ආණ්ඩුව සයිටම් හොර ජාවාරම රැකීමේ රහස…

logo viii
සමෘද්ධි නිලධාරීන් රවටන සුදු බණ්ඩාගේ ඉලෙක්ෂන් ගේම්
November 1, 2017
ඩdfg
හා….හා…. යට ඇඳුමේ පාටත් අපි දැන් දන්නවා…
November 1, 2017
Show all

ආණ්ඩුව සයිටම් හොර ජාවාරම රැකීමේ රහස…

saim iii

ඩිලාන් පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර තිඛෙන්නේ ආණ්ඩුවට පිස්සු බවය. ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ එක් නිශ්චිත කාරණයක් සම්බන්ධයෙනි. නමුත්, රටේ අවදියෙන් සිටින පොදු ජනතාවට ප්‍රත්‍යක්ෂ වී ඇත්තේ, සියලු අංශවලින් සලකා බැලීමේ දී ආණ්ඩුවට පිස්සු බවය. ඩිලාන් ඇමතිවරයා එක් කාරණයක් සම්බන්ධයෙන් ආණ්ඩුවට පිස්සු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ද, සියලුම දේ සම්බන්ධයෙන්ද විය යුතු බව ඔහු හොඳාකාරවම දන්නේය.
මේ රට පාලනය කළ තට්ටුමාරු ක්‍රමය මගින් රට ගෙනවිත් තිඛෙන්නේ පිස්සුවකටය. ඊට උත්තර හැටියට ශ්‍රීලනිප – එජාප දෙගොල්ලන්ම එකතු වී හවුල් ආණ්ඩුවක් පිහිටුවා ගත් පසු එම ආණ්ඩුවේම ඇමතිවරයකුගේ මුවින් ‘ආණ්ඩුවට පිස්සු’ බව ප්‍රකාශ කරන්නේ නම්, තවත් කුමන කතාද? ඩිලාන් ඇමතිවරයා ප්‍රකාශ කර තිඛෙන්නේ සයිටම් හොර වෛද්‍ය උපාධි ජාවාරම සම්බන්ධයෙන්ය. ‘කොහෙවත් යන සයිටම් බිලි දීලා ආණ්ඩුව බේරා ගන්න ඕනෑද? දැන් කරන්නේ ආණ්ඩුව බිලි දීලා සයිටම් රකින එක. ආණ්ඩුවට පිස්සු …!’ යනුවෙනුයි, ඔහු ප්‍රකාශ කර තිඛෙන්නේ.
නියෝජ්‍ය ඇමති ඩිලාන්ගේ මෙම ප්‍රකාශයෙන් පසුව ඔහුගේ ලොක්කා වන උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති, ලක්ෂ්මන් කිරිඇල්ල කළ ප්‍රකාශයකින් මේ පිස්සු තද වී තිඛෙන තරම කොතරම් දැයි හෙළි වන්නේය. ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ලිඛිතව ආණ්ඩුවට දන්වා තිඛෙන්නේ සයිටම් ප්‍රශ්නයට ඉක්මන් සාධාරණ විසඳුමක් ආණ්ඩුව විසින් ලබා දිය යුතු බවය. එයට ප්‍රතිචාර දක්වමින්, ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ ‘සයිටම් අහෝසි කිරීම හැර අනෙක් ඕනෑම විසඳුමක් පිළිබඳව සලකා බැලීමට ආණ්ඩුව සූදානම්…’ කියාය.
