මහින්දගේ ජපන් ගමන හා රත්තරන් ලෙඩේ….

ලුcxgjxf
කුකුළු ගොවි කර්මාන්තය කොයිබටද?
October 24, 2017
ලුsdgs
ආණ්ඩුවේ නොහැකියාව දරුවන් මත පටවන ශිෂ්‍යත්ව විභාගය
October 24, 2017
Show all

මහින්දගේ ජපන් ගමන හා රත්තරන් ලෙඩේ….

H.S.B.C.

මේ ලිපිය ලියන මොහොතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්නේ ජපානයේ. රාජපක්ෂවරුන්ගේ දේශපාලන හා පුද්ගලික කටයුතු බොහෝ විට සිදුවන්නේ හොරෙන් රහසිගතවයි. ඒ නිසා මේ ගමනද රහසක්. ප්‍රසිද්ධ රහස ලෙස දැනගන්නට ඇත්තේ අසනීපයකට ඛෙහෙත් ගැනීමට සිංගප්පූරුවට ගිය බවත්, එහි ප්‍රතිකාර ලබා ගැනීම අපහසු වූ හෙයින් ජපානය බලා ගිය බවත්ය. එදා හිසරදයටත් සිංගප්පූරුවට, ඇමරිකාවට ගිය මහින්ද මෙදාපාර ඇමරිකාවට නොයා ජපානයට ගියේ ඇයි කියන එකත් ප්‍රශ්නයක්. ඒ මොනව වුණත් මහින්ද පස්සේ දිව්‍ය ලෝකයේ යාමට සිටින පිරිසට බෝධි පූජා පවත්වන්නටවත් ලෙඩේ ගැන කීවානම් හොදයි කියලයි අපි නම් කියන්නේ. කිසියම් අයෙකුට කළ කී දෑ වලට නීතියෙන් දඩුවම් නොලැඛෙනවානම් සොබාදහමෙන් හරි දඩුවම් ලැබෙනවානේ. ලෙඩ නොවන, වයසට නොයන මහින්ද රාජපක්ෂගේ මේ රහසිගත ලෙඩේ ගැන අපිට ලියන්නට හිතුනේ වෙන කාරණාවක් නිසයි. හැමදාම කළා වගේ සිංගප්පූරුව හරහා ජපානයට ගියේ පහුගිය කාලෙ මේ රටේ සිද්ධ වුණ විශාලම හොර රත්රන් ජාවාරමේ වංහුං වසා දැමීමට කියලා සමහරු කියනවා. මොනවා වුණත් මහින්ද හා රාජපක්ෂ පවුලේ අය ගලවා ගැනීමට ඇප කැප වුණ අගමැති රනිල් මේ සිද්ධිය නීතිය ඉදිරියට ගෙනෙන්නේ නැති බව අපට විශ්වාසයි. ඒක එහෙම වුණත් ජනතා පරමාධිපත්‍ය කියන දේ තියෙන්නෙ මේ රටේ ජනතාව අත නිසා අපි මේ සිදුවීම සමාජගත කරමු. මේ ගැන සොයා බැලීම යහපාලන ආණ්ඩුවේ වගකීමක්. දැන් එහෙම නොකළොත් පහු කාලෙක ඒක යහපාලනේ නොකළ හේතුව ජනතාව අසාවි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2012 දී නීති විරෝධී ආකාරයට රටේ මහා භාණ්ඩාගාරයට අයත් රත්රන් මෙට්‍රික් ටොන් 40 ක් (හරියටම 39.66ක්) ජපානයේ සමාගමකට විකුණලා තියෙනවා. ඒ කියන්නේ කිලෝ 40,000ක් විතර. මේ සිදුවීම මීට කලකට පෙර සති අන්ත පුවත්පතක් හෙළි කළා. දේශපාලඥයෝ වේදිකාවල කතා කළා. නමුත් මේක ගැන කිසිදු පරීක්ෂණයක් සිදු වෙලා නැහැ.
