ඉන්දියාව පාවා දීමෙන් වසර හැත්තෑවකට පසු

මෛත්‍රී rrrr
සී.ටී.බී. – අයි.ඕ.සී. පූට්ටුවේ අවසානය කොතනද?
October 23, 2017
උතුරු කොරියාවේ යුද ශක්තිය මෙන්න...
උතුරු කොරියාවේ යුද ශක්තිය මෙන්න…
October 24, 2017
Show all

ඉන්දියාව පාවා දීමෙන් වසර හැත්තෑවකට පසු

ceasefire-lead

අදින් අවුරුදු හැත්තෑවකට පෙර එනම් 1947 අගෝස්තු 15 දා, දකුණු ආසියාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයෝ, ජවහර්ලාල් නේරු සහ ගාන්ධිගේ නායකත්වයෙන් යුක්ත වූ ඉන්දියානු ජාතික සංගමයට ඉන්දියාවේ පාලන බලය ලබා දුන්නේය.
ඊට පෙර දින ඉන්දියාවේ අන්තිම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ මවුන්ට්බැටන් සාමි, කරච්චියේදී මුස්ලිම් ලීගයේ සභාපති මොහොමඩ් අලි ජින්නා සමග එක්ව පකිස්ථානය තනිකර මුස්ලිම් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. පකිස්ථානය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වයඹ දිග සහ ඊසාන දිග මුස්ලිම් බහුතරයක් ජීවත් වූ ප්‍රදේශයෙන් කපා වෙන්කරන ලද අතර, එමගින් නව ඉන්දියාව ප්‍රථමිකවම හින්දු රාජ්‍යයක් බවට පරිවර්තනය කරන ලදී. එහෙත් මුස්ලිම් ජනතාව අවුරුදු දහසක් පමණ කාලයක් ඉන්දියානු උප මහාද්වීපයේ ජීවත්ව තිබුනි.
ඉන්දියාව ජනවාර්ගික පදනමකින් ඛෙදා වෙන් කිරීම විසි වන සියවසේ ඉමහත්ම අපරාධයන්ගෙන් එකක් විය. එය එතැන් සිට සමස්ත දකුණු ආසියාවම ජන වර්ග මත ඛෙදීමට ලක් වන්නට හේතු විය. ඉන්දියාව ඛෙදීම මගින් පැන නැගුණු බිහිසුණු ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය මිලියන දෙකක් පමණ හින්දුන්, මුස්ලිමුන් සහ සික්වරුන් මරා දමන ලද අතර මානව ඉතිහාසයේ මහා ජන සංක්‍රමණයන් ගෙන් එකක් සිද්ධ කළේය. ඊළඟ අවුරුදු හතර ඇතුළත, මිලියන 15 කට වැඩි ජනකායක්, තමන්ට අතින් හා කරින් රැගෙන යා හැකි දෑ සමග, එක රටක සිට තවත් රටකට, එනම් හින්දුන් සහ සික් වරුන් පකිස්ථානයේ සිට ඉන්දියාවටත්, මුස්ලිම් වරුන් ඉන්දියාවේ සිට පකිස්ථානයටත් සංක්‍රමණය විය.
ප්‍රථම අගමැති නේරු ඇතුලු ඉන්දියාව ඛෙදීමේ කර්තෘවරුන් කියා සිටියේ එමගින් වාර්ගික ඝර්ෂණය තුනී වනු ඇති බව පමණක් නොව වාර්ගික විසප්පුව හිල්කර දමනු ඇති බවයි. එහෙත් මුස්ලිම් පකිස්ථානයේ මෙන්ම නමට පමණක් අනාගමික වූ ඉන්දියාවේ පාලකයන් විසින් ඒ තුළ වපුරා ඇත්තේ වර්ගවාදී සමාජ ප්‍රතිවිරෝධයයි.
