ජනතාවගේ ඉඩම් කොල්ලකන්න දෙන්නේ නෑ

H.S.B.C.
මහින්ද පිලේ ගෝරි ගොඩයි
November 1, 2017
ලුxdftgjh
සියවසක කතාවක්
November 1, 2017
Show all

ජනතාවගේ ඉඩම් කොල්ලකන්න දෙන්නේ නෑ

මෛත්‍රීghj

ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී, ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ විධායක සභික
සුදත් බලගල්ල

වර්තමානය වන විට ඌව වෙල්ලස්ස වගේම බින්තැන්නත් අධිරාජ්‍යවාදී සමාගම්වල ගොදුරක් බවට පත් වෙමින් තිඛෙනවා නේද?

වසර හැත්තෑවක් වැනි කාලයක් පුරාවට මේ රට කරපු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම රට අගාධයට ඇද දමලා හමාරයි. එදා සුද්දා මේ ඌව වෙල්ලස්ස, බින්තැන්න විනාශ කළා වාගේම පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත්. වත්මන් ආණ්ඩුවත් මේ ප්‍රදේශයේ ජනතාවට කරන්න පුළුවන් උපරිම ද්‍රෝහිකම් කරලා ඉවරයි.
උදාහරණයක් විදියට මහින්දගේ ජනතා විරෝධී ක්‍රියාකාරකම් නතර කරන්න බලයට පැමිණි වත්මන් ආණ්ඩුවත් ඔහුගේ පාරේම යමින්, මේ වන විට ඌව වෙල්ලස්සේ ඉඩම් අක්කර හැටදෙදහස් පන්සියයක් විජාතිකයන්ට දෙන්න තීන්දු කරලා ඉවරයි.
එදා මහින්ද යුගයේ ඉඳලා අද වෙනකම් මේ පාවා දීමට එරෙහිව ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ සංවිධානය විදියට අපි ජනතාව සමඟ එකතු වෙලා මෙම තත්ත්වයට එරෙහිව කටයුතු කරමින් ඉන්නවා.
ප්‍රදේශයේ තරුණ, තරුණියන්ට රැකියා අවස්ථා සලසනවා වෙනුවට දුවා දරුවන්ගේ අනාගත අයිතීන් සුරක්ෂිත කරනවා වෙනුවට මේ දෙගොල්ලන්ම කටයුතු කරන්නේ ඔවුන්ගේ අනාගතය විජාතිකයන්ට බිලි වෙන විදියට.

අපේ රටේ දිළිඳුම ජනතාවක් ජීවත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් අයත් වන්නේ ඔබේ ප්‍රදේශයට. එහි ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳව ඔබේ පැහැදිලි කිරීම කුමක්ද?

ලංකාවේ දෙවැනි සහ තෙවැනි ස්ථාන ගන්නා දිළිඳුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක අයත් වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයට. ඒ රිදීමාලියද්ද සහ කන්දකැටිය. පළමුවැනි තැන අයත් වෙන්නේ සියඹලාණ්ඩුවට. ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනම ඌව පළාතේ. ප්‍රදේශයේ ආණ්ඩු කරන දේශපාලනඥයෝ ලැජ්ජා වෙන්න ඕනෑ.
මේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවන මාර්ගය වෙන්නේ කෘෂිකර්මාන්තය. ඒකෙන් වී ගොවිතැන ප්‍රධානයි. මහවැලි ව්‍යාපාරය, මාපාකඩ ව්‍යාපාරය, දම්බරාව ව්‍යාපාරය සහ නාගදීප ව්‍යාපාරය ප්‍රධාන වශයෙන්ම වී ගොවිතැනට දියවර සපයනවා. නමුත්, පසුගිය යල් කන්නයේ මේ ජනතාවගේ ගොවිතැන් කටයුතුවලට වතුර ටික දෙන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ඒ නිසාම ඔවුන් වැඩ කළේ ඔවුන්ගේ කුඹුරුවලින් භාගයයි. ඒ ටිකටත් පොහොර සහනාධාරය නිසි පරිදි ලැබුණේ නැහැ. අමාරුවෙන් ගොවිතැන් කළාට ඔවුන්ගේ අස්වැන්නට සාධාරණ මිලක් ලැබුණෙත් නැහැ. විශේෂයෙන්ම නාගදීප ව්‍යාපාරයෙන් ජලය ලබා ගන්නා ගොවි ජනතාව වර්ෂය පුරාම ජලය පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටිනවා.
ඊට අමතරව ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙලා තියෙන්නේ ගඩොල් කර්මාන්තය සහ වැලි ගොඩ දැමීම කියන වෘත්තීන්. නමුත්, මේ වන විට මෙම ව්‍යාපාරත් කිහිප දෙනෙක් අතට කේන්ද්‍රගත වෙමින් තිඛෙනවා. ඒ නිසාම මහියංගනය හා අවට ජනතාවගේ ආදායම් මාර්ග වෙලා තිබුණු කෘෂිකර්මාන්තය වාගේ ම අනෙකුත් වෘත්තීනුත් ඔවුනට අහිමි වෙමින් තිඛෙනවා.

නව රැකියා උත්පාදනය කිරීම සම්බන්ධව ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන්ගේ හා ආණ්ඩුවේ මැදිහත් වීම කොයි වගේද?