රොද බැඳගෙන විවිධ පාර්ශ්වවලින් ආණ්ඩුවට බල කරන්නේ, සටන් කරන්නේ සයිටම් හොර වෛද්‍ය උපාධි කඩය අහෝසි කරන ලෙසය. ලක්ෂ්මන් කිරිඇල්ල නම්, සයිටම් මුරදේවතාවා කියන්නේ නෙවිල් ප්‍රනාන්දු නම් ලෝක හොරාගේ ලක්ෂ්මන් කිරිඇල්ල නම් සයිටම් මුර දේවතාවා කියන්නේ නෙවිල් ප්‍රනාන්දු නම් ලෝක හොරාගේ මේ ජාවාරම අහෝසි කිරීම හැර අනික් ඕනෑම විසඳුමක් පිළිබඳව සලකා බැලීමට ආණ්ඩුව සූදානම් බවය. නෙවිල් ප්‍රනාන්දු ලෝක හොර ජාවාරම්කරුවකු බව සටහන් කරන්නේ ඔහු හැඳින්වීමට වෙනත් සභ්‍ය වචනයක් නැති නිසාය. ජීවිත කාලයක් පුරා යමක් හරිහම්බ කර ගත් මාපියන් තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වැය කරන ලක්ෂ 120ක පමණ මුදල පොකට් ගැසීම මේ ලෝක හොරාගේ ජාවාරමය. ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මේ පිස්සු ඩබල් වූ ආණ්ඩුව අමු නිරුවතින් පෙනී සිටින්නේ මේ හොර ජාවාරම රැකීමටය.
ආණ්ඩුවේ පැවැත්ම පවා බිලි දී මේ හොර ගුබ්බෑයම රකින්නේ නිකම්ම නොවන බව පැහැදිලිය. ඇවන්ට්ගාර්ඩ් සමාගමට මූල්‍ය කොල්ලයක් කිරීමේ අවස්ථාව සලසා දී ඇමතිවරුන් කී දෙනෙකුගේ මඩිය තර කර ගත්තේද? බැඳුම්කර මහා කොල්ලය සිදු කිරීමෙන් පසුව ඇමතිවරුන් කී දෙනෙකු මඩිය තර කර ගත්තේද? වර්තමාන හවුල් ආණ්ඩුව යටතේ තත්ත්වය මෙයයි. හවුල් ආණ්ඩුවේ මූල්‍ය මංකොල්ලයන්ට අධිවේගී මාර්ග විවෘත කර දුන්නේ අධිරාජ්‍ය ගැති ඒකාධිපති රාජපක්ෂ පවුල් පාලනයයි. දඩුවම් මුදලාලිට මූල්‍ය ජාවාරම් කරගෙන යාමට ඉඩ දී රාජපක්ෂ පවුලේ කී දෙනෙකු මඩිය තර ගත්තේද? රාජපක්ෂ දේශපාලනයට සම්බන්ධ නීතිඥයන් කී දෙනෙකු වින්දිතයන්ගේ සාක්කු සුද්ධ කර ගත්තේද? සක්විති රණසිංහට මූල්‍ය ජාවාරම් කිරීමට ඉඩ දී එම මුදල්වලට සුද්දය දී සක්විති රණසිංහ පමණක් නොව ඔහුගේ බිරිඳත් හිරගත කළේය. එම මුදල්වලට විද්දේ කවුරුන්ද?සෙලින්කෝ ‘ගෝල්ඩන් කී’ සහ ‘ශ්‍රී රාම්’ ජාවාරමට ඉඩ දී තර වුණු රාජපක්ෂවරුන් සහ සට්ටෑඹි ඇමතිවරුන් කී දෙනෙක් ද? පිරමීඩ ජාවාරමට ඉඩ දී රාජපක්ෂවරුන් කී දෙනෙකු කෝටි ප්‍රකෝටි ගණනක් ගැරුවේද?
