උක් ගොවියා සටනට එයි

නිපුණා සාරංගි
මීතොටමුල්ල කසළ කන්දේ ගැටළුව මානව හිමිකම් කොමිසමට
October 24, 2017
ලුcxgjxf
කුකුළු ගොවි කර්මාන්තය කොයිබටද?
October 24, 2017
Show all

උක් ගොවියා සටනට එයි

උක් ගොවියා සටනට එයි

ආණ්ඩුව උක් ගොවි ඉල්ලීම් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි සටන් ක්‍රියාමාර්ගවල නිරතවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි.
පසුගියදා අම්පාරේදී පැවති මාධ්‍ය හමුවකදී නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කර සිටි අතර ඒ සඳහා උක් වගාවේ නිරත ගොවිජනතාවද විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
උක් ටොන් 01ක මිල රුපියල් 8,500/-ක් දක්වා ඉහළ දැමීම, උක් වගා කරන ඉඩම් අයිතිය ගොවියා වෙත ලබාදීම, උක් වගාව සඳහා පොහොර සහනාධාරය වහා ලබා දීම, ආයතනය විසින් ලබා දෙන ණය පහසුකම් සඳහා අයකරන අසාධාරණ පොලිය අහෝසි කිරීම, ප්‍රමිතියෙන් තොර බීජවලින් සිදු කරන වගා හානියටත්, වසංගත රෝග හා බරපතළ ස්වභාවික විපත්වලදීත් සමාගම ගොවියාට වන්දි ගෙවීම, අස්වනු නෙළීමේදී සමාගමේ ප්‍රමාදය නිසා සිදුවන පාඩුවට සමාගම ගොවියාට වන්දි ගෙවීම, කර්මාන්ත ශාලාවේ දුමත් සමග පිට වන අපද්‍රව්‍ය නිසා සිදුවෙමින් පවතින පරිසර හා සෞඛ්‍ය ගැටළු විසඳීමට වහා පියවර ගැනීම යන ඉල්ලීම 07 උක් ගොවියෝ ඉදිරිපත් කරති.


නිපුණා සාරංගි