පහුගිය දවසක පොලිස්පති පූජිත ජයසුන්දරට මේ මහා පරිමාණ සොරකම පිළිබදව කරුණු දැනගන්නට ලැබිලා තියෙනවා. වහාම ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ පුද්ගලයා හමු වීමට යවලා වැඩිදුර තොරතුරු ලබාගෙන තිඛෙන බවත් ආරංචියි. මේ හොර රත්රන් ගනුදෙනුව පිළිබද තොරතුරු මේ විදිහට ලබා දීලා තියෙන්නෙ මහින්ද රාජපක්ෂ එක්ක කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ එක පන්තියේ දීර්ඝ කාලයක් ඉගෙනුම ලැබූ පුද්ගලයෙක්. ඔහු රටේ සිදුවන දූෂණ හා වංචා පිළිබදව බොහොම සංවේදී අයෙක්.
මේ නීති විරෝධී රත්රන් ගනුදෙනුවේ මහ මොළකාරයා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්. යුද්ධයෙන් පස්සෙ හමුදාව උතුරේ කොටි තිප්පළවලින් සොයාගත් රත්රන් වගේම බැංකුවල තිබූ රත්රන් ද මේ තොගයට අයත් බව කියැවෙනවා. ඇතැම්විට රේගුව හා වෙනත් ආයතන රාජසන්තක කළ රත්රන් තොගද මේ ගොඩට ඇතුළත් වෙන්නට පුළුවන්.
කෙසේ හෝ වේවා මෙම ගනුදෙනුව සිදුකර ඇත්තේ ජපානයේ Credit Suise Seoutities නම් ආයතනයක්. මෙම සමාගම රන් ගනුදෙනුවේ කටයුතු කිරීමට සියළු බලය Japuda Holding com. Ltd නම් සමාගමට පැවරූ බව හෙළිදරව් වී තිඛෙනවා. ඔවුන් මෙම ගනුදෙනුවේ අතරමැදියෙකු ලෙස රාජ් ගෝපාල් කාර්තීපන් නමැති පුද්ගලයා පත් කර ඇති අතර, මහ බැංකුව සිය අතරමැදියා ලෙස පත් කර ඇත්තේ සප්පාන් සෝමසේකරන් නම් පුද්ගලයාය. මේ දෙදෙනා මෙම රත්රන් විකිණීම පිළිබද ගිවිසුම 2012 ජනවාරි 27 වන දින අත්සන් කර ඇති අතර මෙම ගිවිසුම නීත්‍යානුකූල බවට සහතික කර ඇත්තේ නීතිඥ සම්පත් චමින්ද ගමගේ නම් අයයි. ඔහු උතුරු තලංගම, කොස්වත්තේ, ප්‍රසන්න මාවතේ අංක 385/5 දරන තැන පදිංචිව සිටියි. ඔහුගේ දුරකථන අංකය 0777 – 3777551 වේ. මේ ගිවිසුම ඔහු සකසා සහතික කළ බව මේ පිළිබදව විමසූ අයකුට ප්‍රකාශ කර තිබේ.
මෙම හොර ගනුදෙනුවේ සියළු බැංකු කටයුතු සිදුව ඇත්තේ H.S.B.C.  බැංකුව මගිනි. මෙම රත්රන් තොගය නිසි ආකාරයට සකස් කිරීම – රටෙන් පිට කිරීම ආදී සම්බන්ධීකරණ කටයුතු සදහා පුද්ගලයන් 8 දෙනෙකු සහභාගි වී ඇති බව පැවසේ.
මෙම රන් ජාවාරම නීත්‍යානුකූල මුහුණුවරින් සිදුකිරීමට ප්‍රධාන මෙහෙයුම සිදුකර ඇත්තේ අජිත් නිවාඩ් කබ්රාල්ය. රත්රන් රටෙන් පිට ගෙන යෑම නීතියෙන් තහනම් වන අතර, රේගුව මේ පිළිබදව දැඩි විමර්ශනයක යෙදේ. එසේ රත්තරන් ගෙන යාමට සහ පිට කිරීමට නිල ලේඛන ගණනාවක් අවශ්‍ය වෙයි.
