුත් ඔවුන් විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණ මගින් අදාළ කාලගුණයට ගැලපෙන පරිදි වගා කිරීමේ හැකියාවක් තමන් සතුව පවතින හෙයින් එය ප්‍රශ්නයක් නොවන බව හෙතෙම ප්‍රකාශ කර සිටියි.


ධනංජය සූරියබණ්ඩාර