අවුරුදු පහළොවක පමණ කාලයක් පුරා මහියංගනය ආසනය තුළ ඒ සඳහා මැදිහත් වීමක් කරලා නැහැ. නව රැකියා උත්පාදනය අරමුණු කරගෙන කර්මාන්ත ශාලාවක් හෝ වෙනත් ව්‍යාපාරයක් ආණ්ඩුව විසින් ආරම්භ කරලා නැහැ.
ඒ වාගේම තමයි, මහියංගන කොට්ඨාසයේ පාසල් අසූඑකක් තියෙනවා. අපේ ප්‍රදේශයේ දරුවෙකුට මූලිකව අධ්‍යාපනය ලබන්න තරමකට හෝ පහසුකම් තියෙන එක ජාතික පාසලයි තියෙන්නේ. එම විදුහලේත්, අනෙකුත් පාසල්වලත් මානව හා භෞතික සම්පත් හිඟය ඉතා ම බරපතළයි. නගරයෙන් ඈතට වන්නට තියෙන දුෂ්කර පාසල්වල තත්ත්වය ඉතාමත්ම කනගාටුදායකයි.

ඔබේ ප්‍රදේශයේ වකුගඩු රෝගීන් පිළිබඳව වාර්තා වීම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිඛෙනවා නේද?

ඒක ඛේදවාචකයක් තරමට බරපතළයි. බෝ නොවන රෝගයක් වුණත්, බෝ වෙන රෝගයක් තරමටම වකුගඩු රෝගීන් ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිඛෙනවා. නමුත්, ප්‍රතිකාර සඳහා අවශ්‍ය කරන පහසුකම් රෝහල්වල ඇත්තේ නැහැ.
විශේෂයෙන්ම මහවැලි ‘සී’ කලාපයේ ජනතාව මෙම උවදුරට ශීඝ්‍රයෙන් ගොදුරු වෙමින් සිටිනවා. ඔවුන්ගේ පවුල්වල ආර්ථීකය බරපතළ විදියට කඩාවැටිලා. ජීවිත කඩාවැටිලා. ඇවිදින මළකඳන් බවට පත් වෙමින් සිටිනවා.
‘සී’ කලාපයේ එක පවුලක හතර දෙනෙකු පමණ වකුගඩු රෝගීන් බවට පත් වෙන තරමට තත්ත්වය උග්‍ර වෙලා තියෙනවා. වකුගඩු රෝගියකු වෙනුවෙන් ආණ්ඩුවෙන් රුපියල් තුන් දහසක මුදලක් ගෙවනවා. නමුත්, එක ගෙදරක රෝගීන් කී දෙනෙක් හිටියත්, ගෙවන්නේ තුන්දාහම විතරයි. තමන්ගේ ආර්ථීකය කඩාවැටුණු පවුලකට රුපියල් තුන්දාහක් මොනවා කරන්න ද කියන ප්‍රශ්නය අපි ආණ්ඩුවෙන් අහනවා. ආණ්ඩුවට ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සංවේදී බවක් ඇත්තේ නැහැ.
වී ගොවිතැනට අමතරව හේන් ගොවිතැන ජීවනෝපාය කර ගත් විශාල ජනතාවක් අපේ ප්‍රදේශයේ සිටිනවා. වගාවන්වලට සිදු වන හානිවලදී, වල් අලින්ගේ බලපෑම විශාල වශයෙන් තියෙනවා. මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කිසිදු පාලකයකුට මේ වන තුරු හැකියාවක් ලැබිලා නැහැ.

එළඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් ඔබගේ පක්ෂයේ සූදානම කොහොමද?

පසුගිය කාලය පුරාවට පැවති දූෂිතම ප්‍රාදේශීය සභා දෙකක් තමයි, මහියංගනය හා රිදීමාලියද්ද කියන ප්‍රාදේශීය සභා දෙක. මහියංගනය නගරයේ ඉදි කිරීම්වලදී දේශපාලකයන්ගේ මැදිහත් වීම මත කෝටි ගණනක වංචා සිද්ධ වෙලා තියෙනවා. මම පළාත් සභාවේ සිටි කාලය තුළ පිටු දහඅටක වාර්තාවකින් මේ පිළිබඳව පළාත් සභාව දැනුම්වත් කළා. සී.අයි.ඩී.යට පැමිණිලි කළා. නමුත්, ඒ දූෂිත නායකයෝම එදා මහින්දගේ පිලේ හිිටියා වාගේම අද මෛත්‍රීගේ පිලේ හිඳගෙන ඉන්නවා. ඒ අනුව මෛත්‍රීපාල ජනාධිපතිවරයාත් මහින්ද වාගේම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හොරුන් නඩත්තු කරමින්, ආරක්ෂා කරමින් ඉන්නවා. ඒ අනුව පොදුවේ ගත්තාම කියන්න තියෙන්නේ, මහින්ද රාජපක්ෂ පාලනය වාගේම වත්මන් රනිල් – මෛත්‍රී හවුල් පාලනයත් ගමන් කරන්නේ එකම මාර්ගයේ කියන එක විතරයි.
හොරුන්ට හා දූෂිතයන්ට ආරක්ෂාව සලසමින්, තමනුත් හොරකම් කරන ගමන් තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ජනතාව දීපු ජනවරම අවභාවිතාවේ යොදවන එක තමයි, මේ අය කරමින් ඉන්නේ. මේවාට පිළිතුරු දෙන්න ළඟදීම ජනතාවට අවස්ථාවක් ලැඛෙනවා. එහිදී ඔවුන් රටේත්, තම දරුවන්ගේත් පැවැත්ම වෙනුවෙන් බුද්ධිමත්ව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.