1. ප්‍රභව සහතිකය (රන් ලැබුණු ආකාරය)
2. හිමිකම් සහතිකය
3. ඇසුරුම් ද ඇතුළත්ව බර පිළිබද සහතිකය
4. තත්ත්වය හා ශ=ද්ධ බර
5. රේගු නිෂ්කාශන සහතිකය ආදි වශයෙන් වන ලියකියවිලි 10 ක් පමණ මෙසේ රත්රන් රටෙන් බැහැර ගෙන යාම සදහා අවශ්‍ය වන අතර, මේ සියල්ල නීත්‍යානුකූල ආකාරයට හෝ වංචනිකව සකස් කර දී ඇත්තේ අජිත් නිවාඩ් කබ්රාල් විසිනි. මවිතය දනවන කරුණ වී ඇත්තේ සියළු බදු හා ගෙවීම්වලින් නිදහස් කරන ලද බවට වූ සහතිකයද මේ රත්රන් සදහා ලැබී තිබීමයි.
මෙම සුවිශාල රත්තරන් තොගය කාගේද යන ප්‍රශ්නය ප්‍රථමයෙන් පැන නගින්නක්. යුද්ධයෙන් පසු රජය විසින් අත්පත් කර ගන්නා ලද රත්තරන් මහින්ද රාජපක්ෂට හා අජිත් නිවාඩ්ට අවශ්‍ය ආකාරයට විකුණා දැමීමට පුළුවන්ද? ඇතැම් විට අධිකරණය යම් යම් නඩුවලදී රාජසන්තක කරන ලද රන්ද මේ අතර තිබිය හැකියි. කෙසේ වෙතත් මේ ආකාරයට විනිවිද භාවයෙන් තොරව මහ බැංකුවට හෝ මහා භාණ්ඩාගාරයට රජය සතු රත්රන් සංචිත විකිණිය නොහැකි බව නීති විශාරදයින්ගේ මතයයි. රන් තොග විකිණීම සදහා ටෙන්ඩර් කැදවා, ගැනුම්කරුවන් හා ඍජුවම සම්බන්ධ වී ඉහළම මිල ගණන්වලට ගනුදෙනුව සිදුකර, ඒ මුදල් නිසි ආකාරයෙන් මහා භාණ්ඩාගාරයට යා යුතු බව ඔවුන්ගේ අදහසයි.
මෙම රන් විකිණීමේදී සමාගම දන්වන ලද ආකාරයට රන් කුට්ටි ලෙස සකස් කිරීමද විනිවිද භාවයෙන් තොරව සිදු වී ඇතැයි පැවසෙනවා. රන් බිස්කට් හා විවිධ හැඩයේ රන් කුට්ටි උණු කර කුට්ටි සාදා, ඒ මත ලාංඡන තබා සකස් කර දී ඇති බවට තොරතුරු තිඛෙනවා. මේ රන් ප්‍රවාහනයේදී ආරක්ෂක අංශවල තෝරාගත් අය යොදවා ගත් බවයි පැවසෙන්නේ. මෙම රන් ගනුදෙනුව හරහා මහා භාණ්ඩාගාරයට ලැබුණු මුදල පිළිබදව හෙළිදරව් වන්නේ නැහැ. එසේ නම් මෙය සූක්ෂ්ම ආකාරයට සිදු කළ හොරකමක්. අනෙක් අතට මේ බ්‍රෝකර්වරුන්ට 1% – 5% ආදී වශයෙන් මුදල් ගෙවීමට බලයක් අජිත් නිවාඩ් කබ්රාල්ට තිබේද? මෙම ගනුදෙනුවේදී මැදිහත් වූ එක් අයෙකුට 1% බැගින් වූ බ්‍රෝකර් ගාස්තුව පමණක් රුපියල් කෝටි 6 ක් ලැබී ඇති බව දැනගන්නට තිඛෙනවා. මෙම හොර ජාවාරම අවසන් වූ පසු මෙහි අතරමැදියෙකු මහින්ද රාජපක්ෂ හමු වී තිඛෙනවා. තමන්ගේ කොමිස් මුදල ගැන ජනාධිපතිවරයා හා කළ සාකච්ඡාවේදී ඒ සියළු කටයුතු මහ බැංකු අධිපති සමග සාකච්ඡා කර විසදාගන්නා ලෙස තමන්ට දැන් වූ බව ප්‍රකාශ කර ඔහු විසින් මහ බැංකු අධිපතිට 2013 ජූනි 19 දාතම දරන ලිපියෙන් දන්වා තිඛෙනවා. මෙයින් වඩාත් පැහැදිලි වන්නේ මේ හොර රන් ජාවාරම මහින්ද රාජපක්ෂට අවශ්‍ය ආකාරයට සිදුකර ඇති බව නොවේද? මෙම අතරමැදියන්ට කෝටි ගණනාවක් ලැබී තිඛෙනවා.
