ලෝකයම රවටන UNO ට 72යි…

ස්ට්‍රිdzrhsrt
තර්ජන වර්ජන අවමන්
October 25, 2017
ට්‍රිzdtjuhrtd
කෝටි 300ක හාල් ගැරිල්ලක්
October 25, 2017
Show all

ලෝකයම රවටන UNO ට 72යි…

ශ්‍රේzdsfh

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72වන සංවත්සර රැස්වීම පසුගියදා පැවැත්විණි. මෙය ඒ සම්බන්ධයෙන් ලියවුණු ලිපියකි.
1910 මහා ආර්ථීක අවපාතය 1914 – 1918 දක්වා වූ පළමු වන ලෝක මහා සංග්‍රාමයට මුල් විය. 1928 ඇමෙරිකාවේ වොල්ස්ටී්‍රට් පැනනැගි මහා ආර්ථීක අවපාතය 1939 වසරේදී දෙවන ලෝක මහා සංග්‍රාමයට පාදක විය. දෙවන ලෝක මහා සංග්‍රාමය පළමුවන ලෝක මහා සංග්‍රාමය අභිබවා කෝටි සංඛ්‍යාත පීඩිත ජනයා අහිංසක නිරායුධ ජනයා ඝාතනය කරමින් මිල නොකළ හැකි දේපොළ, පරිසරය විනාශ කළහ. දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පළමුවන ස්ථානයට පැමිණි අධිරාජ්‍යවාදී ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක බලවතා බවට පත් විය. නැවත එවන් යුද වාතාවරණයක්, විනාශයක් වළක්වා ගැනීම, රටවල් ගොඩනැගීම, ආධාර වැඩසටහන් ඉදිරිපත් කරමින් 1945 ඔක්තෝබර් 24දා රටවල් 51ක සහභාගීත්වයෙන් පිහිටුවාගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට වසර 72ක් පිරේ. එහි 72 වෙනි සංවත්සරය පසුගියදා ඇමෙරිකාවේ නිව්යෝර්ක්හිදී පැවැත්විණි. පළමුවැනි සංවත්සරය (රැස්වීම) 1946 ජනවාරි මස 10 වනදා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් ශාලාවේදී පැවැත්වූ බවට වාර්තා වේ. දැන් රටවල් සංඛ්‍යාව 195කි. ලෝකය පුරා සාමය පවත්වාගෙන යාම ජාතීන් අතර මිත්‍රශීලී සම්බන්ධතා ඇති කිරීම ආදී අරමුණු එහි සඳහන් විය.
කෙසේ වුවද වත්මන් ආණ්ඩුවේ නායකයෝ එයට එක් වූහ. 1950 හා 1960 වර්ෂයන්හි මාගේ මතකයේ ආකාරයට මෙම සමුළුවලට සම්බන්ධ වූයේ අප රට වෙනුවෙන් රටේ සිටින නිත්‍ය නියෝජිතයන්ය. එය දැන් අංශක 180ක් ආපස්සට කැරකී විනෝද ගමන්, රටතොට බලාගැනීම ආදිය සඳහා වෙන් වී තිබේ. හිටපු ජනාධිපතිවරයා සමග 2007 එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ පිරිස 88ක් විය. 2014 දක්වා ඒ තත්ත්වය පැවතුණි.
මෙවර සමුළුවේදී, ඇමෙරිකානු ව්‍යාපාරික ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේශනයට පැමිණෙද්දී උතුරු කොරියානු නියෝජිතයා නැගිට ගියේය. ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා රොකට් මිනිසා ලෙසින් හැඳින්වූ අතර, උතුරු කොරියාව විනාශ කරන බවද, කොරියානුු නායකයාට දිවි නසා ගැනීමට සිදු වන බවද පැවසීය. ඉරානයට Rogue and Madrious හොරා හා මිනීමරු රටක් ලෙස හැඳින්වීය. දැනටමත් උතුරු කොරියාවට, ඉරානයට හා රුසියාවට එරෙහිව සම්බාධක පනවා තිබේ. උතුරු කොරියානු විදේ්ශ වෙළඳ ගනුදෙනු වලටද රටවල් කීපයකට තහනම පනවා ඇත. මෙවැනි ක්‍රියාමාර්ගවලට එරෙහිව හෝ ඒවා ලිහිල් කරන ලෙසවත්, ලංකාව ඇතුළු රටවල් කතා කළේවත් නැත. පරිසර රැක්මක් ගැන කතා කළත් ඒ වන විටත් ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත් වී ඇත. 2008 මහා ආර්ථීක අවපාතයේ දේශපාලන, ආර්ථීක විනාශය නැවත ලෝක යුද්ධයක් නිර්මාණය නොකරන බව කිව හැක්කේ කාටද? අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රියාමාර්ගයක්වීම ඔවුන්ගේ කෙසේ වුවද, ජාතීන් අතර සාමය, සංහිඳියාවට මුල් තැන දෙන බව කිවුවත්, පසුගිය කාලපරාසය තුළ එසේ සිදු