උතුරු කොරියාවේ යුද ශක්තිය මෙන්න…

ceasefire-lead
ඉන්දියාව පාවා දීමෙන් වසර හැත්තෑවකට පසු
October 24, 2017
ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට කටාරයෙන් සැලැස්මක්
ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට කටාරයෙන් සැලැස්මක්
October 24, 2017
Show all

උතුරු කොරියාවේ යුද ශක්තිය මෙන්න…

උතුරු කොරියාවේ යුද ශක්තිය මෙන්න...

උතුරු කොරියානු ගුවන් සීමාව ලොව වඩාත්ම ආරක්ෂිත විධිවිධාන යොදන ලද ගුවන් සීමාව ලෙස සැලකේ. සතුරු යානා හඳුනාගන්නා රේඩාර් පද්ධති සෑම ගමකම හා නගරයකම පිහිටුවා ඇති අතර දහස්ගණන් සෙබළුන් දිවා රෑ මෙම රේඩාර් තිර නිරීක්ෂණය කරමින් සිටී. එමෙන්ම උතුරු කොරියාව සතුව 15,000කට අධික උරහිස මත තබාගෙන විදින ගුවන් යානා නාශක මිසයිල පද්ධති සංඛ්‍යාවක් ඇත.
අමෙරිකානු වාර්තා අනුව සියලුම උතුරු කොරියානු රේඩාර් හා ගුවන්යානා නාශක මිසයිල පද්ධති ගුවන් ප්‍රහාරවලට ඔරොත්තු දෙන ශක්තිමත් බංකර තුළ ස්ථානගත කොට ඇති අතර උතුරු කොරියානු ගුවන් හමුදාවේ සියළුම යානා සඳහාද බෝම්බ ප්‍රහාරවලට ඔරොත්තු දෙන හැඟර සපයා ඇත. එමෙන්ම උතුරු කොරියාව සතුව විශාල භූගත ගුවන් කඳවුරු දෙකක්ද ඇතැයි වාර්තා වේ. මේ අනුව උතුරු කොරියාවට එරෙහිව විදේශ ආක්‍රමණයක් සිදු කිරීම ඉතාමත් අපහසු රට ලෙස සැළකේ.
North Korea – Military Manpower
i සක්‍රීය යුද භට පිරිස – 700,000
ii සක්‍රීය හමුදා සංචිතය (Active Reserves) – 4,500,000
iii යුද සේවයට කැඳවිය හැකි, යුද පුහුණුව ඇති සිවිල් ජනයා – 10,000,000
Military Hardware – Land Forces
i යුද ටැංකි – 4200
ii සන්නද්ධ ප්‍රහාරක රථ – 4100
iii සංචාරක කාලතුවක්කු (Self-propelled guns) – 2250
iv ඇදගෙන යා යුතු කාලතුවක්කු – 4300
v මල්ටි බැරල් රොකට් පද්ධති – 2400
Air Power
i සටන්වදින යානා (Fighter / interceptor) – 458
ii ප්‍රහාරක යානා (Attack aircraft) 572
iii ප්‍රවාහණ යානා (Transporter) – 100
iv හෙලිකොප්ටර් – 202
v ප්‍රහාරක හෙලිකොප්ටර් – 20
Naval Power
i යුද නෞකා – 5
ii සබ්මැරීන – 70
iii වෙරළාරක්ෂක යාත්‍රා – 211
iv මුහුදු බෝම්බ අතුරන යාත්‍රා – 23
Rocket Forces
i KN 1 – කෙටිදුර නෞකා නාශක කෘෘස් මිසයිලය. (කි.මී 160ක ප්‍රහාරක පරාසය)
ii KN 2 ටොච්කා – කෙටිදුර, ඝණ ඉන්ධන දහනය කරන, ඉතා නිවැරදිව ඉලක්කය ගතහැකි ජංගම මිසයිලයකි.
iii Hwasong 5 – ද්‍රව ඉන්ධන දහනය කරන ස්කඩ් මිසයිල මාදිලියේ ජංගම මිසයිලයකි. ප්‍රහාරක පරාසය කි.මී 330කි. මෙවැනි මිසයිල පද්ධති 150-200 පමණ ඇතැයි සැලකේ.
iv Hwasong 6 – ස්කඩ් මාදිලියේ නවීකරණය කළ ජංගම මිසයිල පද්ධතියකි. ප්‍රහාරක පරාසය කි.මී 550කි. කිලෝ 600ක පිපුරුම් හිසක් ගෙනයා හැකිය. මෙවැනි මිසයිල 400ක් පමණ ඇත.
v Hwasong 7 – හ්වාසොංග් 6 මිසයිලයේ වැඩි දියුණුවකි. ප්‍රහාරක පරාසය කි.මී 800. මෙවැනි මිසයිල 150ක් පමණ උතුරු කොරියාව සතුව ඇත.
vi Rodong 1 – තවත් දියුණුකළ ස්කඩ් අනුවර්තනයකි. ද්‍රව ඉන්ධන දහනය කරන ජංගම මිසයිලයකි. ප්‍රහාරක පරාසය කි.මී.1,300කි. කිලෝග්‍රෑම් 650ක පිපුරුම් හිසක් ගෙනයා හැකිය.
vii Hwasong 10 – නවීකරණය කරන ලද සෝවියට් ආර්-27 සබ්මැරීන මගින් විදින බැලිස්ටික් මිසයිලයකි. කිලෝමීටර් 3000ක ප්‍රහාරක පරාසයක් ඇත. මෙවැනි මිසයිල 50ක් පමණ උතුරු කොරියාව සතුව ඇත.
viii Pukkuksong 1 – චීන සබ්මැරීන නාෂක මිසයිලයක වැඩිදියුණුවකි. දිගුදුර මිසයිලයක් බවට විශ්වාස කරයි. වැඩිදුර තොරතුරු නැත.