බ්‍රිතාන්‍යයන් ‘ඛෙදාවෙන්කර පාලනය කිරීමේ’ ප්‍රතිපත්තියක් යොදාගත් බව පැහැදිලිය. එහෙත් ඉන්දියානු පාලනයට මොවුන්ගේ එම උපක්‍රමය පරාජය කිරීමට අසමත් වීමට මුලික හේතු තිබේ. එක්සත්, ප්‍රජාතන්ත්‍රීය, අනාගමික ඉන්දියාවක් තුළ හින්දු-මුස්ලිම්-සීක් එක්සත් භාවය යන තමන්ගේම ක්‍රියාමාර්ගය පාවා දී ඉන්දියාව ඛෙදාලීමට ඉන්දියානු පාලනය ක්‍රියාකළේ ඇයි? මෙයට ඛෙංගාලයේදී ශ්‍යාම් ප්‍රසාද් මුඛර්ජි ද පන්ජාබයේ දී මාස්ටර් තරසිංග්හ් ද වැනි හින්දු සහ සික් වර්ගවාදීන් සමග සමීප සහයෝගීවීම අන්තර්ගත විය.
ගාන්ධිගේ නායකත්වය යටතේ 1920 සිට 1942 දක්වා දියත් කළේ දේශපාලනිකව නිරායුධ කර දැඩිව පාලනය කෙරුණු ජන විරෝධතා පමණි. නමුත් වඩ වඩාත් මහජනයා, විශේෂයෙන්ම කම්කරු පන්තිය එම සටන් වලට සහ ඒවායේ නායකත්වයට පිවිසෙන විට කොන්ග්‍රසය වඩාත් ඕනෑකමින් අධිරාජ්‍යවාදය සමග සම්මුතියක් පැතුවේය.
විශේෂයෙන්ම 1942 ‘ක්විට් ඉන්ඩියා’ ව්‍යාපාරයෙන් පසු ගාන්ධි ප්‍රමුඛ කණ්ඩායම සිටියේ කම්කරුවන් හා ගොවීන්ගේ අරගල තම පාලනයෙන් පිටත පුපුරාගොස් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි අරගලය තමන්ගේ පාලනයට පිටතින් පුපුරා ගොස් එය වඩාත් ධනේශ්වර දේපළ වලටද තර්ජනයක් වනු ඇතැයි බියෙනි.
1945 සහ 1947 දක්වා කාලපරිච්ඡේදයේ දී ඉන්දියාව පූර්ව විප්ලවවාදී ස්වරූපයක අරගලයන්ගෙන් ඇලලී ගියේය. මහා වැඩවර්ජන, කල්කටාවේ සහ බොම්බායේ මහජනතාව බ්‍රිතාන්‍ය පොලිසිය සහ හමුදාවට එරෙහි සෘජු ගැටුම් සහ බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ රාජකීය ඉන්දියානු භටයන්ගේ කැරැල්ලක් ඇතුළු අධිරාජ්‍ය විරෝධි මහා ජන බලමුලු ගැන්වීම් මාලාවකින් ඉන්දියාව සෙලවී ගියේය.
මෙසේ ජනතා උද්ඝෝෂණ ඉදිරියට එත්ම ගාන්ධි ප්‍රමුඛ ඉන්දියානු නායකයෝ යටත් විජිත රාජ්‍යයේ මර්දනකාරී යන්ත්‍රය සිය අතට ගැනීමට හා එමගින් ධනේශ්වර පාලනය ස්ථාවර කරගැනීමට වඩවඩාත් උත්සුක වූහ. ඒ වෙනුවෙන් ඔවුහු බ්‍රිතාන්‍යයන් සමග සම්මුතියකට ඉදිරිපත් වූහ. බ්‍රිතාන්‍යයෝ දකුණු ආසියාව තුළ සෘජු අධිරාජ්‍ය පාලනයේ සිට වක්‍ර අධිරාජ්‍ය පාලනය කරා මාරු වීමේ අවශ්‍යතාවය වටහා ගෙන සිටියහ. එහෙත් ජනවාර්ගික උගුල යොදාගැනීමට උනන්දු වූ බ්‍රිතාන්‍යයන් ඉන්දියානු ජාතික සංගමයේ සහ ඉන්දියානු ධනපති පන්තියේ තටු සිඳීම අරමුණු කරගත් දැඩි ඉල්ලීම් ඉදිරිපත් කරන්නට තම මුස්ලිම් ධනේශ්වර හා ඉඩම්හිමි අනුග්‍රාහකයන් උනන්දු කරවීය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ අධිරාජ්‍යගැති දේශීය ධනේෂ්වර පන්තියක් අතට ඉන්දියාවේ බලය හිමි වීමයි. මේ බල හුවමාරුවත් සමග ඉන්දියාවේ එතෙක් වර්ධනය වෙමින් පැවති ජනතා උද්ඝෝෂණයන් ද උදාසීන වී ගියේය.