වීද? නැත. ඉරාකය විනාශ කළේය. සදාම් හුසේන් එල්ලා මැරීය. ලිබියාවේ ගඩාෆි නැතිකර දැමීය. චිලියේ පිනෝචේ බලයට ගෙන ජන ඝාතන කළේය. වියට්නාම් යුද්ධය, කොසෝවේ ජන ඝාතන, බොස්නියා ඝාතන, පලස්තීන යුද්ධය, මියන්මාර් මිලිටරි ඒකාධිපතිත්වයන් බලයට ඒම, ඉන්දීය පකිස්ථාන් යුද්ධ, රුසියා – යුක්රේන් අරගල පැවතුණි. ඇෆ්ගනිස්ථානයට තවත් හමුදා යවා තිබේ. සිරියානු අරගලය, ලක්ෂ ගණන් අනාථයන්, සරණාගතයන් ලෙස ඉරාකයේ, මියන්මාරයේ ලක්ෂ ගණන් අනාථයන් ලෙස ජීවත් වෙති. මිනිස් ජාවාරම්කාරයන්ගේ උගුල්වලට හසු වී සාගර තරණය කරන සරණාගතයෝ වැඩි පිරිසක් මියයති. කුඩා දරුවෝද ඒ අතරය. මේ රටේද යුද්ධයක් සමග එසේ සිදු විණි. ඇමෙරිකාවේද ප්‍රාන්ත රාජ්‍යයන් කළු සුදු (වර්ණ භේදය) විශාල අරගල කැඳවා තිබේ. ඉතියෝපියා, යේමන, නයිජර්, සුඩාන්, සොමාලියා ආහාර හිඟය, මන්දපෝෂණයෙන් මියයයාම් (කුසගින්න හා ලෙඩ රෝගවලට ඛෙහෙත් නැතිව) කොපමණද? මෙසේ පවතිද්දී ඇමෙරිකාව ලබන වසරේ ආරක්ෂක වියදම් 54%කින් ඉහළට දමා තිබේ. ඝාතන, වසංගත, ආහාර අර්බුදය ඉතාමත් ඉහළට පැමිණෙද්දී යුද අවි ආරක්ෂක කඳවුරු හමුදා ගොඩනැගීමට අතිවිශාල වියදමක් අධිරාජ්‍යවාදයෝ හා ප්‍රතිගාමියෝ දරති. සූරකෑම හා ලාබය ධනපතියෝ සූක්ෂමව කරති. ඇති නැති පරතරය ඉතා ඉහළ යමින් මහජන ගැටුමකට පාර කැපේ. ස්වභාවික විපත්වලට ලබාදුන් ආධාර මොනවාද? ඒවා ගැන සම්මේලනයට පැමිණියෝ අදහස් දැක්වීමක්වත් සිිදු කළේ යයි දැනගන්නට නැත. හාවි, ඉරිමා, මයෝ සුළි කුණාටු, ගංවතුර කළ විනාශයට, මෙක්සිකෝවේ භූ චලනයට විධිමත් ලෙස ආධාර, සහන ලැබීමක් නැත. යුරෝපයේ ඇති වී තිඛෙන මූල්‍ය අර්බුදය නිසා මිලියන 43කට (හාරකෝටි තිස් ලක්ෂයකට) ප්‍රමාණවත් ආහාර නැති බව ජාත්‍යන්තර රතුකුරුස ෆෙඩරේෂනය හා අයි.එස්.ආර්.සී. නියෝජ්‍ය ලේකම් ජිනීවාහිදී පවසා තිබේ. යුරෝපයේ තවත් මිලියන 120ක් ආහාර අර්බුදයට මුහුණ දෙති. (ලංකාදීප 12/10/2013) තවත් වාර්තාවක් (රාවය 14/09/2014) ලෝක බැංකුව තක්සේරු කර ඇති ප්‍රමාණය ලෝකයේ දිළිඳු ජනගහනයෙන් 44%ක් හෙවත් මිලියන 571ක් ජීවත් වන්නේ දකුණු ආසියාවේය. 2012 මානව සංවර්ධන වාර්තාව අනුව ඒ අතරින් මිලිියන 400ක් පමණ අකුරු නොදන්නා වැඩිහිටියන් වේ. ස්ත්‍රීන්ට අදාළව එය මිලිියන 250කි. (දෙසිය පනහකි) දියුණු සෞඛ්‍ය සේවාවක් ලබා ගත නොහැකි ජනතාව බිිලියනයක් (කෝටි 100) පමණ වන අතර, පානීය ජල පහසුකම් අහිමි ජනතාව මිලියන 160කි. තවත් ඉදිරියේදී මෙම සංවිධානයට කළ හැකි කිසිම දෙයක් නොවනු ඇත.
එබැවින් ගෝලීය පීඩිත ජනතාවගේ ආරක්ෂාව ජීවන තත්ත්වයන්ගේ වර්ධනය, තාක්ෂණික, විද්‍යා දියුණුවේ අසීමිත ප්‍රතිඵලය හා එහි ශ්‍රේෂ්ඨ වර්ධනයත් සමානාත්මතාවයත් ගොඩනැගිය හැක්කේ සමාජවාදී උපායමාර්ගය තුළ ගමන් කිරීමෙන් පමණි. ඓතිහාසික සත්‍යයට වඩා සත්‍ය දෙයක් ලෝකයේ නැත. ධනවාදයට හිමි විය යුතු තැන ඉතිහාසයේ කුණු බක්කියයි. තවද අධිරාජ්‍යවාදීන්ගේ නව යටත්විජිත කරන වැඩපිළිවෙලත් ඒ හරහා සම්පත් සියතට ගොනු කර ගැනීමේ යුද්ධත් වැළැක්විය යුතුය. පරාජය කළ යුතුය. එය කළ හැක්කේ සමාජවාදය උපායමාර්ගය කර ගත් වැඩපිළිවෙලකට පමණි. මේ සූර්යග්‍රහ මණ්ඩලයේ පෘථීවි ග්‍රහයාගේ වසර මිලියන හා බිලියන ගණනින් පැවැත්ම, මානව වර්ගයාගේ පැවැත්ම එයින් සහතික වනු නියතය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වැනි සැසිවාරය මුල් කරගෙන කිව හැක්කේ එපමණි.


සිරිනන්ද සිල්වා – පයාගල