අර්ජුන් මහේන්ද්‍රන් පත් කළේ ජනාධිපතිවරයායි

ඩdfg
හා….හා…. යට ඇඳුමේ පාටත් අපි දැන් දන්නවා…
November 1, 2017
ට්‍රිfdh
ජනාධිපතිවරයාගේ වගා සංග්‍රාමයේ බොරුව
November 1, 2017
Show all

අර්ජුන් මහේන්ද්‍රන් පත් කළේ ජනාධිපතිවරයායි

z_p06-Conduct

විදුලිබල හා බල ශක්ති නියෝජ්‍ය අමාත්‍ය  අජිත් පී. පෙරේරා

වංචා දූෂණවලට සම්බන්ධ කිසිවෙකුට මේ වෙනකොටත් දඩුවම් කර නැත්තේ ඇයි?

දඩුවම් කර තිඛෙනවා. හිටපු ජනාධිපති ලේකම් වීරතුංග මහත්තයාට එමෙන්ම විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පැල්පිට මහත්තයාට දඩුවම් කළා.

ඔවුන් ඇප ලබාගෙන ගෙවල් වලට ගියා නේ්ද?

අභියාචනා විමසා අවසන් වන තුරු ඇප ලබා දිය හැකියි යන්න රටේ නීතියයි. එය ඒ අයට පමණක් නොව අනෙක් අයටත් අදාළයි.

ඔබ මොනවා කීවත් ජනතා මතය නම් දේශපාලන ඩීල් මත වැරදිකරුවන් ආරක්ෂා වී සිටින බවයි. ඒ ගැන මොකද කියන්නේ?

දැනට පරීක්ෂණ එකසිය දහයකට ආසන්න ප්‍රමාණයක් අවසන් කර තිඛෙනවා. ඒ පිළිබඳ ලිපිගොනු නීතිපතිවරයාට යොමු කොට තිඛෙනවා. තවත් පරීක්ෂණ අසූවක් පමණ සිදු කරමින් තිඛෙනවා. දැනට ඇති අභියෝගය වී ඇත්තේ ඒ ක්‍රියා පිළිබඳ විමසුම් කටයුතු ඉක්මන් කිරීමයි. ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ භෞතික කටයුතු සහ දූෂණ විරෝධී ආශික අධීක්ෂණ කාරක සභාව විසින් ඒ නඩු කටයුතු ඉක්මන් කිරීම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කර තිඛෙනවා. ඒ පිළිබඳව දැනට කැබිනට් මණ්ඩලයේත්, ජනාධිපතිතුමාගේත් අනුමැතිය ලැබී තිඛෙනවා. ඒ යෝජනා ක්‍රියාත්මක කළොත් මේ තියෙන ප්‍රමාදය නැති කරන්න පුළුවන්.

 

බැඳුම්කර කොල්ලය ගැන දැන් පැහැදිලිව ඔප්පු වී තියෙනවා නේද?

බැඳුම්කර වංචාවක් සිදු වී තිඛෙන බව පැහැදිලියි. එය කෝප් කමිටුවෙනුත් නිගමනය කළා. ජනාධිපති කොමිෂන් සභාව මගින් කරපු පරීක්ෂණවලින් තවත් එය තහවුරු වුණා. ඒ අනුව 2015ට කලින් බැඳුම්කර වංචාවක් කළ අයටත් 2015ට පසු බැඳුම්කර වංචා කළ අයටත් දෙපිරිසටම දඩුවම් කළ යුතුයි.

මේ සම්බන්ධයෙන් මුල සිටම වැරදිකරුවන් ආරක්ෂා කළ බවක් ඔප්පු වෙනවා නේද?

ආරක්ෂා කරලා නෑ. අපි මේ පරීක්ෂණවලට උදව් කර තිඛෙනවා. එසේම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලුම නෛතික කටයුතු වලට උනන්දුවෙන් සහභාගී වී තිඛෙනවා.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත්කොට සිදු කළේ වසා ගැනීමක් නේද?

බැඳුම්කර ප්‍රශ්නය ඇති වෙන විට විෂයබාර ඇමතිවරයා ලෙස අගමැතිතුමා විසින් ජ්‍යෝෂ්ඨ නීතිඥවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ වාර්තාව එළිදැක් වුණා. ඒ කමිටුවේ වාර්තාවෙන් පැහැදිලිව සඳහන් කර තිඛෙන්නේ බැඳුම්කර වරදක් සිදු වී ඇති බවයි. ඉන් පසුව ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා පත් කළ මුදල් කමිටුවෙන් පෙන්නුම් කර තිඛෙන්නේ් බැඳුම්කර වල යම් දූෂණයක් සිිදු වී ඇති බවයි. ඒක වසා දමන්න අවශ්‍ය නම් ඒ කමිටු වාර්තාව ඉදිරිපත් නොකර ඉන්න තිබුණා නේද?

