ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය

ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට කටාරයෙන් සැලැස්මක්
ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට කටාරයෙන් සැලැස්මක්
October 24, 2017
ලුseghsr
වීරවංස සිරිසේන වන්දනාවේ යයි
October 24, 2017
Show all

ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය

ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය

අප්‍රිකා මහාද්වීපය සදාකාලික වහල් භාවයේ තබාගැනීම බටහිර ලෝකයේ ධනවාදී රටවලට අවශ්‍ය වූයේ අප්‍රිකානු භූමියේ ඇති රත්තරන් වල සිට දියමන්ති දක්වා වූ ඛනිජ ද්‍රව්‍ය සූරා කෑම සඳහාය. කොංගෝව යන නම සහිත රටවල්, ප්‍රදේශ සහ ප්‍රාන්ත දහයකටත් වැඩි ගණනක් තිබුණි. ඛෙල්ජියම, ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර බොහෝ අප්‍රිකානු රටවල් ඛෙදී තිබිණි. 1950න් පසු ඒ හැම ආක්‍රමණිකයකුගේම පිටුපසින් සිටි ශක්තිමත් සෙවනැල්ල වූයේ ඇමරිකානු ව්‍යාප්තවාදියාය. ඇමරිකාව අප්‍රිකාවේ කුමන්ත්‍රණ සංවිධානය කරමින් ද, කුමන්ත්‍රණකරුවන්ට යුද ආධාර සපයමින් ද ස්වකීය න්‍යාය පත්‍රය දියත් කළේය.
පැටි්‍රස් ලූමුම්බා නම් වාමාංශික නායකයා මරා දැමීමේ සැලැස්මද එම න්‍යාය පත්‍රයේම කොටසකි. එය පියවරෙන් පියවර දිගහැරෙන්නේ මෙසේය.
1959 දී ඛෙල්ජියානු රජය, තමන් යටතේ පැවැති කොංගෝවට නිදහස දුන් පසු රටේ පළමුවන මහ මැතිවරණය පවත්වන ලදී. එහිදී පැටි්‍රස් ලූමුම්බාගේ පක්ෂය සහ තවත් කුඩා පක්ෂ කිහිපයකට පාර්ලිමේන්තු ආසනවලින් වැඩි බලය හිමි විය. මේ සියලූ පක්ෂ එකතුව නිදහස් කොංගෝවේ පළමුවන රජය පිහිටුවන ලදී. සභාගයක් නිසා දුර්වල ආණ්ඩුවක් විය.
අගමැති හැටියට පත්වූයේ පැටි්‍රස් ලූමුම්බා ය. ඊළඟ මැතිවරණ අවස්ථාවකදී ආණ්ඩුවක් මාරුවන විට රටේ පාලනය බාරදෙනු පිණිස ජෝසප් කසිවුබු නමැති ජනාධිපතිවරයා පත් කරන ලදී. ලූමුම්බා අගමැති වූ දවසේ පටන්ම ඛෙල්ජියම හා ඇමරිකාව මහත් නොසන්සුන්තාවකට පත් විය. වාමාංශිකයකු වූ ලූමුම්බා ඒ වනවිටත් සෝවියට් සංගමය සමග කිට්ටු සම්බන්ධකම් පවත්වමින් සිටියේය. මේ අනුව නුදුරු අනාගතයේදීම කොංගෝවත් අප්‍රිකාවේ සෙසු රටවල් සමූහයත් සමාජවාදී රාජ්‍යයන් වනු ඇතැයි උපකල්පනය කළේය.
කොංගෝවේ පාර්ලිමේන්තුව කුඩා පක්ෂ හා විවිධ ප්‍රදේශ වලින් පැමිණි ගෝත්‍රික ජනවර්ගවල නියෝජිතයන්ගේ එකතුවකි. ඒ හැම නියෝජිතයකුටම උවමනා වූයේ තම ප්‍රදේශයට රජයේ වැඩිම පහසුකම් ලබාගැනීමය. එහෙත් ලූමුම්බා හරහා එය කරගන්නට බැරි බව වැටහුණි. ඉන් පසුව සභාග රජයේ පක්ෂ එකින් එක ලූමුම්බා හැර යන්නට පටන් ගත්තේය. එබැවින් පිහිටුවා සතියක් තුළ ආණ්ඩුව බිඳ වැටුණි.
කොංගෝවේ හමුදා ප්‍රධානීහු ඛෙල්ජියම් ඉත්තෝ වූහ. ආණ්ඩුව බිඳ වැටුණු පසු හමුදාව තුළ කැරැල්ලක් හටගත් අතර කොංගෝවේ ඛනිජ ද්‍රව්‍ය වලින් සරුම ප්‍රාන්තය වූ කටන්ගාව (ණ්ඒබට්) වෙනම රාජ්‍යක් බවට පත් විය. කටන්ගාව වෙනම රටක් බවට පත් කිරීම සංවිධානය කරන ලද්දේ මොයිස් ෂොම්බේ නමැත්තාය. ඔහු ඛෙල්ජියානුවන්ගේ ඉත්තෙකි.
