උමාඔය සටනට මහා සංඝරත්නයත් එක්වෙයි

මොරගහකන්දේ වන සතුන්
මොරගහකන්දේ වන සතුන් අවදානමක
October 24, 2017
නිපුණා සාරංගි
මීතොටමුල්ල කසළ කන්දේ ගැටළුව මානව හිමිකම් කොමිසමට
October 24, 2017
Show all

උමාඔය සටනට මහා සංඝරත්නයත් එක්වෙයි

උමාඔය සටනට මහා සංඝරත්නයත් එක්වෙයි

උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය නිසා පීඩාවට පත් ජනී ජනයා ආණ්ඩුවෙන් දිගින් දිගටම මේ විනාශයෙන් සිය ගම්බිම් සහ ගෙවල් දොරවල් ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලීම් කළද ආණ්ඩුව නෑසු කන්ව සිටින හෙයින් සටන් මගට පිවිස ඇත. ජනතා හඩ මගහරිමින් කටයුතු කරන ආණ්ඩුවට එරෙහි පෙළගැසෙන දැවැන්ත ජනතා බලවේගයට ආශීර්වාද කරමින් තමන්ද එම සටනට ජනතාව සමග බද්ධ වන බව ජාතික භික්ෂු පෙරමුණ පවසයි. ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වකමුල්ලේ උදිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඔක්තොම්බර් 9 වැනිදා බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේ පැවති ජනමාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව අවධාරනය කළහ.


ශාන්ත හෙට්ටිආරච්චි