ඉන්දියානු ජනතා විරෝධය මර්දනය කිරීමේ කැපීපෙනෙන උදාහරණය වන ඉන්දියාව ඛෙදාලීම, පශ්චාත් යුදකාලීන ලෝක අධිරාජ්‍යවාදය යළිත් ස්ථාවර කිරීමේ ප්‍රධාන අංගයක් වූයේය. කෘෂිකාර්මික සම්බන්ධතාවයන්ගේ ප්‍රතිවර්තනයක් ද කුලවාදය අහෝසිකිරීම ද ඇතුලු ගොවි ජනතාව මුහුණදෙන එකදු දැවෙන ප්‍රශ්නයක් හෝ එමගින් විසඳන ලද්දේ නැත.
ඉන්දියාව මේ වන විට බලවත් රාජ්‍යයක් බවට පත් වී ඇතැයි ඇතැමුන් ප්‍රකාශ කළ ද එහි ඇත්ත තත්ත්වය එය නොවේ. පසුගිය වසර හැත්තෑවක කාලය තුළ ලෝක ශ්‍රම වෙළඳපොළ සඳහා ලාභ ශ්‍රම සපයන්නෙකු බවට ඉන්දියාව පරිවර්තනය වීම විසින් ධනවත් කර ඇත්තේ ඉතා කුඩා ස්ථරයකි. අද දින ලෝකයේ බිලියන පතියන් ගණනින් තුන්වන තැන දරන රට බවට පත්ව ඇතැයි කයිවාරු ගසන ඉන්දියාවේ බිලියන් 1.3 ජනතාවගෙන් හතරෙන් තුනක් පණ ගැට ගසා ගන්නේ දිනකට ඩොලර් දෙකකට අඩු ආදායමකිනි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු පාලක පන්තියේ අපරධකාරීත්වය නිරූපණය කරන්නේ යම්සේද, ඉන්දියානු පාලක පන්තිය තමන්ගේ සැබෑ මුහුණ වර්තමාන ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි තුළින් ද දැක ගත හැකිය.
ආයෝජකයන්ට හිතකර ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම මගින් සහ ඇමරිකානු අධිරාජ්‍යවාදය පිටුපස ඉන්දියාව පෙළ ගැස්වීම මගින් මෝදි බාරගෙන ඇත්තේ ඉන්දියානු ධනපති පන්තියට තව දුරටත් ඉහළ නැගීමට ද මහා බලවතෙකු බවට පත් වීමට ඊට ඇති උවමනාවට ද තල්ලූවක් දීමය.
දැන් ඉන්දියාව ඇමෙරිකා එක්සත් ජනපදයේ චීනයට එරෙහි ප්‍රහාරයේ පෙරටු බල ඇනියක් සේ සේවය කරයි. එය අභ්‍යන්තරයේ පවතින්නේ හිමාලය ප්‍රදේශයේ මාස දෙකක් ගතව ඇති චීන-ඉන්දියානු දේශසීමා ගැටුම යුද්ධයක් ලෙස පුපුරායාමේ තර්ජනය හා උතුරු කොරියාව තම අණසකට යටත් කර ගැනීමට එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් කරන තර්ජනයට අගමැති මෝදිගේ පූර්ණ සහායයි.
ඛෙදා වෙන් කිරීමෙන් පැනනැගුණ ඉන්දු පකිස්ථානු ප්‍රතිවිරෝධය දැන් ඇමෙරිකන්-චීන ගැටුම සමග පැටලී, ඒ දෙකටම නව පුපුරණසුළු බලයක් අත්කර දී තිබේ.
මේ අනුව ජාතීන් අනුව දකුණු ආසියානු කලාපයත්, විශේෂයෙන් ඉන්දියාවත් ඛෙදා වෙන් කර පාලනය කිරීමේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ වාර්ගික ගැටුම්, දේශ සීමා ප්‍රශ්න, දරිද්‍රතාවය සහ ලෝක බල අරගලයේ ඉත්තන් ලෙස භාවිතා වීම ඇතුළු ජනතා පැවැත්මට අහිතකර තත්ත්වයන් තව දුරටත් වර්ධනය වීම පමණකි.


ධනංජය සූරියබණ්ඩාර