රාජ්‍ය බැංකු සේවක පුරප්පාඩු හොර පාරෙන්

ලුfhk,ki
මධ්‍යම අධිවේගයේ ඉඩම් කොල්ලයට එරෙහිව ගම්වැසියෝ වීදි බසිති
October 24, 2017
මොරගහකන්දේ වන සතුන්
මොරගහකන්දේ වන සතුන් අවදානමක
October 24, 2017
Show all

රාජ්‍ය බැංකු සේවක පුරප්පාඩු හොර පාරෙන්

රාජ්‍ය බැංකු සේවක පුරප්පාඩු හොර පාරෙන්

රාජ්‍ය ආයතනවලට සේවකයින් බඳවා ගැනීම සදහා තරග විභාග ක්‍රමයක් කි්‍රයාත්මක වුවද මේ වන විට තරග විභාග නොපවත්වා එක්සත් ජාතික පක්ෂයට හිතැති පුද්ගලයන් රාජ්‍ය බැංකුවල පවතින පුරප්පාඩු සදහා බඳවා ගනිමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි. මීට මාසයකට පමණ පෙර ලංකා බැංකුවට බහුකාර්ය සේවා තනතුරු සදහා එක්සත් ජාතික පාක්ෂිකයන් ප්‍රමාණයකට රැකියා ලබා දී ඇත. ලංකා බැංකුවට අභ්‍යාසලාභී පුහුණුවන්නන් සඳහා තරග විභාගයක් පැවැත්වුවද ඉන් සුදුසුකම් ලත් අය බඳවා ගන්නවා වෙනුවට සම්මුඛ පරීක්ෂණයන්ට පෙනී නොසිටි එජාප පාක්ෂිකයන් 150කට වැඩි ප්‍රමාණයකට පත්වීම් ලබා දී ඇත. මීට අමතරව රජයේ සියලුම බැංකු සඳහා විවිධ තනතුරු වලට පුද්ගලයන් බඳවා ගැනීමේදී ක්‍රමවේදයන්ට පිටින් ගොස් සිය පාක්ෂිකයන්ට පත්වීම් ලබාදීමට එජාපය නිර්ලජ්ජිත ලෙස කටයුතු කරමින් ඇතැයි සමස්ත ලංකා බැංකු සේවක සංගමය පවසයි. එහි ලේකම් ගාමිණී රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයෙන් මේ බව තහවුරු කරයි.


විමුක්තිනී සතරසිංහ