මෙකී මූල්‍ය මංකොල්ල ධාරාවේම තවත් දිගුවක් ලෙස නෙවිල් ප්‍රනාන්දු නම් හොර ජාවාරම්කරුගේ වෛද්‍ය උපාධි ජාවාරමට රාජපක්ෂ පාලනය අවසර දී තිබුණේය. රාජ්‍ය බැංකුවලින් මුදල් පොම්ප කර සුදු අලියෙක් වූ රෝහලක් ඉදි කිරීමට ඉඩ සලසා දී දේශපාලන රැකවරණය ලබා දුන්නේය. රාජපක්ෂවරුන්ගේ දේශපාලන හයිය උපයෝගී කරගෙන නෙවිල් ප්‍රනාන්දු වසරකට ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවාගෙන එක් අයෙකුගෙන් රුපියල් ලක‍ෂ 120ක් බැගින් කොල්ලකෑමේ මෙහෙයුමට දේශපාලන අනුග්‍රහය දැක් වූ නිසාය. අද ලක්ෂ්මන් කිරිඇල්ල සහ රාජිත සේනාරත්න කරමින් සිටින කාර්යය එදා කළේ මහින්දගේ අතවැසි එස්. බී. දිසානායකය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මැස්සන් සේ තළා දමා සයිටම් රැක දීමට කි්‍රයා කළේ එස්. බී. දිසානායකය.
නමුත්, රාජපක්ෂලාට, එස්. බී. දිසානායකලාට පැණි වදයට කිට්ටු විය නොහැකි වූයේ මහින්ද වසර දෙකකට කලින් බලයෙන් චුත වී ගිය නිසාය. එම අවුරුදු දෙකත් බලයේ සිටියේ නම්, සයිටම් හොර ජාවාරමාගේ සියල්ලටම විදින්නේ රාජපක්ෂලාය. එස්. බී. දිසානායක ඇතුළු අනෙකුත් හවුල්කරුවන්ය. කොළඹ විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කළ ඉඩම සහ දේපොළ කොල්ලකෑමට සමත් වූ එස්. බී.ට මෙය කජ්ජක් නොවන්නේය. අහම්බෙන් උදා වූ වසර දෙකක කාල අවසරයෙන් දැන් පැණිවදයට අත දා තිඛෙන්නේ හවුල් ආණ්ඩුවේ මූල්‍ය කොල්ලකාර ඇමතිලා බව පැහැදිලිය. ඇවන්ට්ගාඩ් ‘ගාඩ්’ කළා සේ, බැඳුම්කර කොල්ලය ‘ගාඩ්’ කළා සේ දැන් සයිටම් හොර ජාවාරම ගාඩ් කිරීම වෙනුවෙන් ආණ්ඩුව බිලි දීමට ද ලක්ෂ්මන් කිරිඇල්ලලා, රාජිත සේනාරත්නලා කැප වී සිටින්නේ අහම්ඛෙන් අත දා ගැනීමට හැකි වූ පැණි වදය නිසා බව දැන් ඉතා පැහැදිලිය.
ඩිලාන් පෙරේරා ඇමතිවරයාට තේරුම් ගත නොහැකි ආණ්ඩුව බිලි දී සයිටම් රැකීමේ පිස්සුව මෙය වන්නේය. ඒ අතර ජාවාරම කරගෙන යාමට මුලපුරමින්, නෙවිල් ප්‍රනාන්දුගේ හොර ජාවාරමට දරුවන් ඇතුළත් කර සිටි විශේෂඥ වෛද්‍යවරුන් රැසක් මේ වන විට තම දරුවන් ඉවත් කරගෙන ගොස්ය. රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් රැසකගේ ද දරුවන් මේ වන විට ද ඉවත් කරගෙන ගොස් අවසන්ය. වෙනත් ව්‍යාපාරිකයන් සහ රජයේ ඉහළ නිලධාරීන් රැසකගේ ද දරුවන් ඉවත් කරගෙන ගොස් අවසන්ය. එපමණක් නොව නවතම තොරතුරුවලින් හෙළි වන්නේ රාජිත සේනාරත්නගේ ලේලිය ද ඉවත් කරගෙන ඇති බවයි.