හොඳයි එහෙනම් කෝප් කමිටුවේදී අර පාද සටහන් තිබ්බේ ඇයි?

ෆුට් නෝට් වලින් සඳහන් කර තිඛෙන්නේ මේ පිළිබඳව පුළුල් වූ විවරණයක් අවශ්‍ය බවයි. අද මේ වන විට ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව එම පාද සටහන් මගින් ඉදිරිපත් කර තිබුණු කරුණු සත්‍ය බව පැහැදිලි වෙනවා. උදාහරණ ලෙස බොහෝ දෙනෙක් එනම් කෝප් කමිටුවේ වැඩි දෙනෙක් තර්ක කළේ මේ කාරණය පර්පැචුවල් ට්‍රෙෂරීස් සමාගම හා අර්ජුන් මහේන්ද්‍රන් පමණක් සම්බන්ධ කිරීමටයි. නමුත් දැන් පෙනී ගොස් තිඛෙන්නේ මහ බැංකුව තුළ සේවය කරන සේවක පිරිසක්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, අර්ථ සාධක අරමුදල, ලංකා බැංකුව, ඩී.එෆ්.සී.සී. වැනි තවත් මූල්‍ය ක්ෂේත්‍රයේ වැදගත් ආයතනවල තීරණ ගන්නා මට්ටමේ නිලධාරීන් පිරිසක් එකතු වී දෙදාස්දා හතරේ සිිට ආරම්භ කොට අඛණ්ඩව කරගෙන ගිය දූෂිත වැඩපිළිවෙළක් බවයි. පාදක සටහන් වලින් පෙන්නුම් කළ කරුණු කිසිවක් අසත්‍ය බව පෙනී ගොස් නැහැ. ඇත්තෙන්ම දැනට ඉදිරිපත් වී ඇති අලුත් සාක්ෂි අනුව ඒ්වා සනාථ වී තිඛෙනවා.

බැඳුම්කර කොමිසමේදී මුළු සමාජයටම කැළලක් වන අන්දමේ හෙළිදරව් වීම් තිඛෙනවා නේද?

සමාජයට කැළලක් නැහැ. වැරදි කරපු මිනිස්සු හෙළිදරව් වී තිබෙනවා. රටේ යහපාලනයක් තිඛෙන බවත්, වැරදි කරන මිනිස්සුන්ට ගැලවීමක් නැති බවත්, රටේ ආණ්ඩුව වැරදි හෙළිදරව් කිරීමට අවංකව උනන්දු වන බවත් පෙන්නුම් කර තිබෙනවා. එසේම වැරදිකරුවන් හා ඔවුන් ඇසුරු කරන අයට ලැඛෙන ප්‍රතිවිපාක පිළිබඳ හැඟීමක් සමාජය තුළ ඇති කර තිඛෙනවා. බරපතළ වරදක් සිදු වී තිඛෙනවා. එසේම ඒ වරද සම්බන්ධව සැඟවීමක් නොකර කටයුතු කරනවා. මහින්ද රාජපක්ෂ කාලයේ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා කාලයේ ඔහුගේ එක කුස උපන් සහෝදරිය පර්පැචුවල්  ට්‍රෙෂරීස් අධ්‍යක්ෂ ධුරයට දාලා තොරතුරු ලබා ගැනීම සඳහා රුපියල් මිලියන ගණන් අල්ලස් වශයෙන් ලබාදී ඇති බව දැන් හෙළිදරව් වී තිඛෙනවා. ඒ අනුව ඒ කාලයේ ඒවාට විරුද්ධ පරීක්ෂණ තිබ්ඛෙත් නැහැ. ඒ කාලයේ ඒවා ගැන කවුරුත් කතා කළෙත් නැහැ. කතා කරන්නත් බයෙන් හිටියේ. කතා කළොත් පැහැරගෙන යනවා. පැහැරගෙන ගිහින් මරා දානවා. අද එහෙම තත්ත්වයක් නැහැ. යහපාලනය එහෙමයි.

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කළේ අගමැතිවරයාගේ සෘජු මැදිහත්වීම සහතික වීම මතයි. දැන් ඒ වගකීමෙන් අගමැතිවරයාට ගැලවෙන්න බෑ නේද?

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කිරීම කරන්නේ ජනාධිපතිවරයායි. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් අතර සම්මුතියක් ඇතිවයි ඒ පත් කිරීම කරන්නේ. ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් කොමිෂන් සභාවෙන් ඔහුගේ ක්‍රියාවන් පිළිබඳව නිගමනයක් එනවා නම් ඒ නිගමනය අනුව එම පත් කිරීමේ දෝෂය පිළිබඳ ඇගයීමක් ඇති කර ගත හැකියි. තවම කොමිෂන් සභාව නිගමනයකට එළඹ නැති නිසා ඒ පිළිබඳව නිගමනයකට එළඹීමට අප තවම ඉක්මන් වැඩියි. ඔහු පත් කළ බලධාරියා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.


පද්මා වේරගොඩ ආරච්චි