ජපානයට විකුණා ඇති මෙම රන් තොගයේ වෙළදපොළ වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 1824.36ක් වන අතර, එය ලංකාවේ රුපියල් මිලියන 232,788ක් පමණ වේ. මේ ආකාරයට ලැබුණු සුවිශාල මුදල් කන්දරාවට සිදුවූයේ කුමක්ද? එසේ නම් මෙම සුවිශාල මුදල මහින්ද රාජපක්ෂ හා අජිත් නිවාඩ් කබ්රාල් හිමි කර ගත්තේද?
රටට හිමිවිය යුතු මහා ධනස්කන්ධයක් මෙසේ සූක්ෂ්ම අයුරින් හොරා ගැනීම ගැන සෙවීමට මේ යහපාලන රජයට යුතුකමක් හා වගකීමක්ද තිඛෙනවා. මේ ගැන පරීක්ෂණ පැවැත්වීමද ඉතා පහසුයි. මහා භාණ්ඩාගාරයේ 2012 – 2013 ලිපි ලේඛන පරීක්ෂා කිරීම හා අදාළ ආයතනවලින් කුමන හෝ ක්‍රමයකට ලබා ගෙන ඇති ලියකියවිලි පරීක්ෂා කිරීම කළ නොහැකිද? එසේම මෙරට හා ජපානයේ ගුවන් තොටුපළවල මේ සම්බන්ධ තොරතුරු තිබිය යුතුමය. මහා භාණ්ඩාගාරයට මේ සා විශාල මුදලක් ලැබී තිබේදැයි පරීක්ෂා කිරීම අපහසුද? දැනට ලංකාවේ පදිංචි අතරමැදියන් කිහිප දෙනාගේ සාක්ෂි ලබාගත නොහැකිද? බොරුවට පාර්ලිමේන්තුවේදී හා රැස්වීම්වලදී, මාධ්‍ය සාකච්ඡාවලදී යම් යම් දේවල් නොකියා මේ විශාලතම රන් මංකොල්ලය ගැන සෙවීමට මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු රජයට බලකළ යුතු නොවේද?
මේ සා විශාල සොරකමක්, නීති විරෝධී ජාවාරමක් පිළිබදව මේ ආණ්ඩුව නොසොයන්නේ නම් ජනාතවට පිළිගැනීමට සිදුවන්නේ මේ ආණ්ඩුවේද යම් යම් අය අර දූෂිත මුදලින් පෝෂණය වන බව නොවේද? මහින්ද රාජපක්ෂ ජපානයට ගියේ අර දඹුල්ලේ ගිහින් විහාරය වැ`දපුදාගෙන තලගොයින්ද මරාගෙන ඒමට වගේ මේ රන් හොරකමට සම්බන්ධ එරට නියෝජිතයන්ද හමු වී හෙළිවේයැයි හිතෙන සියළු තොරතුරුද වසං කිරීමේ අරමුණින් විය නොහැකිද?
මෛත්‍රී ජනාධිපතිතුමනි, ඔබටයි මේ පැමිණිල්ල යොමු වන්නේ….


ඩී. බී. ඇල්කඩුව