වැඩේ එයින් ද නතර නොවේ. මහා නායක හිමිවරුන් ආණ්ඩුවට ලිපි ලියන මොහොත වන විට තවත් බොහෝ දේ සිදු වී තිබිණි. සයිටම් තවත් බොහෝ දේ සිදු වී තිබිණි. සයිටම් ජාවාරම් සල්ලිවලින් නඩත්තු වෙමින් සිටි සංවිධාන ගණනාවද ඇඩ්‍රස් නැති වී ගොස් තිබුණේය. ‘අධ්‍යාපනයේ නිදහස’ වෙනුවෙන් පෙනී සිටින බව කියූ ශිෂ්‍ය සංවිධානයකට සිදු වූ දෙයක් සොයා ගත නොහැකිය. සයිටම් හොර ජාවාරම වෙනුවෙන් පෙනී සිටි ප්‍රකට නීතිඥයන් විශාල පිරිසක් අද ඒ වෙනුවෙන් හඩ නඟන්නේ නැත. සයිටම් විරෝධය ප්‍රබලව නැගී එන විට සංවිධානයක් ලෙස පිහිට වූ ‘සයිටම් සිසු මාපිය සංගමය’ දෙකට කැඩී ගොස්ය. එම මාපියන් විශාල පිරිසක් අද සයිටම් විරෝධී මාපියන් සමඟ එකඟතා ගිවිසුම් අත්සන් කර ආණ්ඩුවේ කෙරුමන්ට භාර දී තිබේ.
එයින් නොනැවතී සයිටම් ශිෂ්‍ය මාපියන් විශාල පිරිසක් අද ආණ්ඩුවට බල කරන්නේ මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසය. සයිටම් හොර ජාවාරම රැක ගැනීමට දිවිහිමියෙන් කැප වී ක්‍රියා කළ දේශපාලන කෙරුමන් හැර වෙන කිසිවෙකුත් අද ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. අධිකරණයට ද වෙට්ටු දමා ලබා ගන්නා ලද තීන්දුවක් තිබේ. එයට අභියෝග කරමින්, ඉහළ අධිකරණයට යොමු කළ පෙත්සම විභාගයටවත් නොගෙන අහක දැමිය යුතු බවට මතයක් එළියේ ගොඩනැගී තිබිණි. නමුත්, ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම ජාතික වැදගත්කමකින් යුතු සේ සලකා විභාග කිරීමට තීරණය කර තිබේ.
ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් කෙළමෝලෙන් ඇන ආණ්ඩුවට පෙන්වා දී ඇත්තේ, මෙම ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසය. සමස්ත පසුබිම පිළිබඳව ඉතා හොඳින් කරුණු එකිනෙක සලකා බලා නිවේදනය නිකුත් කළ බව පැහැදිලිය. ආණ්ඩුවේ සයිටම් හොර ජාවාරම රැකීමේ මුරබල්ලකු වී සිටින ලක්ෂ්මන් කිරිඇල්ල කර තිඛෙන්නේ ත්‍රෛනිකායික හිමිවරුන්ගේ නිවේදනය කුණුකූඩයට දැමීම හා සමාන දෙයකි.
සයිටම් හොර ජාවාරම අහෝසි නොකර වෙනත් ඕනෑම විසඳුමකට ආණ්ඩුව සූදානම් බව ප්‍රකාශ කිරීමෙන් එය පැහැදිලි වේ. ආණ්ඩුව බිලි දී සයිටම් රැකීමේ පිස්සුව වැළඳී ඇත්තේ, හොර ජාවාරමේ කුට්ටි එහෙ මෙහෙ වීමෙන් බව දැන් ඕනෑවටත් වඩා පැහැදිලිය. බැඳුම්කර මහා කොල්ලකරුවන් රැක්කා සේ ආණ්ඩුව මේ හොර ජාවාරම රැකීමට ඉතිරිව තිඛෙන එකම හේතුව මෙය පමණය.


ලංකා මාරසිංහ