ලූමුම්බාගේ රජය බිඳ වැටුණු වහාම ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඛෙල්ජියම කොංගෝ ජනාධිපති කැසවුබුට නියෝග කළේය. ඒ අනුව කොංගෝවේ හමුදාපති ජෝසප් සෙසෙ සෙකෝ මොබුටු බලඇණියක් යවා ලූමුම්බා අත්අඩංගුවට ගත්තේය. අනතුරුව හමුදාපති මොබුටු ඉදිරිපිටදී ලූමුම්බාට අමානුෂික ලෙස පහර දෙනු ලැබීය. ඉන්පසු ඔහු කොංගෝවේ අගනුවර මහා මාර්ග දිගේ ඇවිද්දවමින් පහර දුන්නේය. අනතුරුව ඔහු බන්ධනාගාරයට ගෙන ගිය විට මේ අපරාධයට විරුද්ධ බන්ධනාගාර නිලධාරීහු කැරලි ගැසූහ. ලූමුම්බා ගුවන් යානයක පටවාගෙන කටන්ගා ප්‍රාන්තයට ගෙන ගොස් ඝාතනය කරන ලෙස නියෝග කෙරුණු අතර යානය තුළට දමනු ලැබූ ලූමුම්බාට සහ ඔහුගේ අනුගාමිකයන් වූ මොරිස් පෝලෝට සහ ජෝෂප් ඔකිටේට තවදුරටත් පහර දෙන අතර එය සිදුවන්නේ ගුවන් යානය ගමන් කරන අතරය. මේ ප්‍රචණ්ඩ ප්‍රහාරය කොතරම් බිහිසුණුද යත් පහරදීම්වල වේගයට යානය පැද්දෙන්නට පටන් ගනී. පහර දීම නොනැවැත්වුවොත් ගුවන් යානය කඩාවැටෙනු ඇතැයි එවිට නියමුවා කියයි. කටන්ගාවට ගොඩබාන යානයෙන් පිටතට ගන්නා ලූමුම්බාට සහ අනුගාමිකයන් දෙදෙනාට ඛෙල්ජියන් හමුදා ප්‍රධානීන්ගේ නියෝගය පරිදි වෙඩි තබා මරා දමන්නේ ඉන් අනතුරුවය.
එම අවස්ථාව නැරඹීමට මොයිස් ෂොම්බේ ද සහභාගි වෙයි. මළ සිරුරු තුන විනාශ කිරීමේ වගකීම පැවැරෙන්නේ කටන්ගා පොලිසියේ ඛෙල්ජියන් ලොක්කා වූ ජෙරාඩ් සොයේට් වෙතය. ඔහු තම මිතුරකුගේ සහය ලබාගෙන මළ සිරුරු තුන කැබලිවලට කපා විශාල ඇසිඩ් භාජනයක දමා දිය කරයි.
ලූමුම්බාගේ පාලනය බිඳවැටෙන විට කොංගෝව තුළ එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් විය. පළමු වරට මොබුටු ඉදිරිපිට ලූමුම්බාට භීෂණකාරී ලෙස පහර දෙන විට එක්සත් ජාතීන්ගේ සාම හමුදාව ගල් ගිල්ලාක් මෙන් ඒ දෙස බලා සිටියේය. ඛෙල්ජියම මේ දුෂ්ට කුමන්ත්‍රණය සඳහා එරට මුදල්වලින් ෆ්‍රෑන්ක් කෝටි ගණනක් යුද හමුදාව සහ පොලිසිය අතර ඛෙදාහැරියේය. ලූමුම්බා මරා දැමූ පසු ඛෙල්ජියම් පාලකයන් මොයිස් ෂොම්බේ කොන්ගෝවේ ජනාධිපති තනතුරට පත් කළේය. ඛෙල්ජියම සිතුවේ තමන්ට අවශ්‍ය දේ සිදුවූ බවය. එහෙත් ඇත්තටම සිදුවී තිබුණේ ඇමරිකාවට අවශ්‍ය පරිදිය. පැටි්‍රස් ලූමුම්බා හැකි ඉක්මණින් ඝාතනය කළ යුතු බව 1960 දී එවකට සිටි ඇමරිකන් ජනාධිපති ඩී.ඩී. අයිසන් හවර් පෞද්ගලිකවම නියෝග කළේය. ලූමුම්බා සෝවියට් සංගමය සමග එකතු වීමෙන් අනාගතයේදී විය හැකි හානිය ඔහු ගණන් බලා තිබුණේය. ලූමුම්බා ඝාතනය කිරීමට බි්‍රතාන්‍යයේ ඵ15 ඔත්තු සේවයටද අවශ්‍ය විය.
ධනේශ්වර අළුගෝසුවන් විසින් අප්‍රිකානු ලෝකය තුළ බිහි වූ මානව හිතවාදී දේශපාලන නායකයෙකු ඝාතනය කළේ සමාජවාදී (ක්‍රමයට) ලෝකයට ඇති බිය නිසාය. සමාජවාදය මානව වර්ගයාගේ නිදහස හා ප්‍රවර්ධනය පිණිස වන අතර ධනවාදය එහි බිහිසුණු ඝාතකයා බව ලූමුම්බා මරා දැමීමෙන් පෙන්වීය.


මාලන් කබලාන